UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රුහුණු පොසොන් මහා පෙරහර

සම්බුදු පියාණන් වහන්සේ තෙවැනිවර වෙසක්පුන් පොහෝ දින ලක්දිව වැඩි අවස්ථාවේ ඓතිහාසික තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටි බිමෙහි සමවත් සුවයෙන් කල් ගත කර ඇත. උන්වහන්සේගේ පිරිනිවීමෙන් අනතුරුව වම් දළදා වහන්සේ සහ ළලාට ධාතුන් වහන්සේ නිධන් කොට තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකළ බවට සෙල්ලිපි සහ වංශ කතා සාක්ෂි දරයි. 362 ක් ආරාමයන්ගෙන් සමන්විත වූ මෙම පුණ්‍ය භූමියෙහි අතීත රජ දවස 12000 ක් මහ රහතන් වහන්සේලා වැඩ වාසය කොට ඇත. මේ නිසා ඓතිහාසික තිස්සමහාරාම මහා විහාරස්ථානය දිවයිනේ පිහිටි විහාරස්ථානයන් අතර අග්‍රගන්‍ය විහාරස්ථානයක් වන අතර රුහුණේ ග්‍රාමවාසි මූලස්ථානය ද වේ.

තිස්සමහාරාම චෛත්‍යය රාජයාණන් වහන්සේගේ 1900 වර්ෂයේ පොසොන් පොහෝ දින සිදු කරන ලද කොත් පැලඳවීම නිමිති කොටගෙන වාර්ෂිකව පවත්වාගෙන යනු ලබන ඓතිහාසික රුහුණු පොසොන් මහ පෙරහර මුල් කොට ගනිමින් මසකට අධික කාලයක් පැවැත් වෙන බෝධි පූජා, ධර්ම දේශනා, අටවිසි බුද්ධ පුජා , සහ සති පිරිත් දේශනාව ආදී විශාල පින්කම් රාශියක් පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වේ.

ජුනි මස 18 වන පොසොන් පොහෝ දින රුහුණු පොසොන් මහ පෙරහරේ මංගල හස්ථි රාජයා මත සර්වඥ ධාතු කරඬුව තැන්පත් කිරීම ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සිදු කෙරේ.

වාර්ෂික උත්සවය දින 07 ක රජයේ ගැසට් නිවේදනයකින් නිවේදනය කරයි. ජුනි 18 වන දින රාත්‍රි 8.00 සිට මහ පෙරහර වීදි සංචාරය කරයි. ලක්‍ෂ 10 ක පමණ ජනතාව වාර්ෂිකව තිස්සමහාරාම පෙරහර නැරඹීමට පැමිණේ. උඩරට සබරගමු, පහතරට , නැටුම් , ශිල්පීන් 3000 ක් පමණ සහ අලි ඇතුන්ගෙන් සමන්විත වේ.

මෙවර පොසොන් මහා පුණෝත්සවයට සහ රුහුණු පොසොන් මහා පෙරහර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමන්ලාගේ මූලිකත්වයෙන් ජනාධිපති මහජන සම්බන්ධීකරණ අධ්‍යක්‍ෂ වජිර ඉරුගල් බණ්ඩාර මැතිතුමාගේ සම්බන්ධීකරණයෙන් යුක්තව රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල දායකත්වයෙන් සංවිධානය කරනු ලබන බව තිස්සමහාරාම සඳගිරි උභය රජ මහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියෝ සඳහන් කරති.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 8.25 ට ලබයි.
11 වන දා බදාදා පූර්ව භාග 8.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 10 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 18 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]