UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මායා රට ජාතික පොසොන් උදානය වාද්දුව සමුද්‍රාරාම විහාරස්ථානයේ දී

වාද්දූව සමුද්‍රාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂික පොසොන් මහා පෙරහර 27 වන වතාවටත් නව විශේෂාංග රැසකින් යුතුව අති උත්කර්ෂවත් අන්දමින් මෙවර ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මායාරට ජාතික පොසොන් උදානය යටතේ ජූනි 01 දින සිට 22 දින දක්වා පැවැත්වෙන එම මහා පොසොන් මංගල්‍යයේ දී පින්කම් රැසක් පැවැත්වේ.

ජූනි මස 01 දින සිට 07 දින දක්වා විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේ විසින් ධර්මදේශනා මාලාවක් පැවැත්විණි. එම වැඩසටහන මෙසේ ය.

08 දින රාත්‍රී 9.00 ට ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ ලක්වැසි ජනතාවට සෙත් ශාන්තිය පතා සති පිරිත් දේශනය ආරම්භ වේ. 13 දින රාත්‍රී සූත්‍ර දේශනය, 14 දින රාත්‍රී අනුශාසනාව හා දොරකඩ අස්න, 15 දින දහවල් ශතාධික මහා සංඝගත දක්‍ෂිණාව, 16 දින පෙරවරු 9.00 මල් පෙරහර තල්පිටිය ලෝලුගස් මංකඩ හන්දියේ සිට විහාරස්ථානයට පැමිණීම ද 17 දින පෙරවරු 09.00 මල්පෙරහර, වාද්දූව මධ්‍ය මහා විද්‍යාලයේ සිට විහාරස්ථානයට පැමිණීමද සිදු කැරේ. 18 දින පස්වරු, 2.00 ත්‍රිපිටක ධර්මග්‍රන්ථ වැඩමවීම සහ සිල් පෙරහරට වාද්දූව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ සිට වාද්දූව සමුද්‍රාරාමයට පැමිණීම 20 දින, වාද්දූව, මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය, වාද්දූව සමුද්‍රාරාමය යන උභය විහාරාධිපති, පාණදුර දකුණ ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති, රයිගම් සල්පිටි ‍ෙදකෝරළයේ උප ප්‍රධාන සංඝනායක බෝපිටියේ ධම්මිස්සර නාහිමියන් විසින් ලියන ලද “ශ්‍රී මායා පොසොන් උදානය” නමැති ග්‍රන්ථයේ මුල් පිටපත පෙ.ව. 10.00 ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපති මන්දිරයේ දී පිළිගැන්වීම. 21 දින රාත්‍රී 7.00 උඩ, පහත, සබරගමු හා රුහුණු නැටුම් සංදර්ශන සහිත අලි ඇතුන් පිරිවරා ගත් පොසොන් මහා පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භය, 22 දින රාත්‍රී 7.00 දේවදානය පිරිනැමීමෙන් පසු පොසොන් උදානය අවසන් වේ. දහම් පාසල් භක්ති ගීත ප්‍රදර්ශන තරගාවලිය, පොසොන් කූඩු තරගය, බොදු නාට්‍ය සංදර්ශන, රූකඩ දර්ශන ජූනි 15 දින සිට 20 දින දක්වා පැවැත්වෙන අතර පොසොන් තොරණ තුනක් ද 18 දින සිට 22 දින දක්වා ප්‍රදර්ශනය කෙරේ.

මායාරට ජාතික පොසොන් උදානය සාර්ථක කර ගැනීමට කළුතර දිසාපති කාර්යාලය සංස්කෘතික කලා අංශය, කළුතර හා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කළුතර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලය, ජනාධිපති ආගමික ලේකම් කාර්යාලය, ඡ්‍යොතිෂ පුරවැසි සංගමය සන සංවිධානය හා ආයතන වලින් පූර්ණ සහයෝගය ලබා දී ඇත.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 8.25 ට ලබයි.
11 වන දා බදාදා පූර්ව භාග 8.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 10 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 18 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]