UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රටට සෙත් පතා රතන සූත්‍ර දේශනා පින්කමක්

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකාවාසී සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙම මස 23 වන දා සිට ජනවාරි මස 01 වන දා අලුයම දක්වා නොකඩවා දින නවයක් තුළ 07 වන වරටත් රතන සූත්‍ර දේශනා පින්කමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

හෙළ බොදු හැදියාව ඔපවත් කළ සටහන

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පිරූ සම තිස් පාරමී ධර්මයන්ගේ පුණ්‍ය මහිමයෙන් පංච මාරයන් දිනීමෙන් ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පැමිණ වදාළ පසු තමන් වහන්සේ පිට දුන් බුද්ධගයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සතියක් මුළුල්ලෙහි පැවැත්වූ අනිමිස ලෝචන පූජාවෙන් කෘතෝපකාරය පිළිබඳ අතිශ්‍රේෂ්ට ගුණය ප්‍රථමයෙන් ප්‍රකට කර වදාළ සේක.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සග-මොක් සුව දෙන කලණ මිතුරා

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

අසේවනා ච බාලානං
පණ්ඩිතානං ච සේවනා
පූජාච පූජ නීයානං
ඒතං මංගල මුත්තමං
(මංගල සූත්‍රය)

පින්වත්නි,

තථාගත ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ පහළවීම සසර දුකින් වෙලී සිටින මිනිසාට ආලෝකයකි. තථාගත බුදුපියාණන් වහන්සේගේ දහම් පද, කල්‍යාණ මිත්‍රයෙකි. අඳුරේ අතපත ගාමින් සංසාර ජීවිතයේ විවිධ දුක් කම්කටොලු අත්විඳිමින් මේ යන භායනක ගමනේ දී තථාගත දේශනාව මහා පහන් ටැඹක් සේ හිඳිමින් අපට ධර්ම ඤාණය ධර්මාලෝකය සපයයි. එහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් කරුණු ත්‍රිපිටක සූත්‍ර වශයෙන් ගත් කල්හි විශාල ප්‍රමාණයකි. එයින් මහා මංගල සූත්‍රය අපගේ පරලොව ජීවිතයට වඩා මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට දේශනා කළ වැදගත් සූත්‍ර දේශනාවකි. එහි මංගල කරුණු 38 ක් දේශනා කර තිබේ.

ඉතිරිය»

කැලණියේ දුරුතු උළෙලට දිනපතා දම් දෙසුම්

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි 2008 ජනවාරි 14 වැනි දා දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත් වේ.

ඉතිරිය»

සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ බෝ සමිඳු වැඩමවාගෙන පැමිණි නෞකාව දඹකොළ පටුනට ළගා වූ අවස්ථාවේදී දේවානම්පියතිස්ස මහ රජතුමා - තමන්ගේ ගෙල තෙක් මුහුදු ජලයට බැස - බෝධි ශාඛාවපිළිගත් අයුරු. සිතුවම - සරත් නන්ද කුමාර

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]