UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රටට සෙත් පතා රතන සූත්‍ර දේශනා පින්කමක්

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකාවාසී සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙම මස 23 වන දා සිට ජනවාරි මස 01 වන දා අලුයම දක්වා නොකඩවා දින නවයක් තුළ 07 වන වරටත් රතන සූත්‍ර දේශනා පින්කමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. පිරිත් පින්කම පැවැත්වෙන සෑම දිනකම උදෑසන බුද්ධ පූජා පින්කමක් සහ සවස 7.00 ට අටිවිසි බුද්ධ පූජා පින්කමක් ද පැවැත් වේ. පිරිත් කර ගැනීමට අවශ්‍ය තෙල් හා වෙනත් ද්‍රව්‍ය වර්ග දෙසැම්බර් මස 20 වන දා සිට 22 වන දා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 වන තෙක් බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයට භාර දිය හැකිය.

ජනවාරි මස 01 වන දා උදේ 6.00 ට විශේෂ බෝධි පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායනයක් කොට සමස්ත රට වාසීන්ටම නව වසර සඳහා ආශිර්වාද කිරීමට කටයුතු යොදා ඇත. 2699561 දුරකථන අංකයෙන් විස්තර දැනගත හැකිය.

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]