UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ඔබේ අසල්වැසියා ඔබ ම ය

අද දින කතු වැකිය සඳහා තෝරා ගත් මාතෘකාවට පිවිසීම පිණිස ඉන්දියාවේ ජනාධිපතිවරයකු වශයෙන් සිටි ශ්‍රී සර්වපල්ලි රාධාක්‍රිෂ්ණන් ගේ අදහසක් උපුටා දැක්වීම මැනවැයි සිතූවෙමු.

“ඔබේ අසල්වැසියා හට ඔබට මෙන් ම ඔබ පේ‍්‍රම කළ යුතු ය. මක් නිසාද යත් , ඔබේ අසල්වැසියා ඔබ ම ය. ඔබේ අසල්වැසියා ඔබ නො ව වෙනත් අයකු යැයි සිතීම මායාවකි.”

ඔබ ගේ අසල්වැසියා පිළිබඳ හැඟීමක් ඔබට ලබාදීමට අප මෙ සේ උත්සාහ දැරීමට හේතුව , අසල්වැසියා ගැන අවබෝධය ඔබ ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන නිසා ම නො වේ. අසල්වැසියා මෙන් ම ඔබ ද එක ම ඉරණමක කොටස් කරුවන් බවට පත් වූ ලෝකයක් නිර්මාණය වී ඇති නිසා ය. පරිසර හිතකාමී ජීවන රටාවක් ඔබ සතු වුව ද අසල්වැසියන් ගේ අහිතකර ක්‍රියාකාරකම් නිසා හෙට ඔබට මුහුණ දීමට සිදුවන අනතුරක් වෙත අවධානය යොමු කැරීම පිණිස ශ්‍රී සර්වපල්ලි රාධාක්‍රිෂ්ණන් පඬිවරයා ගේ එම අදහසින් ආලෝකයක් ලබා ගත හැකි යැයි අපි සිතමු.

මිහිතලය උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙස උත්තර ධ්‍රැවය ආශි‍්‍රත හිම කඳු දිය වී ක්‍රි.ව. 2100 පමණ වන විට සෙ.මී. 18 සිට සෙ.මී 88 දක්වා ප්‍රමාණයකින් මුහුදු මට්ටම ඉහළ යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන අනතුරු අඟවා තිබේ. එම අනතුරු ඇඟවීම අනුව ශ්‍රී ලංකාවේ වෙරළ ආශි‍්‍රත ප්‍රදේශ පමණක් නො ව ලන්ඩන් හා නිව්යෝර්ක් වැනි නගර ද මුහුදු ජලයට ගොදුරු විය හැකි ය.

දැඩි අවධානය යොමු වි ඇති මේ කාරණය පිළිබඳ ව පරිසර විශේෂඥයන් පසුගිය 15 වන දා තෙක් දෙසතියක් පුරා සාකච්ඡා කැර තිබේ. ඉන්දුනීසියාවේ බාලි දුපතේ නූසා ඩුවා නුවර දී පැවැති කාලගුණ විපර්යාස පිළිබඳ එම සමුළුව ලොව සියලු දෙනාට එක සේ වැදගත් ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වන ලද එම සමුළුවට රටවල් එකසිය අනූවක නියෝජිතයෝ සහභාගි වූ හ. එහෙත් 2009 වසරේ දී මිහිකත උණුසුම් වීම වැළැක්විමට සම්මත කළ යෝජනාව ඇමරිකාවේ විරෝධය නිසා අර්බුදයට ලක්ව තිබේ.

බාලි සමුළුවේ යෝජනාවෙහි ඇතුළත් හරිතාගාර වායු පරිසරයට නිකුත් කිරීම සීමා කැරෙන වගන්තියෙන් චීනය හා ඉන්දියාව වැනි වේගයෙන් සංවර්ධනය වන රටවලට අසාධාරණයක් විය හැකි බව ඇමරිකාවේ තර්කය යි. එ සේ වුව ද මිහිකත උණුසුම් වීම නිසා මේ සියවස අවසන් වන විට ඇති විය හැකි කාලගුණික විපර්යාසයන් හේතුකොට ගෙන ලොව පුරා වෙසෙන දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට නිවාස හා ආහාර අහිමි වීම මෙන් ම රෝග පැතිරී යෑමේ අවදානමක් ඇතැ යි විද්‍යාඥයෝ පවසති.

අප ගේ අසල්වාසීන් ගේ පමණක් නො ව දුරස්ථ ඥාතීන් ගේ ද අහිතකර හැසිරීම නිසා අපට මුහුණ දීමට සිදු වන මේ අනතුරෙන් මිඳිය හැක්කේ කෙ සේ ද? කියතෝ සම්මුතිය හෝ බාලි සම්මුතිය මඟින් බලවත් රාජ්‍යයන්ට යහපත ඉගැන්විය නො හැකි බව පැහැදිලි කාරණයකි. එ සේ නම් ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයක් බලවතුන් ගේ අයහපත් හැසිරීම හමුවේ නිහඬ ව පරාජය බාර ගත යුතු ද? මෙහි දී අපට ඇත්තේ එක ම විසැඳුමක් පමණි. මානව දයාවෙන් පිරිපුන් පරිසර හිතකාමී බුදු දහම ලෝකයට රැගෙන යෑම මෙයට ඇති එක ම විසැඳුම ය. බාලි සමුළුව හෝ වෙන යම් කුමන අන්තර්ජාතික සමුළුවක දී වුව ද බුදු දහම සැබෑ විසැඳුමක් බව පෙන්වා දීමට අපට හැකියාව තිබිය යුතු ය. එහෙත්, අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට බුදු දහම උපයෝගී කැර නො ගන්නා රටකට ඒ සඳහා සුදුසුකමක් තිබේ ද යන්න ප්‍රශ්නයකි.

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]