ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ අව අටවක පෝ දා 2026 අගෝස්තු 06 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අගනුවර බෞද්ධ සහ සුබසාධක සංගම් එකමුතුවෙන් විසි දෙවැනි වරටත් සංවිධාන කළ සියක් නමක් ස්වාමීන් වහන්සේ සංසුන් පා ගමනින් වැඩම කළ පිණ්ඩපාත චාරිකාව පසුගියදා පැවැත්විණි. සම්බුද්ධාලෝක විහාරාධිපති, මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියන්යගේ අනුශාසනා පරිදි, කොටුව සම්බුද්ධාලෝක විහාරවාසී, අධ්‍යාපන අමාත්‍යාංශයේ කොළඹ පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, පොල්ගස්ඕවිට නෙළුම්විල විහාර නිර්මාතෘ, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත විතාරන්දෙණියේ මේධානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන්, දහම් පාසල් සහ පාසල්වල දරුවන්ට උපකාර කිරීමයි. මුල් කාලයේ දී මෙම පිණ්ඩපාත චාරිකාවෙන් එක්රැස් කළ භාණ්ඩ ප්‍රදානය කළේ හමුදා රෝහල්වලට සහ ආබාධිත පුද්ගලයන්ටයි. පසුව අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට ප්‍රදේශවල වැඩ සිටින සාමණේර පොඩි හාමුදුරුවන් වහන්සේට මෙලෙස එකතු වන භාණ්ඩ ලබා දීම සිදු කෙරිණි. පසුගිය වසරේ දී මෙලෙස එක්රැස් කළ භාණ්ඩ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ලබාදීම වෙනුවෙන් බදුල්ලට සහ නවගමුවට රැගෙන ගියහ. මේ වසරේ දී සිදු කෙරුණු පිණ්ඩපාත චාරිකාවෙන් මිලියන දෙකකට ආසන්න වටිනාකමක් ඇති භාණ්ඩ ලැබුණු අතර, ඒවා හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල දුෂ්කර පිරිවෙන් වෙත ලබා දීමට පියවර ගෙන තිබේ.
අගෝස්තු 05 බදාදා අ.භා. 08.40න් අව අටවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.50න් ගෙවේ. 06 බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
ජූලි 27
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]