[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

පඤ්චසතික පඨම මහා සංගීතිය

එකල රජගහ නුවර හැම ලෙසින් ම සමෘද්ධ ය. අජාසත් රජු ද ඉමහත් සැදැහැයෙන් ශාසනය කෙරෙහි වියදම් කරයි. හොඳීන් සසුන ද රකියි. සෙනසුන් පහසුව ද තිබේ. එබැවින් රජගහ නුවර දී සංගායනාව කළ මනා යැයි තීරණය කැර “සංගායනාවට පෙනී සිටින පන්සිය දෙනා වහන්සේ හැර සෙසු වහන්දෑ රජගහ නුවර වස් නො විසුව මනා යැයි කර්ම වාක්‍යයෙන් සම්මත කළහ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් දින හතක් ගත වූ තැන මහලු කල පැවිදි වැ ඒ පිරිස්හි ම වුසූ “සුභද්‍ර” නම් මහණ තෙමේ අඩන වහන්දැ වෙත ගොස් මෙසේ වදාළහ. “අලං ආවුසෝ මා සෝචිත්ථ මා පරිදේවිත්ථ සුමුත්තා මයං තේන මහා සමණේන, උපද්දුතා ව හෝම ඉදං වෝ කප්පති ඉදං වෝ න කප්පතීති ඉදානි පන මයං යං ඉචිඡාස්සාම තං කරිස්සාම’ ඇවැත්නි සිදු වූ දේ යහපති. ශෝක නොකරවු. විලාප නොකියවු. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය, ‘මෙය තොපට අකැප ය යි’ කියමින් හිරිහැර කරනු ලැබුවෝ වෙමු. මෙවක් පටන් අපි යමක් කැමැත්තෝ වෙමු නම්, එය කරමු. යමක් නො කැමැත්තෝ වෙමු නම්, එය නො කරමු යැයි කී ය. ඒ මහලු මහණා ගේ සැහැසි වදන් “මහකසුප්” මහ තෙරුන්ට ද ඇසිණ. එය සිතේ තබාගෙන මහකසුප් මාහිමියෝ සපිරිවරින් ආදාහන ස්ථානයට වැඩම කොට තථාගත ශ්‍රී පාද යුග්මය මස්තකයෙහි තබා වැන්දහ. ඉන්පසු සෑය ඉබේ ම ගිනි ඇවිල ගති. සුභද්ද ගේ සැහැසි වදන් ඇසූ මොහොතේ සිට තථාගතයන් වහන්සේගේ ආදාහනයෙන් පසු ධර්ම සංගායනාවක් කිරීමට මහකසුප් මහ රහතන් වහන්සේගේ සිත්හි තදින් බල පැවැතුණි. අනාගතයෙහි පාප භික්ෂූහු ශාස්තෘ කෙනකුන් නැති ධර්මය යැයි, සිතා පක්ෂ භේදයට පැමිණ සද්ධර්මය විනාශ කරන්නාහ. ධර්ම විනය රැකුණොත් තථාගතයන් වහන්සේ ජීවමාන වැ වැඩ සිටින්නාක් මෙන් බව ‘යෝ වො ආනන්ද මයා ධම්මො ච විනයෝ ච දේසිතො පඤ්ඤත්තො සෝ වෝ මමච්චයේන තුම්හාකං සත්ථා’යි බුදු මුවින් ම ප්‍රකාශ කොට ඇති හෙයින් පන්දහසක් කල් බුදු සසුන රැකෙන්නට නම් ධර්ම විනය රැක්ක මනා ය.


ඇසළ අව අටවක

අගෝස්තු 05 බදාදා අ.භා. 08.40න් අව අටවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.50න් ගෙවේ.
06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍ජූලි 27


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]