ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ අව අටවක පෝ දා 2026 අගෝස්තු 06 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
තමන් වහන්සේ අවබෝධ කළ පටිසෝතගාමී වූ, සියුම් වූ, ගම්භීර වූ, දැකීමට දුෂ්කර වූ ලෝකෝත්තර දහම තෘෂ්ණා වසඟ වූ ලෝ සතුන්ට දේශනා කිරීමට උන්වහන්සේගේ සිත මන්දෝත්සාහී විය. එකල්හි සහම්පතී බ්‍රහ්මරාජ තෙමේ සිය සිතින් අප භාග්‍යවතුන් වහන්සේගේ සිත පිරිසිඳ දුටුවේ ය. බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තෙරුවන මේ ලෝ තලයේ පහළ වන්නේ ඉතාමත් කලාතුරකිනි. එබඳු කාලයක දෙව් මිනිසුන් අතර උපදින වාසනාවන්ත සුළු පිරිසකට ඒ තෙරුවන් සරණ යෑමේ භාග්‍ය උදාවේ. ඒ උතුම් තිසරණයේ පිහිට සලසා ගත හැකි දුර්ලභ අවස්ථාවක් යළිත් ලෝකයට උදා වූයේ මේ මහා භද්‍ර කල්පයේ සතර වැනි වරට අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වීමෙනි. පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී වශයෙන් සමතිස් පාරමී පිරූ අප මහා බෝසතාණන් වහන්සේ පෙරුම් පුරන අවසන් ආත්ම භාවය වූ වෙස්සන්තර ආත්ම භාවයේ දී මිහිකත හඬවමින්, මහ දන් දී සන්තුසිත නම් දිව්‍ය රාජ ව තුසිත දෙව්ලොව උපන්හ. සම්බුදු උපතට සුදුසු කාලය දකින මහා බ්‍රහ්මයා ප්‍රධාන සකල දෙවි බඹහු කෘතපුණ්‍ය ලක්ෂණයෙන් හෙබි බුද්ධාංකුර වූ සන්තුසිත දෙව්රජාණන් බැහැදක්නට තුසිත භවනයට වැඩියහ. ඔවුහු සාදර ගෞරවයෙන් සන්තුසිත දෙව්රජුහු හට ඇරයුම් කළහ. “මහා වීරයාණෙනි, සම්බුද්ධත්වය පිණිස මේ ඔබට කාලයයි. මිනිස් ලොව මව්කුසෙහි පිළිසිඳ ගත මැනැව. සදේවක ලෝකයා භව සයුරෙන් එතෙර කරවීම පිණිස අමෘත පදය නම් වූ ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා!ඇරයුම පිළිගත් අප මහ බෝසතාණන් වහන්සේ කාලය, ද්වීපය, දේශය, කුලය සහ මව් යන පස් මහා බැලුම් බැලූ සේක. පිළිසිඳ ගැනීම පිණිස සුදුසු බෝසත් මාතාව සොයන කල්හි පූරිත පාරමිතාවන්ගෙන් හෙබි පාරිශුද්ධ සිල් ඇති උතුම් ගුණයන්ගෙන් අනූන වූ සුදොවුන් මහරජුන්ගේ අග්‍ර මහේෂිකාව වූ මහාමායා නම් දේවිය දුටු සේක. අනේක ප්‍රකාර අද්භූත අසිරිය සිදුවෙමින් අපගේ මහ බෝසතාණෝ ඒ මව්කුස පිළිසිඳ ගත් සේක. ඒ ඇසළ පුන් පොහොය දවසකයි.
අගෝස්තු 05 බදාදා අ.භා. 08.40න් අව අටවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.50න් ගෙවේ. 06 බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
ජූලි 27
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]