[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

මුනි සිරිපා පහසින් සුපූජිත මුතියංගණ රාජමහා විහාරය

මුතියංගණ රාජමහා විහාරය ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ පස්සර පාරට යාබද ව පිහිටා ඇත. සුන්දර බදුලු ඔය ගලා බසින්නේ මේ විහාරය අසලිනි. මෙහි ඉතිහාසය බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලය දක්වා ම දිවයයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී අට වැනි වර්ෂයේ වෙසක් පුන් පොහෝ දිනක පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟින් තුන් වැනි වරට කැලණියට වැඩම කළ අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාවකට අනුව මෙම භූමියට වැඩම කළ බව සමන්ත පාසාදිකාව නම් ග්‍රන්ථයේ සඳහන් වේ. තවද බුදුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණයෙන් පැහැදීමට පත් ඉන්දික නම් මෙම දිව්‍ය පුත්‍රයා සිහිවටනයක් ලෙස උන්වහන්සේගෙන් යමක් ඉල්ලූ විට දහදිය බිඳු කිහිපයක් ඔහුට දුන් බවත්, එම දහදිය බිඳු මුතු බවට පෙරලුණු බවත්, එම මුතු නිදන් කර මෙම සෑය ගොඩනැඟූ නිසා මුතියංගණ නම බිහිවූ බවත් මූලාශ්‍රවල සඳහන් වේ. මුතියංගණ රාජමහා විහාරය සොළොස්මස්ථානවලින් හත් වැනි තැන හිමි ස්ථානයයි. අනතුරුව දෙවනපෑතිස් රජු ක්‍රි. පූ. 307 – 267, දෙටුතිස් රජු ක්‍රි.ව. 263 – 273, ධාතුසේන රජු ක්‍රි. ව. 455 -473, මහා විජයබාහු රජු ක්‍රි. ව. 1055 – 1110, මහා පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1153 – 1186, පළමුවැනි රාජසිංහ රජු ක්‍රි.ව. 1581- 1593 සහ දෙවැනි රාජසිංහ රජු ක්‍රි. ව. 1635 – 1687 ආදීන් විසින් මෙම විහාරස්ථානය ප්‍රතිංස්කරණය කර ඇති බව ද සඳහන් වේ. ක්‍රි. පූ. 3 වැනි සියවසේ දී සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාවක් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලදී. මේ සෑම බෝ රුකකින් ම බෝ රුක් හතර බැගින් විකසිත වූ බවත්, මේ අනුව දෙතිස් ඵල රූහ බෝ ශාඛා ඇති වූ බවත්, එලෙස ඇති වූ දෙතිස් ඵල රූහ බෝධියක් දේවානම්පියතිස්ස රජු විසින් මුතියංගණ රාජමහා විහාරයට පූජා කරනු ලැබූ බවත් සඳහන් වේ. අද වන විටත් එම බෝධීන් වහන්සේ මෙම විහාර භූමියේ විරාජමාන ව වැඩ සිටිති. එම බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට බෝධිඝරයක් සාදා තිබේ.


ඇසළ අව අටවක

අගෝස්තු 05 බදාදා අ.භා. 08.40න් අව අටවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.50න් ගෙවේ.
06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍ජූලි 27


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]