[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අගනුවර පිණ්ඩපාත චාරිකාව 22 වැනි වරටත්

අගනුවර පිණ්ඩපාත චාරිකාව 22 වැනි වරටත්

අගනුවර බෞද්ධ සහ සුබසාධක සංගම් එකමුතුවෙන් විසි දෙවැනි වරටත් සංවිධාන කළ සියක් නමක් ස්වාමීන් වහන්සේ සංසුන් පා ගමනින් වැඩම කළ පිණ්ඩපාත චාරිකාව පසුගියදා පැවැත්විණි. සම්බුද්ධාලෝක විහාරාධිපති, මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියන්යගේ අනුශාසනා පරිදි, කොටුව සම්බුද්ධාලෝක විහාරවාසී, අධ්‍යාපන අමාත්‍යාංශයේ කොළඹ පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, පොල්ගස්ඕවිට නෙළුම්විල විහාර නිර්මාතෘ, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත විතාරන්දෙණියේ මේධානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන්, දහම් පාසල් සහ පාසල්වල දරුවන්ට උපකාර කිරීමයි.

මුල් කාලයේ දී මෙම පිණ්ඩපාත චාරිකාවෙන් එක්රැස් කළ භාණ්ඩ ප්‍රදානය කළේ හමුදා රෝහල්වලට සහ ආබාධිත පුද්ගලයන්ටයි. පසුව අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට ප්‍රදේශවල වැඩ සිටින සාමණේර පොඩි හාමුදුරුවන් වහන්සේට මෙලෙස එකතු වන භාණ්ඩ ලබා දීම සිදු කෙරිණි. පසුගිය වසරේ දී මෙලෙස එක්රැස් කළ භාණ්ඩ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ලබාදීම වෙනුවෙන් බදුල්ලට සහ නවගමුවට රැගෙන ගියහ. මේ වසරේ දී සිදු කෙරුණු පිණ්ඩපාත චාරිකාවෙන් මිලියන දෙකකට ආසන්න වටිනාකමක් ඇති භාණ්ඩ ලැබුණු අතර, ඒවා හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල දුෂ්කර පිරිවෙන් වෙත ලබා දීමට පියවර ගෙන තිබේ.

කොටුව සම්බුද්ධාලෝක විහාරයෙන් ආරම්භ වන මෙම පිණ්ඩපාත චාරිකාව මුදල් අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය, ගලදාරී හෝටලය, කින්ස්බරි හෝටලය, මහ බැංකුව, නාවික හමුදාව, ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය, සෙලින්කෝ ආයතනය, ලංකා බැංකු මූලස්ථානය, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තිබෙන සියලුම ආයතන, විශේෂයෙන් ආයෝජන මණ්ඩලය, සතොස, ලක්සල, කාගීල්ස් ආයතනය, වරාය අධිකාරිය, පොලිස් මූලස්ථානය, රේගුව, කොමර්ෂල් බැංකුව, ටෙලිකොම් ආයතනය, නිවාස සංවර්ධන මූල්‍ය බැංකුව, නිවාස සංවර්ධන අධිකාරිය, සාහාධිපත්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, ජාතික රක්ෂණභාර අරමුදල, මහජන බැංකු ජාත්‍යන්තර අංශය, මහජන බැංකු මූලස්ථානය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ජේ.එම්.සී ආයතනය, රජයේ යහසාධක සංගමය, ලේක්හවුස් ආයතනය දක්වා වැඩම කෙරේ.

මෙලෙස සෑම වසරක ම පිණ්ඩපාත චාරිකාවේ වැඩම කරන සියලුම ස්වාමීන් වහන්සේට දහවල් දානමය පින්කම සිදු කරන්නේත්, මහා සංඝ රත්නයේ ප්‍රත්‍ය පහසුකම් වෙනුවෙන් පැමිණෙන ගිහි පිරිසට ආහාරපාන ලබා දී සංග්‍රහ කටයුතු සිදු කරන්නේත් ලේක්හවුස් ආයතනයේ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙනි.

ඇසළ අව අටවක

අගෝස්තු 05 බදාදා අ.භා. 08.40න් අව අටවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.50න් ගෙවේ.
06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]