ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ අව අටවක පෝ දා 2026 අගෝස්තු 06 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති සහ බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේගේ අට වැනි වාර්ෂික ගුණානුස්මරණ පින්කම නිමිත්තෙන් ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වූ පින්කම් මාලාවක් පසුගියදා (25) බුත්තල යුදඟනාව රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
බෝධි පූජාමය පින්කම්, වියළි ආහාර බෙදා දීමක්, ගර්භනී මාතාවන් 60කට අවශ්‍ය උපකරණ ලබාදීමක්, අඩු පෝෂණ මට්ටමේ දරුවන් 120කට පෝෂ්‍යදායි ද්‍රව්‍ය ලබාදීමක් සහ දහම් පාසල් දරුවන් 350කට අධ්‍යාපනික උපකරණ බෙදා දීමක් සිදු කරන ලදී.
මෙම පින්කමට යුදඟනාව රාජමහා විහාරාධිපති, ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, ශාස්ත්‍රපති, පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන, ඌව වෙල්ලස්ස මඩකලපුව තෙපළාතේ උප ප්‍රධාන සංඝනායක කහම්බාන තිස්ලෙන් විහාරාධිපති කෙසෙල් වත්තේ විමලතිස්ස, ඔක්කම්පිටිය දෙමටමල් රාජමහා විහාරවාසී, දඹේයාය අභිනවාරාමාධිකාරී ඔක්කම්පිටියේ සුමනරතන හිමිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
ඩී. එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ
අගෝස්තු 05 බදාදා අ.භා. 08.40න් අව අටවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.50න් ගෙවේ. 06 බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
ජූලි 27
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]