Print this Article


බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ගුණානුස්මරණ පින්කමක් යුදඟනාව විහාරයේ දී

බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ගුණානුස්මරණ පින්කමක් යුදඟනාව විහාරයේ දී

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති සහ බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේගේ අට වැනි වාර්ෂික ගුණානුස්මරණ පින්කම නිමිත්තෙන් ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වූ පින්කම් මාලාවක් පසුගියදා (25) බුත්තල යුදඟනාව රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

බෝධි පූජාමය පින්කම්, වියළි ආහාර බෙදා දීමක්, ගර්භනී මාතාවන් 60කට අවශ්‍ය උපකරණ ලබාදීමක්, අඩු පෝෂණ මට්ටමේ දරුවන් 120කට පෝෂ්‍යදායි ද්‍රව්‍ය ලබාදීමක් සහ දහම් පාසල් දරුවන් 350කට අධ්‍යාපනික උපකරණ බෙදා දීමක් සිදු කරන ලදී.

මෙම පින්කමට යුදඟනාව රාජමහා විහාරාධිපති, ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, ශාස්ත්‍රපති, පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන, ඌව වෙල්ලස්ස මඩකලපුව තෙපළාතේ උප ප්‍රධාන සංඝනායක කහම්බාන තිස්ලෙන් විහාරාධිපති කෙසෙල් වත්තේ විමලතිස්ස, ඔක්කම්පිටිය දෙමටමල් රාජමහා විහාරවාසී, දඹේයාය අභිනවාරාමාධිකාරී ඔක්කම්පිටියේ සුමනරතන හිමිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.