[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 අම්ඹස්තල සෑ රදුන් වහන්සේ

පොසොන් අව අටවක

ජූලි 07 අඟහරුවාදා අ.භා. 01.22න් අව අටවක ලබා 08 බදාදා
අ.භා. 12.19න් ගෙවේ.
 07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

ලක්දිව එකලු කළ අනුබුදු මිහිඳු හිමි

සීමැඳුරු කවුළුව අසල සිටි නිරිඳුන්ගේ තියුණු දෑස් යොමුව තිබුණේ තමා විසින් සැටදහසක් බමුණන්ට දන් වළඳවන දන්හල වෙත ය. සන්සුන් බවින් තොරව, අවිනීත ලෙස බොජුන් අනුභව කරන පිරිස දුටු රජ තෙමේ ඒ කරුණින් ම ඔවුන් තුළ හරයක් නොමැති බව පසක් කර ගති. සිත් පහදවන අන්දමේ දක්ෂිණාර්භයන්ගේ දර්ශනය පතමින් සිටි නිරිඳුන් සීමැඳුරු කවුළුව අතරින් රාජාංගණය දෙස විඩාබර දෙනෙතින් බලා සිටින්නට විය. සකල ජම්බුද්වීපය ම තනි රාජ්‍යයක් බවට පත් කොට අහසේත්, පොළොවේත් යොදුනක ප්‍රදේශය පුරා නිරන්තරයෙන් තම ආඥාව පිහිටන රාජ ඍද්ධිය සහිත ව සිටින මෙතෙම පාටලීපුත්‍ර නගරයේ දී රාජාභිෂේකය ලැබූ අශෝක නිරිඳුන් ය. රාජ්‍යත්වය හේතුවෙන් බොහෝ පව් කළ බැවින් ‘චණ්ඩාශෝක’ නමින් පතළව සිටි අශෝක නිරිඳුන්ගේ දිවි ගමනේ දිශානතිය වෙනතකට යොමු කරවමින් දැමුණු ඉඳුරන් ඇති ව සන්සුන් පියොවින් රාජාංගණය හරහා වඩින සත් හැවිරිදි නිග්‍රෝධ නම් වූ රහත් සාමණේරයන්ගේ දසුන නිරිඳුන්ගේ විඩාබර දෙනෙතට රසඳුනක් විය. නරපතිඳුන්ගේ ඇරයුමෙන් රාජමාලිගයට වැඩම කොට සිංහාසනය මත වැඩ හුන් නිග්‍රෝධ රහතන් වහන්සේට රජු සියතින් ම දන් පැන් වැළඳවූයේ දක්ෂිණාවට සුදුසු උත්තමයකු මුණගැසීමේ පී‍්‍රතිය භුක්ති විඳිමිනි. දහම් අසනු කැමැති වූ නිරිඳුන්ට නිග්‍රෝධ මහරහතන් වහන්සේ සිඟිති මුවින්, ගම්භීර සරින් උතුම් ධම්මපදයේ අප්පමාද වර්ගයට අයත් සියලු දෙසුම් මැනවින් දෙසූ සේක. පිරිස සහිත රජු තිසරණ සහිත පංච ශීලයේ පිහිටවූ සේක. තෙරුවන් සරණේ මනාව පිහිටීමෙන් පසු අනේක පින්කම් කිරීම හේතුවෙන් හේ ධර්මාශෝක නමින් සුපතළ ව ගියේ ය. රජුගේ මෙම පරිවර්තනය ගෞතම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සනිටුහන් කළ හැරවුම් ලක්ෂ්‍යය විය.

අකම්පිත සිත් දැරූ ශාස්තෘන් වහන්සේ

ශාන්තිනායක තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිනක් ගිජ්ඣකූට පර්වත ප්‍රාන්තයෙහි සක්මනෙහි යෙදී සිටි සේක. බුදුරජාණන් වහන්සේ මරා දමන්නට ඕනෑ යැයි නොයෙක් උපක්‍රම කරමින් කල්ගත කළා වූ දෙව්දත් තෙර ඒ අවස්ථාවෙහි ගිජ්ඣකූට පර්වත මස්තකයට නැඟ පර්වත ප්‍රාන්තයෙහි සක්මනෙහි යෙදී සිටින බුදුරජාණන් වහන්සේ මරා දමන්නෙමි යි ඇතිකර ගත් පවිටු සිතින් මහ ගලක් ගිජ්ඣකූට පර්වත මස්තකයෙන් පෙරළා හැරියේ ය. දෙව්දතුන් හට බුදුගුණ තේරුම් ගත නොහැකි වුව ද, සිත් පිත් නොමැති වස්තු පවා බුදු අනුහසින් බුදුරජාණන් වහන්සේගේ ආරක්‍ෂාව සැලසීම ස්වභාවය බැවින්, වෙනත් ගලක් උඩට නැඟ පෙරළෙන්නා වූ ගලෙන් බුදු සිරුර නැසෙන්නට නොදී වළකා, ඒ ගලට හරස්ව සිටියෙන් ගල් දෙක ගැටීමෙන් ගැලවී ගිය පතුරක් බුදු සිරිපා මතැ හැපී ලේ තැල්මක් ඇති විය. බුදු සමිඳුන් නසන්නට යැයි කොතරම් උත්සාහ දැරුවත් කිසිවකුට එය කළ හැක්කක් නොවේ. යටත් පිරිසෙයින් බුදු සිරුරෙන් ලේ බිඳකුදු පිටවී යන්නට පවා සලසාලිය නො හැකි ය. මොනතරම් සතුරකුට වුවත් බුදු සිරුරට කළ හැකි ලොකු ම හානිය නම් තැලීමෙන් සිදුවන්නා වූ ලේ සෙළවීම පමණකි. දෙව්දත් ගල් පෙරළීමෙන් සිදු වූයේ ද එයයි. මෙසේ ගල් පතුරෙන් තැලී ලේ සෙලවී ගියෙන්, එය බුදුරජාණන් වහන්සේට මහත් වේදනාවක් විය. එවිට ගිජකුළු පව් මුදුනට නෙත් යොමු කළ බුදුරජාණන් වහන්සේට දක්නට ලැබුණේ ඊ මතැ සිටි පවිටු දෙව්දත් ය. ඔහු දුටු බුදුරජාණන් වහන්සේ ඔහු අමතා “බහු තයා මොඝ පුරිස අපුඤ්ඤං පසුතං යො ත්‍වං පදුට්ඨ චිත්තො වධක චිත්තො තථාගතස්ස ලොහීතං උප්පාදෙසීති.” හිස් පුරුෂය, නුඹ දුෂ්ට සිතින් තථාගත බුදුවරයාගේ ලේ සෙලවීමෙන් මහත් පවක් රැස් කර ගන්නා ලද්දේ යැයි ප්‍රකාශ කළ සේක.

සම්බුදු දහමේ හරය....

මනුෂ්‍ය වර්ගයා කාලයත් සමඟ වෙනස් වන බවත්, ඒ අනුව ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, අදහස් උදහස් සහ සිතුම් පැතුම් මෙන්ම ආගමික සංකල්ප ද වෙනස් වන බවත් මානව ඉතිහාසය දෙස බලන ඕනෑම කෙනකුට පහසුවෙන් සිතාගත හැකි ය. බුද්ධ ධර්මය මෙන්ම බෞද්ධ අදහස් උදහස් පිළිබඳ ව ද කිව යුත්තේ මෙය ම ය. ගෞතම බුදුරදුන් විසින් ඉන්දියාවේ මධ්‍ය දේශයේ ඇති කළ මේ ශාන්ත ධර්මය වරින් වර ඇති වූ බලවත් විපර්යාසවලට මුහුණ පෑමෙන් මේ පස්විසි සියවස තුළ වෙනස් වී ගිය බව ඉඳුරාම පළ කළ හැකි ය. බුදුරදුන් දවස ම බුද්ධ ධර්මය මූලික බුදු දහම හා ආරාමීය බුද්ධාගම වශයෙන් දෙආකාරව පැවති බවට සාධක තිබේ. මූලික බුද්ධාගම පැවතියේ බුද්ධත්වයෙන් අවුරුදු 20ක් පමණ ගතවනතුරු ය. ඒ කාලය තුළ වැඩි වශයෙන් භික්ෂුන් පැවිදි වූයේ “එහිභික්ඛු පබ්බජ්ජා” ක්‍රමයෙනි. භික්ෂුව පැවිදි බිමට ඇතුළු වීමෙන් පසුව නිවන්සුව අත්පත් කර ගැනීම සඳහා විදර්ශනා ධුරයෙහි යෙදුණු සැටිත්, එයට පසු “චරථ භික්ඛවෙ චාරිකං” යන නියමය අනුව ධර්ම ප්‍රචාරය සඳහා දනවු සැරිසරා ගිය සැටිත් බුද්ධ චරිතයෙන් පැහැදිලි වේ. බුදුරදුන් උදෙසා කෙරුණු වේළුවනාරාම, ජේතවනාරාම වැනි විශාල විහාරාරාම එකල පැවතිය ද බුදුරදුන් මෙන්ම භික්ෂුන් ද ඒවායෙහි ස්ථිර ලෙස වැඩ වාසය කළේ වැසි කාලවල පමණි. වෙන වචනවලින් කිවහොත් බුදුරජාණන් වහන්සේත්, උන් වහන්සේගේ සව්වනුත් මූලික බුද්ධාගම පැවති කාලයේ ක්‍රියා කළේ දහම් දෙසමින් තැනින් තැන ඇවිදින තවුස් පිරිසක් ලෙසිනි. බුද්ධත්වයෙන් විසි වැනි වස පසු වනවාත් සමඟ ම මේ තත්ත්වය වෙනස් වී ගියේ ය. බුදුරජාණන් වහන්සේ ද, භික්ෂු සංඝයා ද ඉන්දියාවේ මහා නගරවල පැවති විශාල විහාරාරාම ස්ථිර වාසස්ථාන කර ගත්හ. භික්ෂුන් සඳහා වෙන ම විනය නීතිරීති මාලාවක් සකස් වූයේ ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]