ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් අව අටවක පෝ දා 2026 ජූලි 07 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ශාන්තිනායක තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිනක් ගිජ්ඣකූට පර්වත ප්‍රාන්තයෙහි සක්මනෙහි යෙදී සිටි සේක. බුදුරජාණන් වහන්සේ මරා දමන්නට ඕනෑ යැයි නොයෙක් උපක්‍රම කරමින් කල්ගත කළා වූ දෙව්දත් තෙර ඒ අවස්ථාවෙහි ගිජ්ඣකූට පර්වත මස්තකයට නැඟ පර්වත ප්‍රාන්තයෙහි සක්මනෙහි යෙදී සිටින බුදුරජාණන් වහන්සේ මරා දමන්නෙමි යි ඇතිකර ගත් පවිටු සිතින් මහ ගලක් ගිජ්ඣකූට පර්වත මස්තකයෙන් පෙරළා හැරියේ ය. දෙව්දතුන් හට බුදුගුණ තේරුම් ගත නොහැකි වුව ද, සිත් පිත් නොමැති වස්තු පවා බුදු අනුහසින් බුදුරජාණන් වහන්සේගේ ආරක්‍ෂාව සැලසීම ස්වභාවය බැවින්, වෙනත් ගලක් උඩට නැඟ පෙරළෙන්නා වූ ගලෙන් බුදු සිරුර නැසෙන්නට නොදී වළකා, ඒ ගලට හරස්ව සිටියෙන් ගල් දෙක ගැටීමෙන් ගැලවී ගිය පතුරක් බුදු සිරිපා මතැ හැපී ලේ තැල්මක් ඇති විය. බුදු සමිඳුන් නසන්නට යැයි කොතරම් උත්සාහ දැරුවත් කිසිවකුට එය කළ හැක්කක් නොවේ. යටත් පිරිසෙයින් බුදු සිරුරෙන් ලේ බිඳකුදු පිටවී යන්නට පවා සලසාලිය නො හැකි ය. මොනතරම් සතුරකුට වුවත් බුදු සිරුරට කළ හැකි ලොකු ම හානිය නම් තැලීමෙන් සිදුවන්නා වූ ලේ සෙළවීම පමණකි. දෙව්දත් ගල් පෙරළීමෙන් සිදු වූයේ ද එයයි. මෙසේ ගල් පතුරෙන් තැලී ලේ සෙලවී ගියෙන්, එය බුදුරජාණන් වහන්සේට මහත් වේදනාවක් විය. එවිට ගිජකුළු පව් මුදුනට නෙත් යොමු කළ බුදුරජාණන් වහන්සේට දක්නට ලැබුණේ ඊ මතැ සිටි පවිටු දෙව්දත් ය. ඔහු දුටු බුදුරජාණන් වහන්සේ ඔහු අමතා “බහු තයා මොඝ පුරිස අපුඤ්ඤං පසුතං යො ත්‍වං පදුට්ඨ චිත්තො වධක චිත්තො තථාගතස්ස ලොහීතං උප්පාදෙසීති.” හිස් පුරුෂය, නුඹ දුෂ්ට සිතින් තථාගත බුදුවරයාගේ ලේ සෙලවීමෙන් මහත් පවක් රැස් කර ගන්නා ලද්දේ යැයි ප්‍රකාශ කළ සේක.
ජූලි 07 අඟහරුවාදා අ.භා. 01.22න් අව අටවක ලබා 08 බදාදා අ.භා. 12.19න් ගෙවේ. 07 අඟහරුවාදා සිල්
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
පසළොස්වක
ජූලි 29
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]