[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ඓතිහාසික ලංකාරාම වෙහෙර වහන්සේ

ඓතිහාසික ලංකාරාම ස්ථූපය පිහිටා ඇත්තේ උතුරු මැද පළාතේ අනුරාධපුර පූජා නගරයේය. එය අටමස්ථානයට අයත් පූජනීය ස්ථානයක් වන අතර, වළගම්බා රජු විසින් කරවන ලද්දකි. අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට කිලෝ මීටර 1.5ක පමණ දුරකින් පිහිටා ඇති මෙම ලංකාරාම ස්ථූපයට අනුරාධපුර නගරයේ සිට විනාඩි 10කින් පමණ ළඟා විය හැකි ය. යුද වැදී පරාජය වූ වළගම්බා රජු පසුපස සොලීන් පන්නාගෙන පැමිණි බවත්, එම මොහොතේ රජු පැමිණි රථයට වේගයෙන් ගමන් කිරීමට හැකි වන සේ ඔහුගේ අග මෙහෙසිය වූ සෝමා දේවිය රථයෙන් බිමට පැන එම අවස්ථාව සලසා දුන් බවත්, එයින් වළගම්බා රජුගේ ජීවිතය බේරුණු බවත් ඉතිහාසයේ සඳහන් වේ. සෝමා දේවියගේ මේ ආත්ම පරිත්‍යාගයට ගෞරවයක් ලෙස වළගම්බා රජු සෑදූ සිහිවටනය මණිසෝමාරාමය හෙවත් ලංකාරාමය ලෙස හැඳීන්වේ. අඩි 10ක් පමණ උස් පීඨිකාවක් මත ඉදිකර ඇති මෙම දාගැබ අඩි 44.2ක පමණ පාදමකින් යුතු ඝණ්ඨාකාර ස්ථූපයකි. සර්වඥ ධාතු සමඟ සෝමා දේවියට හිමි විශාල මාණික්‍යයක් ද නිධන් කර සෑදූ මේ ස්ථූපය මණිසෝමාරාමය යන නමින් හැඳීන්වූ බව මහාවංසය හා බෝධිවංස ගැටපදයේ සඳහන් වේ. ස්ථූපය මැදි කොට තනා තිබූ ථුපඝරයේ කුලුනු තවමත් මෙහි පවතී. ස්ථූපය වටා බුදු පිළිම තැන්පත් කර තිබූ බවට ද සාධක ඇත. ස්ථූප මළුවේ විෂ්කම්භය අඩි 132.2කි. එයට ඇතුළුවීමට දොරටු හතරකි. මුලදී පහත මළුවක් ද තිබී ඇති අතර, දැන් එය විනාශ වී ගොසිනි. මිට ශත වර්ෂයකට පෙර මෙම ථුපඝරය සහ ස්ථූපය පරීක්ෂා කර විස්තර කළ ස්මිතර් පවසා ඇත්තේ ථූපඝරයේ කුලුනු 88ක් තිබිය යුතු බවත්, එයින් 02ක් දක්නට නොලැබුණු බවත්, 51ක් ම කැඩී ගොස් තිබු බවත් ය.

පොසොන් අව අටවක

ජූලි 07 අඟහරුවාදා අ.භා. 01.22න් අව අටවක ලබා 08 බදාදා
අ.භා. 12.19න් ගෙවේ.
 07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]