[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

බුදුරදුන් වදාළ ප්‍රතිපදාව අවංක ව සපුරනවා නම් සෝතාපන්න බව දුර නොවේ

බුදුරජාණන් වහන්සේ වදාළ විමුක්ති ප්‍රතිපදාවට අයත් ආධ්‍යාත්මික දියුණුවේ අටවැදෑරුම් සන්ධිස්ථාන (මාර්ග-ඵල) අතුරෙන් පළමු අවස්ථාව සෝවාන් හෙවත් සෝතාපන්න යනුවෙන් හැඳීන්වේ. වරක් භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ අමතා වදාළ පරිදි සෝත යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. බුදුරදුන් වදාළ පරිදි සෝත හා සෝතාපන්න යනුවෙන් අදහස් වන්නේ විමුක්ති මාර්ගය හා එයට අවතීරණය වීමයි. සැඩ පහර හැඳීන්වීමට සෝත යන්න යෙදේ. එයට හසුවන පුද්ගලයා මුහුදට ගසාගෙන යන්නාක් මෙන් ආර්ය මාර්ගයේ ආරම්භක පියවර තැබූ සෝතාපන්න පුද්ගලයා නියත වශයෙන් එම ගමන නිමා කොට විමුක්තිය සාක්‍ෂාත් කරයි. ඒ හෙයින් එම තැනැත්තා ආර්ය මාර්ගයෙන් නොගිලිහෙන ස්වභාවය ඇත්තේ නියත වශයෙන් ම විමුක්තිය සාක්‍ෂාත් කරන්නකු වේ. එහෙත් නියත සම්බෝධිපරායන වීම කෙනකු හිතන තරම් පහසු කාර්යයක් නොවේ. ඇතැම් පුද්ගලයන් සෝත හා සෝතාපන්න යන්නෙහි ධර්මානුකූල අරුත් නො සලකා තම සිතැගි පරිදි විවරණය කිරීමට යෑමෙන් ඒ සම්බන්ධයෙන් වැරැදි අදහස් රැසක් සමාජ ගතකර තිබෙන අතර ම පෙළ දහම ගැන අවබෝධයක් නොමැති අය එම විවරණ අදානග්‍රාහීව ගැනීමෙන් වැරැදි ආකල්ප හා නිගමනවල පිහිටා කටයුතු කරනු දක්නට ලැබේ. නිතර සජ්ඣායනා කරනු ලබන රතන සූත්‍රයෙහි දැක්වෙන පරිදි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ ලක්‍ෂණ තුනකි. එනම් දස සංයෝජන ධර්ම අතුරින් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා හා සීලබ්බතපරාමාස යන සංයෝජන ධර්ම බැහැර කොට තිබීම පළමු ලක්‍ෂණය යි . දෙවැන්න නම් ස්ථිර වශයෙන් ම සතර අපායෙන් මිදුණේ, නැවත එවැනි දුගතියක උපත නො ලැබීම යි.  එසේම දෙවන භවයේ දී අනිවාර්යයෙන් ම විපාක විඳීමට සිදුවන පංච ආනන්තරිය පාප කර්ම සෝතාපන්න පුද්ගලයාගෙන් සිදු නොවීම තෙවන ලක්‍ෂණය යි.


දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]