[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ඓතිහාසික කැලණිය රාජමහා විහාරයීය දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවය

ඓතිහාසික වශයෙන් මෙන් ම පූජනීයත්වය අතින් ද කැලණි පුරවරයට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. ලක්දිව පුරාතනම නගරයක් වන කැලණියෙහි ඉතිහාසය බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයෙනුත් ඔබ්බට දිව යයි. ජිවිත කාලයෙන් එක්වරක් හෝ සැදැහැ සිතින් කැලණි පුදබිම වන්දනා කිරීම එතෙක් ජීවිතය පුරා සිදුකළ සියලු පව් දුරලන උසස් ම පින්කමක් ලෙස සිරිලක ජනයා අතර ඉතිහාසය පුරාම පිළිගත් සැදැහැය වඩන අදහසක් බවට පත් වූයේ ඒ නිසාම විය යුතු ය. බුදුරජාණන් වහන්සේ තෙවන ලංකාගමනේ දී කැලණියට වැඩම කළහ. එහිදී උන්වහන්සේ වැඩ සිටි ධර්මාසනය වූ “මැණික් පුටුව“ නිධන් කොට තැනූ සෑය “කැලණි චෛත්‍යය” යි. කැලණි දුරුතු මහා පෙරහර ලංකාවේ පැවැත්වෙන පෙරහර අතුරෙන් දෙවැනි වන්නේ සෙංකඩගලපුර ඓතිහාසික දළදා පෙරහරට පමණෙකි. මෙම කැලණි දුරුතු මහා පෙරහර ආරම්භ වූයේ වර්ෂ 1925 දුරුතු මස පුර පසළොස්වක පොහෝදා ය. එය “ධාතු පෙරහර” නමින් හැඳින්විණ.


දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]