[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු පුර පසළොස්වක පෝ දා 2024-01-25

මිථ්‍යාවට නොරැවටෙමු

යහපත් වූ අනන්තර් පුද්ගල සබඳතා ඇසුරින් ජන ජීවිතයේ මෙලොව පරලොව සුබ සිද්ධිය සලසා දීම බුදුදහමේ මූලික පරමාර්ථයකි. ඒ තුළින් පුද්ගලයාගේ මෙලොව දියුණුවට අදාළ ධර්ම මාර්ගය සේ ම පරලොව දියුණුවට අදාළ ධර්ම මාර්ගය ද පෙන්වා දී තිබෙන්නේ සර්වකාලීන හා සර්ව භෞමික වූ ඉතා පැහැදිලි සහ නිරවුල් දර්ශනයක පිහිටා සිට ය.

බෝසතාණන් වහන්සේ සත්‍යය සොයා යන ගමනේ දී එදවස විවිධාකාර වූ මිථ්‍යා මතවාද සමාජය තුළ පෝෂණය කළ අන්‍ය තීර්ථකයන් රැසක් ම සිටියහ. ඒ වටා අනුගාමික ජනතාව ද බොහෝ සෙයින් එක්රැස් ව සිටියහ. ඒ අතර ඇතැම් ඉගැන්වීම් පරම අවහිංසාවාදය මුල්කර ගෙන පැවති හෙයින් ජන සමාජයට ඉන් කිසිදු හානියක් සිදු නොවීය. ඉන් ප්‍රමුඛතමයා ලෙස පෙන්වා දිය හැකි වන්නේ ජෛන මහාවීර හෙවත් නිගණ්ඨනාථ පුත්ත තුමා ය. බෝසතාණන් වහන්සේ හට මුණ ගැසුණු උද්දක, ආළාරකාලාම ආදී තාපසතුමන්ලාගේ ඉගැන්වීම් තුළ ද ජන සමාජයට හානිකාර ඉගැන්වීම් නොතිබුණි.

එහෙත් බොහෝ තීර්ථකයන්ගේ ඉගැන්වීම් තුළ වූයේ මෙලොව නැත, පරලොව නැත. කුසල අකුසල් කර්මවල ඵල විපාක නැත. මවක් නැත, පියෙක් නැත. යටත් පිරිසෙයින් මිනිසුන් මරමින්, දන් දෙමින්, යාග කරමින් කරවමින් ගංගා නදියේ එතෙර සිට මෙතරට ගියත් මෙතෙර සිට එතෙරට ගියත් ඉන් සිදුවන කිසිදු කුසල හෝ අකුසල හෝ විපාකයක් නොමැත යනාදී ලෙස ජන සමාජය නොමඟට යවා මිථ්‍යා දෘෂ්ටිය වැපිරූ ඉගැන්වීම් ය.

මෙමඟින් පැහැදිලි වන්නේ බුදු දහමේ දාර්ශනික ස්වභාවයට පිටුපා ක්‍රියා කළ මිථ්‍යා දෘෂ්ටික පිරිස් එදත් සිටි බවයි. එදා ජන සමාජය තුළ බහුල වශයෙන් පැවති තවත් ආගමික අංගයක් වූයේ ශරීරයට අධික ලෙස දුක් දීම හා අධික ලෙස සුවය ලබා දීමයි. එම මිථ්‍යා පිළිවෙත් සියල්ලෙහි නිරර්ථක ස්වභාවය ස්වකීය ඤාණයෙන් වටහා ගත් බෝසතාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් චතුරාර්ය සත්‍යය වටහා ගැනීමෙන් උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූහ.

සම්බුද්ධ දේශනාවෙහි දාර්ශනික, සාමාජික හා ප්‍රායෝගික පසුබිම වටහා ගැනීම අදාළ ක්‍රමවේද අද බහුල වශයෙන් ව්‍යාප්ත ව පවතියි. ත්‍රිපිටක ග්‍රන්ථ, අට්ඨ කතා, ටීකා ටිප්පණි ග්‍රන්ථ සේ ම ඉතා අගනා ධර්ම ග්‍රන්ථ පර්යේෂණයන්, දේශනා සහ අන්තර්ජාල භාවිතය තුළින් එම දැනුම ඔප මට්ටම් කර ගත හැකි ය.

මිථ්‍යා මතවාද සමාජගත කරමින් කලින් කලට කරලියට එන මානසික රෝගීන් සහ අන්තවාදී ආගමික කල්ලි කල්තියා හඳුනාගැනීමට තරම් අප බුද්ධිමත් විය යුතු ය. එහිලා සියලුම ආගමික නායකයින්ට ද ඇත්තේ සුවිශාල වගකීමකි. අවවාදවලින්, අනුශාසනාවලින් මෙවන් මානසික රෝගී මිසදිටුවන් සහ ඔවුන්ගේ පසුපස යන අනුගාමිකයන් යැයි කියා ගන්නා අනුවණ පුද්ගලයින් පාලනය කළ නොහැකි නම් අවශ්‍ය නීති රීති හා අණ පනත් ගෙනැවිත් හෝ ඔවුන් ගේ ක්‍රියාකාරකම් නතර කරවීමට අදාළ අංශ කඩිනම් පියවර ගත යුතු ය. එසේ නොකළහොත් සිදුවන්නේ මිථ්‍ය මතවාද වැළඳ ගන්නා අනුවණ ජනතාවක් වේ නම් ඔවුන් සහමුලින් ම නොමඟ යාමයි. එය සමාජයට අහිතකර ය.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]