[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

දුරුතු පුර පසළොස්වක පොහොය වරුණ

මිය ගිය ඥාතී ප්‍රේතයන්ට තිරෝකුඩ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතර මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය ආරම්භ වූයේ ද දුරුතු මාසයේ දී ය පින්බර දුරුත්තෙහි පෙරදිග අහසින් දුරුතු පුර පසළොස්වක පුන්සඳ උදාවනවිට ආගමික ශාසනික ඓතිහාසික පුරාවෘත්තයන් අපට සිහිපත් වන්නේ තුනුරුවන කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරවමිනි. ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් දුරුතු පුර පසළොස්වක පොහෝ දින උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප නම් වූ තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් පිරිසට ලොව්තුරු දහම් මාර්ගයේ පහස ස්පර්ශය ලබා දීමෙන් අනතුරුව ප්‍රථම වරට ලංකාවට වැඩම කර එහිදී යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශ ධාතු නිදන් කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ දහසක් සමඟ රජගහ නුවරට වැඩමවීම, ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍ය අසල දී රජ බවට පත්වීම, ආදී ආගමික සිදුවීම් රාශියක් සිදු වූ බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ. බෝධිතො නවමේ මාසෙ - ඵුස්ස දුණ්ණමියං ජිනො, ලංකාදීපං විසොධෙතුං - ලංකාදීප මුපාගමි දුරුතු පුර පසළොස්වක පොහෝ දා මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කළ ඓතිහාසික සිදුවීම් මහාවංසයෙහි පළමු පරිච්ඡේදයෙහි ඒ ආකාරයෙන් සඳහන් ව ඇත. මිණිපේ සෙල් ලිපියේ ද මේ බව සනාථ කොට ඇත. පූජ්‍ය මාපලගම සෝමිස්සර හිමියන් එම අවස්ථාව සඳහන් කර ඇත්තේ මෙසේ ය.


දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]