[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

භික්ෂූන් වහන්සේගේ නිරෝගි බවට ශාරීරික ක්‍රියාකාරකම් අවශ්‍යයි

භික්ෂූන් වහන්සේගේ නිරෝගි බවට ශාරීරික ක්‍රියාකාරකම් අවශ්‍යයි

අපගේ ගරුතර බුද්ධ පුත්‍රයන් වහන්සේ ආරක්ෂා කර ගන්නට දායක දායිකාවන්ගෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුවිය යුතු වනවා. උන්වහන්සේට දානය සැකසීමේ දී වඩාත් සෞඛ්‍යවත් ව හා ආරක්ෂිත ව දානය පිළියෙල කිරීම ඉතාම වැදගත්. එය පින් පිරෙන උතුම් පින්කමක් ද වනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරාගෙන දානය සකස් කිරීමට මාහැඟි මඟ පෙන්වීමක් මීට වසර කිහිපයකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය හා බෝ නොවන රෝග ඒකකය විසින් ඉදිරිපත් කළ “පූජනීය භික්ෂු මහා සංඝරත්නය සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක්” යන මැයෙන් කළ ප්‍රකාශනයේ ඇතුළත් වෙනවා. කාලීන අවශ්‍යතාව සලකා සෑම පුර පසළොස්වක පෝදාකම බුදුසරණ කලාපයේ එය කොටස් වශයෙන් පළ කෙරෙනවා.

දානය සඳහා සුදුසු ආහාර වට්ටෝරු

පෙර සඳහන් කළ ආහාර කාණ්ඩ හයම හෝ වැඩි ප්‍රමාණයක් අඩංගු වන පරිදි දාන වේල් පිළියෙල කිරීම හා අවශ්‍ය ප්‍රමාණයට පිළිගැනීම මඟින් උන්වහන්සේට දෛනික පෝෂණ අවශ්‍යතාව නිසි අයුරින් ලබා ගැනීමට හැකි වේ.

පාන්දර ගිලන්පස

කෝප්ප 01 - මි.ලී. 200 කෝප්ප 01

නැවුම් කිරි/ කිරි තේ/ කිරි කෝපි / කොළ කැඳ - කෝප්ප 01

හීල් දානය

1. කඩල/කව්පි/මුං ඇට – කෝප්ප 02

පොල්සම්බෝල / පොල් – මේස හැඳි 03

ලුණුමිරිස්

කෙසෙල්/ අන්නාසි /ගස්ලබු/ අඹ යනාදී ඕනෑම පලතුරක්

2. සහල් පිටි ඉඳිආප්ප (ග්‍රෑම් 20 පමණ) 10 - 12 පමණ

අල හොඳි / කිරි හොඳි මේස හැඳි 3 - 6

පොල් සම්බෝල මේස හැඳි 02

කඩල වෑංජනය මේස හැඳි 03

කෙසෙල්/අන්නාසි/ගස්ලබු/ අඹ යනාදී ඕනෑම පලතුරක්

3. ආප්ප (ග්‍රෑම් 50) 2 - 3 පමණ

සෝයා වෑංජනය මේස හැඳි 03

සීනි සම්බෝල / ලුණුමිරිස්

කෙසෙල් / අන්නාසි /ගස්ලබු/ අඹ යනාදී ඕනෑම පලතුරක්

4. එළවළු මිශ්‍ර කුරක්කන් පිට්ටු (ග්‍රෑම් 50) කැබලි 02

කිරි හොදි මේස හැඳි 05ක් පමණ

සෝයා වෑංජනය මේස හැඳි 03

ලුණු මිරිස්

කෙසෙල් / අන්නාසි /ගස්ලබු /අඹ යනාදී ඕනෑම පලතුරක්

5. මුං කිරිබත් කැබලි 02

ලුණු මිරිස්/ සීනි සම්බෝල මේස හැඳි 01

කෙසෙල් ගෙඩි / ගස්ලබු / අන්නාසි / අඹ යනාදී ඕනෑම පලතුරක්

6.බත් ( කැකුළු/තම්බපු සහල්) – කෝප්ප 02

එළවළු වෑංජන වර්ග 03 (මේස හැඳි 03 බැගින්)

සෝයා/කඩල/කව්පි/මුංඇට/ පරිප්පු වෑංජන (මේස හැඳි 03 බැගින්)

මැල්ලුම් ( මේස හැඳි 03කට වැඩි ප්‍රමාණයක්)

කෙසෙල් ගෙඩි/ ගස්ලබු/අන්නාසි/අඹ යනාදී ඕනෑම පලතුරක් /පලතුරු සලාද කෝප්ප 01

හීල් දානය සඳහා විවිධ ආහාර පිළිගන්වන විට ස්වාමින් වහන්සේ විසින් එක් ආහාරයකින් ගන්නා ආහාර ප්‍රමාණය සීමා කිරීම මඟින් අධික කැලරි පරිභෝජනයට ඇති ඉඩකඩ වැළකෙනු ඇත.

උදා :- ඉඳිආප්ප 05ක් සමඟ ආප්ප 02 පමණ

කඩල කෝප්ප 01 සමඟ බත් කෝප්ප 01 ආදි ලෙස

දහවල් දාන වේල

කෝප්ප 01 මි.ලී. 200 කෝප්ප 01

රතු කැකුළු හෝ තම්බන ලද සහලින් සකසන ලද බත් කෝප්ප 1.5 2.0

එළවළු ව්‍යංජන 3ක් ( මේස හැඳි 03 බැඟින්)

කොහිල, නෙළුම් අල, බෝංචි හෝ මෑ කරල්, දඹල, පොළොස්, කෙසෙල්මුව, කරවිල, තුඹ කරවිල, මුරුංගා, කොහිල, දේශීය අල වර්ගයක් (ඉන්නල, හිඟුරල, රාජාල, හිරිතල, කටුවල, ඕලු අල, කුකුළල, කිරි හබරල, හුලංකීරිය, මඤ්ඤොක්කා, රතු බතල, සුදු බතල හා කෙකටිය අල ආදී ඕනෑම අල වර්ගයක්) සාරණ, තම්පලා, නිවිති, ගෝවා, කැරට්, බීට්, බණ්ඩක්කා, වට්ටක්කා, අළු කෙසෙල්, තිබ්බටු, ඇඹරැල්ලා, කජු, සුදු ලූනු ආදී ඕනෑම ව්‍යාංජන අවම වශයෙන් වර්ග 3ක්වත් (එක් ව්‍යාංජනයකින් මේස හැඳි 03 බැඟින්) පිළිගැනීම සුදුසු ය.

පියලි : සෝයා, කඩල, කවුපි, මුං, කොල්ලු, පරිප්පු යන ව්‍යංජනවලින් 01ක් ( අවම වශයෙන් මේස හැඳි 03 බැගින්)

සලාද : කෝප්ප (මි.ලී. 200 කෝප්ප 1/2 හෝ මේස හැඳි 03)

පිපිඤ්ඤා /කැරට් /රතු අල /සලාද කොළ / මාළු මිරිස් යන වර්ගවලින් කිහිපයක්

මැල්ලුම් : මේස හැඳි 03ක් පමණ (අවම වශයෙන්) ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා, කිරිඅඟුණ, තුඹ, කැබැල්ල, තෝර, තෙබු යනාදි පලා වර්ග කිහිපයක් එකතු කර සාදා ගත් කලවම් මැල්ලුම පෝෂණ ගුණයෙන් ඉහළ ය.

අතුරුපස

කෙසෙල්, ගස්ලබු, අන්නාසි, කොමඩු, අඹ, දොඩම් ආදි නැවුම් දේශීය ඕනෑම පලතුරක්

පෘට් සැලඩ් කෝප්ප 01, යෝගට් කෝප්ප 1, මුදවපු කිරි කෝප්ප 01 (ග්‍රෑම් 100)

වැඩිහිටි භික්ෂූන් වහන්සේ කිරි ආහාර පරිභෝජනයේ දී (මේද රහිත යොදය රහිත) කිරි ආහාර භාවිත කිරීම සුදුසු ය.

පුඩිං, වටලප්පන්, අයිස් ක්‍රීම් හා ජෙලි

මෙම ආහාරවල සීනි සහ මේදය ඉහළ බැවින් පිළිගන්වන වාර ගණන හා ප්‍රමාණය සීමා කිරීම සුදුසු ය.

මෙම ආහාර පිළිගන්වන්නේ නම් එක් ආහාර වර්ගයක් පිළිගැන්වීම සුදුසු ය.

අධිබර හා තරබාරු බවින් යුත් භික්ෂූන් වහන්සේ මෙන් ම දියවැඩියා හා හෘද රෝග වැළඳී ඇති භික්ෂූන් වහන්සේ සඳහා මෙම ආහාර සුදුසු නොවන බැවින් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය.

සවස් යාමයේ ගිලන්පස

මෙම පාන වර්ග සවස් යාමයේ ගිලන්පස ලෙස කැපසරුප් බව අනුව ගැනීම සුදුසු ය.

කෝප්ප 01 = මි.ලී. 200 කෝප්ප 01

1. මිශ්‍ර පලතුරු යුෂ 2. ඖෂධීය පාන වර්ග 3. තේ හෝ කෝපි

සුදුසු ව්‍යායාම හා ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවීම

නීරෝගි සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් පවත්වා ගැනීම සඳහා ශාරීරික ක්‍රියාකාරකම් හා ව්‍යායාම වැදගත් මෙහෙයක් ඉටු කරයි. එහෙත් භික්ෂු සමාජය තුළ ඒ පිළිබඳ අඩු අවධානයක් ඇති බැවින් බොහෝ භික්ෂූන් වහන්සේ අධිබර හා තරබාරු යන තත්ත්වයන්ට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතී. මෙවැනි තත්ත්වයන්ට ලක්වීම නිසා භික්ෂූන් වහන්සේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, අංශභාගය වැනි රෝගී තත්ත්වවලට ගොදුරුවීමේ ඉහළ ප්‍රවණතාවක් පවතී. එබැවින් භික්ෂූන් වහන්සේ සුදුසු ව්‍යායාම හඳුනාගෙන ඒවායේ නිරත වීම තුළින් උසට සරිලන බරක් පවත්වා ගැනීමට හැකි වන අතර, එය නීරෝගි ජීවිතයකට මඟ පාදයි.

ව්‍යායාම හා ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර බර පාලනය වේ. රුධිර පීඩනය අඩු වේ. නීරෝගි හෘද සහ රුධිර සංසරණ පද්ධතියක් පවත්වා ගැනීමට උපකාරි වේ. බෝ නොවන රෝග වන හෘද රෝග, දියවැඩියා, අංශභාග හා අස්ථි තුනීවීම, (ඔස්ටියෝපොරෝසිස්) හා සන්ධි ආබාධ හා පිළිකා සෑදීමේ අවදානම් අඩු කරයි.

උසට සරිලන බර ප්‍රමාණය තීරණය කරන මිණුම් දණ්ඩ බී.එම්.අයි. හෙවත් ශරීර ස්කන්ධ දර්ශකයයි.

නීරෝගි පුද්ගලයකුගේ B.M.I අගය 18.5 - 24.9 දක්වා වූ පරාසයක් තුළ පවතී.

තවත් වටිනා ලිපියක් නවම් පුර පෝදා කලාපයේ පළවේ

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]