[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු සසුනේ අගසව් තනතුරු පිරිනැමීම

  නවම්
පුර පසළොස්වක 

පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

 

 

 

 

 

 

 

 

 


 

“දීඝවාපිය අරුණ” සමාරම්භක උත්සවය ජනපති අගමැති ප්‍රධානත්වයෙන්...

දීඝවාපි චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය පිණිස අරමුදල් රැස් කිරීමේ “දීඝවාපිය අරුණ” වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී ඇරඹිණ. දීඝවාපිය විහාරාධිපති මහඔය සෝභිත හිමියන්ගේ ඉල්ලීමකට අනුව, නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම හා ප්‍රමුඛ සංරක්ෂණ කාර්යය ලෙස දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ සංරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිණ. ව්‍යාපෘතිය තෙවසරක දී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් වැය නොකිරීම විශේෂත්වයකි. දෙස් විදෙස් අනුග්‍රාහකයන්ට ඊට මූල්‍ය මෙන්ම ශ්‍රම දායකත්වය දිය හැකිය.සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි අනුනායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර මෙම අවස්ථාවේදී ජනාධිපතිතුමාට සෙත් ප්‍රාර්ථනා කළහ.

මහා සංඝ රත්නයේ මව්පියන්ට වසරකට නිවාස 2000 ක් දෙන ‘මිහිඳු නිවහන’

දුෂ්කරතා රැසක් මැද සසුන්ගතව, මහණදම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා කුල දරුවන් ශාසනයට පූජා කළ මව්පියන්ට උපහාර පිදීම අරමුණු කරගෙන මිහිඳු නිවහන නමින් නව නිවාස සංවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව සසුන්ගතව මහණ දම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා තම කුල දරුවන් ශාසනයට පූජා කළ මව්පියන්ට උපහාර පිණිස මෙම “මිහිඳු නිවහන” නිවාස ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ‍සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙහි සමාරම්භක උලෙළ සියඹලාණ්ඩුව බුද්ධම පුරාණ රාජමහා විහාරයේ දී පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ සන්නස් පත්‍රය මීරිගම මිණිඔලුව විද්‍යාවාස මහ පිරිවෙන් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නාහිමියන්ට පිළිගැන්නුවේ ය.

 

ඩී.ආර් විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 135 වන ජන්ම දිනය නිමිත්තෙනි:

නවෝදයක උදාහිරු ඩී.ආර්. විජයවර්ධන

ලෝක ප‍‍්‍රකට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා උගතකු වූ විජයවර්ධනයන් තමන් අධ්‍යාපනය ලද පරිසරය හා සමාන පරිසරයක උසස් අධ්‍යාපනය, විදේශ ගතවීමට නොහැකි ලාංකේය ජනතාවට ද ලබා දිය යුතුය යන හැඟීමෙන් කටයුතු කළේ ය. පත්තර මහ ගෙදර යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘවර ඩී.ආර් විජයවර්ධන මැතිතුමාගේ 135 වන ජන්ම දිනය මෙම මස 23 වෙනි දිනට යෙදී ඇත. යුග පුරුෂයෙකු ලෙස සැලකෙන මෙතුමා එකල ලී මෝල් හා දැව, ගඩොල් සැපයුම්කරුවකු වශයෙන් සාර්ථක ව්‍යාපාරිකයකු වූ දොන් පිලිප් විජයවර්ධන මැතිතුමාගේ සහ හෙලේනා විජයවර්ධන මැතිණියගේ තෙවෙනි පුත්රුවන ලෙස 1886 පෙබරවාරි 23 වෙනි දින ජන්ම ලාභය ලැබී ය. සේදවත්තෙ හි පදිංචිව සිටි සැදැහැබර බෞද්ධ පවුලක්වූ විජයවර්ධන පවුල නිරන්තරයෙන් ආව ගිය විහාරස්ථානය කැලණිය විහාරස්ථානයයි. මෑණියන් සමඟ විහාරස්ථානයට ගිය විජයවර්ධන දරුවෝ කුඩා කාලයේ සිටම ආගම දහමට නැඹුරුවූහ. අධ්‍යාපනය සඳහා කතෝලික පාසල්වලට ගිය ද විහාරස්ථානවලට තව තවත් සමීප වූයේ මෑණියන්ගේ බෞද්ධාගමික වැඩ කටයුවල ප‍‍්‍රතිඵලයක් වශයෙනි. 1888 වර්ෂයේ වැසි දිනක කැලණි විහාරයට ගිය හෙලේනා විජයවර්ධන මැතිණිය මඩ වී තිබුණ කැලණි විහාරබිම ගඩොල් අතුරා ප‍‍්‍රතිසංස්කරණය කර පූජා ‍කළේ තම දරුවන් ද සහභාගී කර ගෙන ය. යමක් කමක් තේරෙන වයසේ පසු වූ රිචඩ් විජයවර්ධන මැතිතුමා තම මව 1902 වර්ෂයේ කිරිගරුඬ පූජාසනයක් කරවා කැලණි විහාරයට පූජා කරන අයුරු දැක ඇත.

 

අගසව් තනතුරු පිරිනැමූ නවම් පෝදා

ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් වන සිදුවීම් සතරකට මුල් වූ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහොය දිනය හැඳින්විය හැකි ය. බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් පොහොය දිනෙක සිදුවී තිබේ. බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව දලලුා වැඩුණු වෘක්ෂයක් සේ බබළන්නට විය. විවිධ දර්ශනවාද පිළිගනිමින් සත්‍ය ගවේෂණයෙහි යෙදී සිට පසුව බුදු සමය කෙරෙහි පැහැදී යථාර්ථය අවබෝධ කරගැනීම් වස් පැවිදි වූ නා නා වර්ගික භික්ෂූන් වහන්සේලා ගෙන් සංඝ සමාජය ජනාකීර්ණ තත්ත්වයකට පත් කෙරිණි. මෙම භික්ෂු සමාජය පළමුවරට එක්රැස් කොට මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ නවම් පුර පසළොස්වක පොහොය දිනෙක දී ය. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ 1000 ක භික්ෂු පිරිස ද සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ 250 ක භික්ෂු පිරිස ද යන 1250 ක් වූ මහා සංඝ සන්නිපාතයකින් එදා රජගහනුවර වේළුවනාරාමය බබළන්නට විය. තාරකා පිරිවරාගත් පුන්සඳමඩල සේ එම රහතන් වහන්සේලා මැද බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක. මෙම ප්‍රථම සංඝ සම්මේලනයේ දී භික්ෂු සමාජයේ අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදු වුණි. මෙහි දී සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම පිළිවෙලින් දකුණත් සව්, වමත් සව් වශයෙන් අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කෙරිණි.

 

ධර්ම දේශනාව:

මිනිස්කමට වටිනාකමක් දෙන්න පැමිණි මඟට වඩා යහපත් මඟක් තෝරාගන්න

කිච්ඡෝ මනුස්ස පටිලාභෝ - කිච්ඡං මච්චාන ජීවිතං - කිච්ඡං සද්ධම්ම සවණං - කිච්ඡෝ බුද්ධාන උප්පාදෝ, අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස් නුවරට නුදුරුව මහරි රුකක් මුල වැඩ සිටින සමයෙක ඒරකපත්ත නම් නාරජ අරබයා මෙම උතුම් ගාථා ධර්මය දේශනා කර වදාළ සේක. මෙම ඒරකපත්ත නා රජ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවත්නා සමයෙහි උසස් මිනිසත් බවක් ලැබ එම ශාසනයෙහි මහණ ව දිවි ඇතිතෙක් මහණ දම් පිරුවෙකි. එකල කිසියම් කරුණක් සඳහා ගඟකින් එතෙරවීමට අගුලකට නැඟ යද්දී ඒරු අත්තක් අල්ලා ගත්තේ ය. ක්‍රමයෙන් අගුලේ යන විට එම ඒරු අත්තේ එක් පතක් කැඩුණේ ය. උපසපන් භික්ෂුවකට එය සුළු ඇවතක් වුව ද එම ඇවතින් නිදහස්වීමට ඇවැත් දෙසීම නොකළ බැවින් විපිළිසරව මියගොස් ඔරුවක් පමණ වූ විශාල නාරජෙක් ව උපන්නේ ය. එම නාරජ ඒරකපත්ත නම් අති මහත් ආනුභාව ඇත්තෙක් විය. අප බුදුරජාණන් වහන්සේ බරණැස් නුවරට නුදුරුව මහරිරුකක් මුල මෙදින වැඩ සිටියේ එම නාරජුට මෙන්ම සෙසු ජනතාවට සිදුවන යහපත සඳහා ය. මේ අවස්ථාවේ නා රජ එතැනට අවුත් බුදුරදුන් හමුවේ අඬන්නට විය. එතෙක් කලක් මිනිසත් බවක් නොලැබීමත්, බණ ඇසීමක් මෙන්ම, බුදුකෙනෙකුන් නොදැකීමත් නිසා ශෝක සන්තාප ඇති වූ බව ද ප්‍රකාශ කළේ ය. මෙම කාරණය නිමිති කරගෙන අප තථාගත බුදුරජාණන් වහන්සේ ගාථා ධර්මය දේශනා කළ සේක. මෙම ගාථාවෙන් ඉතා දුර්ලභ කාරණා හතරක් දක්වා ඇත. මිනිසත් බව ලැබීම, මිනිසුන්ගේ දිවි පැවැත්ම, සදහම් ඇසීම හා බුදුවරුන්ගේ උපත ය. එම දුර්ලභ මිනිසත් බව ලද නමුත් අඳ, ගොළු, බිහිරි, කොර ආදී අංගවිකල වුවහොත් ඒ මිනිසත් බවෙන් වන අර්ථ සිද්ධියක් නැත.

 

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]