[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

“දීඝවාපිය අරුණ” සමාරම්භක උත්සවය ජනපති අගමැති ප්‍රධානත්වයෙන්...

“දීඝවාපිය අරුණ” සමාරම්භක උත්සවය ජනපති අගමැති ප්‍රධානත්වයෙන්...

දීඝවාපි චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය පිණිස අරමුදල් රැස් කිරීමේ “දීඝවාපිය අරුණ” වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී ඇරඹිණ.

දීඝවාපිය විහාරාධිපති මහඔය සෝභිත හිමියන්ගේ ඉල්ලීමකට අනුව, නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම

කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම හා ප්‍රමුඛ සංරක්ෂණ කාර්යය ලෙස දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ සංරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිණ.

ව්‍යාපෘතිය තෙවසරක දී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් වැය නොකිරීම විශේෂත්වයකි. දෙස් විදෙස් අනුග්‍රාහකයන්ට ඊට මූල්‍ය මෙන්ම ශ්‍රම දායකත්වය දිය හැකිය.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි අනුනායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර මෙම අවස්ථාවේදී ජනාධිපතිතුමාට සෙත් ප්‍රාර්ථනා කළහ.

“යළි දකිමු දීඝවාපිය” වෙබි අඩවිය එළිදැක්වීම ද ජනාධිපතිතුමා අතින් මෙදින සිදු කෙරිණ.

“දීඝවාපිය අරුණට” පළමු දායකත්වය දෙමින් නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති අඟුල්මඩුවේ අරියනන්ද හිමියන් පරිත්‍යාග කළ රු. මිලියන 100 ක මුදල සහිත චෙක්පත දායක සභා සමාජික චන්ද්‍රකීර්ති බණ්ඩාර මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

බෞද්ධයා නාලිකාව රු. මිලියන 5 ක් සහ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, ලංකා බැංකුව, මහරගම පිළිකා රෝහල සහ සෙන්ට්‍රල් බෙයාරින් අධිපති සුදත් තෙන්නකෝන් මහතා ද සිය පරිත්‍යාග ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

  නවම්
පුර පසළොස්වක 

පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

 

 

 

 

 

 

 

 

 


 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]