[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම ශාලාව

ඓතිහාසික වල්බෝතලේ පොත්ගුල් රාජමහා විහාරය

ඓතිහාසික වල්බෝතලේ පුරාණ පොත්ගුල් රජමහ විහාරය, අනුරාධපුර යුගයේ ගෝඨාභය රජතුමන් විසින් ස්ථාපිත පොළොන්නරු, දඹදෙනි , ගම්පොළ, නුවර ආදී යුගයන්හි රාජ්‍ය අනුග්‍රහය වරින් වර ලැබූ සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ විහාරස්ථානයකි. ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වල්බෝතලේ කන්ද ආශ්‍රිතව පිහිටා තිබේ. ජනප්‍රවාදගත තොරතුරුවලට අනුව මෙම විහාරයේ නිර්මාතෘ වන්නේ ගෝඨාභය රජතුමා ය. සිරිසඟබෝ රජු හිස දන්දීමෙන් පසුව සංවේගයට පත් ගෝඨාභය රජු එම සාපරාධී ක්‍රියාවෙන් අත්මිදීමට බොහෝ වෙහෙර විහාර කරවීය. මෙලෙස කරවූ වෙහෙර විහාර අතුරින් එකක් ලෙස වල්බෝතලේ විහාරය ද හැඳීන්විය හැකි ය. විහාරස්ථානය සතු විවිධ පුරාකෘති, ලිපිගොනු, පුස්කොළ ලේඛන වලට අනුගතවත්, දඹදෙනි රාජධානියට ප්‍රත්‍යන්ත ප්‍රදේශයක පැවතීමත් යන හේතු සාධක මත පදනම් ව මෙම විහාරයේ ස්වර්ණමය යුගය ලෙස දඹදෙනි යුගය පෙන්වා දිය හැකි ය. ඒ පිළිබඳ විහාර භුමිය මධ්‍ය කොටසට වෙන්නට පිහිටා ඇති ගල් තලාවේ දඹදෙනි යුගයේ පාෂාණ කොටස් වෙන් කරගත් කොරි සලකුණු තුළින් වත්මනෙහි ද පැහැදිලි වේ.

  නවම්
පුර පසළොස්වක 

පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

 

 

 

 

 

 

 

 

 


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]