[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මිනිස්කමට වටිනාකමක් දෙන්න පැමිණි මඟට වඩා යහපත් මඟක් තෝරාගන්න

කිච්ඡෝ මනුස්ස පටිලාභෝ - කිච්ඡං මච්චාන ජීවිතං - කිච්ඡං සද්ධම්ම සවණං - කිච්ඡෝ බුද්ධාන උප්පාදෝ, අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස් නුවරට නුදුරුව මහරි රුකක් මුල වැඩ සිටින සමයෙක ඒරකපත්ත නම් නාරජ අරබයා මෙම උතුම් ගාථා ධර්මය දේශනා කර වදාළ සේක. මෙම ඒරකපත්ත නා රජ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවත්නා සමයෙහි උසස් මිනිසත් බවක් ලැබ එම ශාසනයෙහි මහණ ව දිවි ඇතිතෙක් මහණ දම් පිරුවෙකි. එකල කිසියම් කරුණක් සඳහා ගඟකින් එතෙරවීමට අගුලකට නැඟ යද්දී ඒරු අත්තක් අල්ලා ගත්තේ ය. ක්‍රමයෙන් අගුලේ යන විට එම ඒරු අත්තේ එක් පතක් කැඩුණේ ය. උපසපන් භික්ෂුවකට එය සුළු ඇවතක් වුව ද එම ඇවතින් නිදහස්වීමට ඇවැත් දෙසීම නොකළ බැවින් විපිළිසරව මියගොස් ඔරුවක් පමණ වූ විශාල නාරජෙක් ව උපන්නේ ය. එම නාරජ ඒරකපත්ත නම් අති මහත් ආනුභාව ඇත්තෙක් විය. අප බුදුරජාණන් වහන්සේ බරණැස් නුවරට නුදුරුව මහරිරුකක් මුල මෙදින වැඩ සිටියේ එම නාරජුට මෙන්ම සෙසු ජනතාවට සිදුවන යහපත සඳහා ය. මේ අවස්ථාවේ නා රජ එතැනට අවුත් බුදුරදුන් හමුවේ අඬන්නට විය. එතෙක් කලක් මිනිසත් බවක් නොලැබීමත්, බණ ඇසීමක් මෙන්ම, බුදුකෙනෙකුන් නොදැකීමත් නිසා ශෝක සන්තාප ඇති වූ බව ද ප්‍රකාශ කළේ ය. මෙම කාරණය නිමිති කරගෙන අප තථාගත බුදුරජාණන් වහන්සේ ගාථා ධර්මය දේශනා කළ සේක. මෙම ගාථාවෙන් ඉතා දුර්ලභ කාරණා හතරක් දක්වා ඇත. මිනිසත් බව ලැබීම, මිනිසුන්ගේ දිවි පැවැත්ම, සදහම් ඇසීම හා බුදුවරුන්ගේ උපත ය. එම දුර්ලභ මිනිසත් බව ලද නමුත් අඳ, ගොළු, බිහිරි, කොර ආදී අංගවිකල වුවහොත් ඒ මිනිසත් බවෙන් වන අර්ථ සිද්ධියක් නැත.


  නවම්
පුර පසළොස්වක 

පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

 

 

 

 

 

 

 

 

 


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]