[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර පසළොස්වක 2021.02.26

ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ


ඩී. ආර්. විජයවර්ධන ශ්‍රිමතාණන්ගේ 135 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය 23 වැනි දාට ය. අධිරාජ්‍යවාදයෙන් පීඩිත ව සිටි මෙරට ජනතාවට නිදහස ලබා දීම සඳහා ගෙන ගිය අරගලයේ දී පෑන අවියක් කොටගෙන නිහඬ සටනක් ගෙන යමින් ජාතිය අවදි කළ වීරවරයෙක් පමණක් නොව, හෙළ බසට , හෙළ සංස්කෘතියට, සම්බුදු දහමට ආදරය කළ උතුම් මිනිසෙක් ලෙස එතුමන්ගේ නාමය ලක් ඉතිහාසයට එක් වන්නේ ය .

මතු පරපුරට ද ආදර්ශයක් ලෙස කුඩා සටහනකින් හෝ එම මාහැඟි සේවය යම් තරමකට හෝ සිහිපත් කොට කෘතඥතාව දැක්වීම අපගේ යුතුකම ය.

අවවාදයට වඩා ආදර්ශය උතුම් ය යන කියමන බෞද්ධයාගේ ජිවිතය හා බද්ධ වූවකි. ඩී . ආර්. විජයවර්ධනයන්ට ද ළමා කාලයේ සිට මාහැඟි ආදර්ශයන් ලැබුණි . ඒ තම පු‍ර්වාචාර්යවරුන්ගෙනි . තම මෑණීයන් සමඟ නිතර වෙහෙර විහාර ඇසුරු කළ විජයවර්ධනයන් ගේ සිතෙහි ආගම දහම මෙන්ම රට , ජාතිය ගැනද හැඟීම් උපදින්නට විය .

හෙලේනා විජයවර්ධන ළමාතැනිය සැදැහැවත් උපාසිකාවකි.

ඇයගේ ආගමානුකූල දිවි පෙවෙත එම දරුවන්ට ආදර්ශයක් ම විය . තථාගතයන් වහන්සේගේ පාදස්පර්ශයෙන් සුපුජිත වූ කැලණි විහාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇය විසින් සිදු කරනු ලැබු සේවය සුවිසල් ය . විහාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය , නව විහාර මන්දිරයක් ඉදිකරවීම , සොයිලියස් මැන්දිස් සුප්‍රකට චිත්‍ර ශිල්පියා ලවා කැලණි විහාරයේ චිත්‍ර නිර්මාණය කරවීම , දුරුතු පෙරහර නැවත ආරම්භ කිරීම , විහාරයේ පිළිසකර කටයුතු සඳහා කලාවැවේ අක්කර තුන්සිය ගණනක ඉඩමක් පූජා කිරීම ආදී මහා පින්කම් නිසා ම හෙලේනා විජයවර්ධන මැතිනිය කැලණියේ විශාඛාව යන නාමයෙන් ද ගෞරවයට පාත්‍ර වූවා ය .

එවන් මවක ලද පුතු ද එම අඩිපාරේ ම යමින් හුණුපිටිය ගංගාරාමය , බම්බලපිටියේ වජිරාරාමය , සේදවත්ත විහාරය වැනි විහාරස්ථානයන් හි ද භික්ෂුන් වහන්සේ ඇසුරු නිසරු කරන්නට විය .

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට නතුව මෙරට ජනතාවට සිය ආගමික කටයුතු පවා නිදහසේ කරගෙන යාමට අවස්ථාව අහිමි වීම තරුණ විජයවර්ධනයන්ට ඉවසුම් නොදෙන්නක් විය . ලේක්හවුස් මහා පුවත්පත් ආයතනය ආරම්භ කොට අධිරාජ්‍ය විරෝධි සටනට මහා වේදිකාවක් සදන්නේ ඒ අනුව ය .

එම පුවත්පත් කර්මාන්තය තුළ සම්බුදු දහමට ද මුල් තැන ලැබුණි . විශේෂයෙන් දිනමිණ හා සිළුමිණ පුවත්පත්වලින් සිදු වූ ධර්ම සන්නිවේදනය සුළු පටු නැත . ධර්මධර , විනයධර වියත් භික්ෂූන් වහන්සේගේ ලිපි ලේඛනවලින් එකල ලේක්හවුස් පුවත්පත් පෝෂණය විය . රත්මලානේ ධර්මාරාම හිමි , ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමි , පැලෑනේ ශ්‍රී වජිරඥාන හිමි , තෙල්වත්තේ අමරවංශ හිමි , කරඳන ජිනරතන හිමි , වැලිවිටියේ සෝරත හිමි ඇතුළු බොහෝ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ලේක්හවුස් පුවත්පත් වලින් ඉමහත් ශාස්ත්‍රිය සේවයක් සිදුකරන්නට හැකි විය .

පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමෙහිලා පුරෝගාමී වූ විජයවර්ධනයන් සම්බුදු සසුනෙහි දියුණුව උදෙසා එහි භික්ෂු නේවාසිකාගාරයක් ද ස්ථාපිත කළේ ය . එයට වටිනා පොතපත පරිත්‍යාග කළේ ය . භාෂාව ජාතියක අනන්‍යතාව පිළිබිඹු කරන කැඩපත ය . සිංහල භාෂාවේ හා හෙළ සංස්කෘතියේ උන්නතිය වෙනුවෙන් ලේක්හවුස් පුවත්පත් මෙහෙයවන්නට විජයවර්ධනයන් ගත් උත්සහය විශිෂ්ට ය .

එකල සිළුමිණ පුවත්පතට පැලෑනේ ශ්‍රී වජිරඥාන හිමියන් ඉදිරිපත් කළ ශබ්දාර්ථ චින්තා , මෙකල වරදවා ව්‍යවහාර කරන සමහර සිංහල ශබ්ද ආදි ලිපි, බස රැක ගැනීමෙහිලා කළ කාර්ය භාරය වෙසෙස් ය . අදත් , ධර්ම සන්නිවේදනයෙහි ලා , භික්ෂූන් වහන්සේගේ ලේඛන ශක්තිය ඔප් නංවා ගැනීමෙහිලා ලේක්හවුස් පුවත්පත් තෝතැන්නකි .

ධර්ම භාණ්ඩාගාරයක් බඳු , සාරධර්ම සංග්‍රහයක් වන බුදුසරණ පුවත්පත ඇරඹීමෙහිලා , වෙසක් , පොසොන් පින්කම් , ආලෝක පුජා පින්කම්, සඳහා පෙළඹවීම් ඇති කරන්නේ ද විජයවර්ධන ශ්‍රිමතාණන්ගේ ආකල්ප ය. එතුමා ඉතිහාසය බැබළවූවා සේ ම අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කළ සම්පත් බොහෝ ය. අප යුතුකම විය යුත්තේ එය රැක ගනිමින් පෝෂණය කිරීම ය.

  නවම්
පුර පසළොස්වක 

පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

 

 

 

 

 

 

 

 

 


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]