[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කිරීම

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 18 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.26 ට ලබයි. 19 වන දා සිකුරාදා අපරභාග 04.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා සිකුරාදා ය.

 මීළඟ පෝය අප්‍රේල් 26 වන සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

අලුත් සහල් මංගල්‍යය උත්සවශ්‍රීයෙන්

හෙළයේ මහා ගොවි පිළිවෙත 52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (07) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ අබියස දී පැවැත්විණි.  සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙන් නොඉඳුල් කොටස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පූජා කිරීමේ උත්කර්ෂවත් මංගල්‍යය අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබිණි. ජය ශ්‍රී මහා බෝ සමිඳු ලක්දිවට වැඩමවීමත් සමඟ ඇරඹුණ බවට සැලකෙන අලුත් සහල් මංගල්‍යය හෙළ චාරිත්‍රානුකූලව පැවැත්වේ. මගුල් බෙර, හේවිසි නාද හා හෙළ සංස්කෘතිකාංග මධ්‍යයේ නැගෙනහිර වාහල්කඩින් ඇතුළුවන අලුත් සහල් පෙරහර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පැදකුණු කොට පැමිණ වැලි මළුවේ උඩු වියනකින් හා පාවඩින් සරසන ලද විශේෂ පීඨිකාවේ තැන්පත් කර ඇති පාත්‍රයට ප්‍රථම සහල් මීට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ හා කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුලු මැති ඇමැතිවරුන් හා ප්‍රධාන ගොවි මහත්වරුන් විසින් පුරවනු ලැබූහ.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2019 ජූනි 21, 22 හා 23 යන දිනවල දී බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරය යාබද ‘ස්වේජින්’ සීමාමාලකයේ දී සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහාමහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව නිකායික සියලු භික්ෂු මහා සංඝයා වහන්සේ වෙත දන්වා සිටිනු ලැබේ. සුදුසුකම් සපුරා ඇති උපසම්පදාපේක්ෂකයන් වහන්සේලා මහා ලේඛකාධිකාරී නාහිමි, මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරය, වැලිපාර බලපිටිය යන ලිපිනයෙන් හෝ ප්‍රාදේශීය සංඝ සභා ලේකම්වරු වෙතින් හෝ අයදුම්පත් ලබාගෙන නිසිපරිදි සම්පූර්ණ කොට සිය ආචාර්යයන් වහන්සේ මගින් මැයි 31 දිනට පෙර එම ලිපිනයට ලැබෙන්නට සැලැස්විය යුතු යැයි සුධර්මා කාරක සංඝ සභාවේ අනුමැතිය පරිදි, මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත, දර්ශනපති බලපිටියේ සිරිසීවලි නාහිමියෝ දන්වා සිටිති.

 

ධර්ම දේශනාව:

මිහිරිතම සුවඳ සහ සුවය

යථාපි රුචිරං පුප්ඵං
වණ්ණවන්තං අගන්ධකං
ඒවං සුභාසිතා වාචා
අඵලාහෝති අකුබ්බතෝ
(ධම්ම පදය – පුප්ඵ වග්ගය)

 

ප්‍රසන්න වූ මල්වල ගුණාත්මක බව තීරණය කිරීම සඳහා හේතු වන මූල සාධක දෙකක් පිළිබඳව සඳහන් වන අතර සමීප ගාථා ද්විත්වයකින් එය ගෙන හැර දක්වා ඇති අයුරු ඉතා මනහර ය. එය අගන්ධක හා සගන්ධක වශයෙන් වර්ග කිරීමේ දී සුවඳ නැති මල් හා සුවඳ ඇති මල් වශයෙන් අරුත් ගැන්වේ. බුද්ධ කාලීන භාරතයෙහි පමණක් නොව වර්තමාන භාරතයෙහි ද මල් පිළිබඳව ඇත්තේ මහත් ඇල්මකි. එය මහා පරිමාණ ව්‍යාපාරයක් බවට ද පත්ව තිබේ. එදා භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන අවස්ථාවන්හි දී මග දෙපස අප්‍රමාණ රුවින් හා ගුණින් යුතු මල් වර්ග දකින්නට ඇත. රජ ගෙදරට මල් සපයන මල්කරුවෙකු වූ සුමන නම් පුද්ගලයෙකු රජුගෙන් ලැබිය හැකි මරණ දඬුවම ද නොතකමින්, ඉමහත් ශ්‍රද්ධාවකින් යුතුව මල් පුජා කළ අවස්ථාවක් පිළිබඳ අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වේ. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් ඉතා දුෂ්කරව අවබෝධ කරගත් ධර්මය ශ්‍රාවක ශ්‍රාවිකාවන් සඳහා සන්නිවේදනය කිරීමේ දී විවිධ ක්‍රම උපායන් භාවිත කරන ලද ආකාරය පිළිබඳව ද අපේ ත්‍රිපිටක ධර්මයෙහි සඳහන් වේ.

 

බුදුරදුන් මහා කරුණාවෙන් නාගදීපයට වැඩම කළ සේක

බක් මාසය යනු බත් මාසය යි. කෘෂිකාර්මික ජීවිතයකට හුරු වූ ලක්වැසියා මහා අස්වැන්නක්, ලබා අටු කොටු පුරවා ගන්නා මාසය බක් මාසය යි. එසේ සමෘද්ධිමත් කාලයක් උදාවන විට අනෙකුත් ගස් වැල් ද පල බර වී පරිසරයේ සිත්කලු වෙනසක් ඇති වන විට ජනතාවට නිදහසේ ගත කිරීමට ගැළපෙන කාලයක් බක් මාසය තුළ උදාවෙයි. ඉතා ඈත කාලයේ පටන්ම ලක්වැසියන්ට බක් මාසය වැදගත් වූයේ මේ නිසා ය. ඒ අනුව මෙරට අලුත් අවුරුදු සමය උදාවන්නේ ද බක් මාසයේ ය. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය ලක්වැසියන්ට ලැබුණු අලුත් අවුරුදු තෑග්ගක් බඳු ය. ඒ වනවිට බුදුරදුන් බුද්ධත්වයට පත්ව පස්වන වර්ෂය ද උදාවෙමින් පැවතිණි. මහා කරුණාවෙන් ලොව දෙස බලා වදාරන බුදුරදුන් එකල ලංකාවේ වාසය කළ චූලෝදර හා මහෝදර නා රජුන් මැණික් පුටුවක් මුල්කර ගෙන යුද්ධ කිරීමට සූදානම් වන බව සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිට දිවැසින් දුටු සේක.

 

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]