[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

ජා-ඇල, ඒකල, ශ්‍රී වාළුකාරාම විහාරවාසී ශාස්ත්‍රපති පරගහකැලේ නාලක හිමිපාණන් වහන්සේ මේ වන විට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙමින් දැඩි සේ ගිලන්ව වකුගඩුවක් බද්ධ කිරීමේ දැඩි අවශ්‍යතාවය මත වැඩ වාසය කරන බව කියයි. එබැවින් “ඒ” හෝ “ඕ” ලේ වර්ගයේ වකුගඩුවක් දන් දීමට කැමැති අයෙකුගෙන් වකුගඩුවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කෙරේ. එසේම උන්වහන්සේගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහාත්, වකුගඩුවක් බද්ධ කිරීමේ කටයුත්ත සඳහාත් ලක්ෂ 10 කට වැඩි මුදලක් වැය කිරීමට සිදු වී ඇති බැවින් පරිත්‍යාගශීලී පින් කැමැති සැමගේ සහාය, උදව් උපකාර අපේක්ෂා කෙරේ. විහාරාධිපති 0112232844, වාළුකාරාමස්ථ දායක සභාව - තුෂාර මයා (ලේකම්) – 077 1157736, ජයසිංහ මයා (සභාපති) – 071 8855277, ජයන්ත මයා (භාණ්ඩාගාරික) – 0777733963 මහජන බැංකුව, ශ්‍රී වාළුකාරාම දායක සභාව, ගිණුම් අංක – 2392 001 700 32775 ජා - ඇල ශාඛාව වේ.

.....................................................................................................................................

325/1/50 ඉහළ බෝමිරිය, කඩුවෙල යන ලිපිනයේ පදිංචි 24 හැවිරිදි එම්. පී. වික්‍රමසේකර වෛද්‍ය ශිෂ්‍යාවට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍ය බව වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය සුජිත් සෝමයියා මහතා නිර්දේශ කර ඇති බව කියයි.

ඇය වෙනුවෙන් වකුගඩුවකින් සහ මුදලින් ආධාර කළ හැකි පරිත්‍යාගශීලීන් වේ නම්, කඩුවෙල හැටන් නැෂනල් බැංකුවේ 082020001171 ඩබ්ලිව්. ඒ. ඩී. එම්. පමෝදා යන ගිණුමට ආධාර බැරකරන ලෙස ඇගේ පවුලේ සාමාජිකයින් ඉල්ලා සිටින අතර, 071 7247140 හෝ 0777 497888 අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකි යැයි කියයි.

.....................................................................................................................................

පිටිගල කරවුව ශ්‍රී සරණංකර මාවතේ එල්.ආර්. නිශ්ශංක කුමාර මහතාගේ දියණිය වන දිනුනි ඕෂාධ්‍යා දැනට මහරගම අපේක්ෂා රෝහලේ ලියුකේමියාව රෝගයෙන් පෙළෙමින් ප්‍රතිකාර ලබන අතර වැඩි දුර ප්‍රතිකාර සඳහා ඉන්දියාවේ ඇපලෝ රෝහල වෙත ගෙන යාමට අනුමත කර ඇති බව කියයි. ජීවිතය සුවපත් කර ගැනීමට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගෙනයාමට සිදුව ඇති බවත් කියයි. ඒ සඳහා වැය වන මුදල ඉතා අධික වන අතර ඒ සඳහා හැකි පමණින් මුදල් ආධාර පහත සඳහන් ගිණුම වෙත ලබාදෙන මෙන් ඉල්ලීමක් කෙරේ. මහජන බැංකුව, පිටිගල ශාඛාව 073 2 002 1 0022330, දුරකථන අංකය – 076 9721146 වේ.

.....................................................................................................................................

කඩවත රාගම පාරේ අංක 90/37 වීරව පෙදෙසේ පදිංචි 54 වියේ පසුවන රෝගී කාන්තාවකගේ වකුගඩු දෙකම අක්‍රිය වී රුධිර කාන්දුකරණය දින පහෙන් පහට කරන ලෙස කොළඹ රෝහලේ විශේෂඥ වෛද්‍ය රුචික ලැනරෝල් මහතා විසින් නිර්දේශ කර ඇති බව කියයි. “ඕ පොසිටිව්” වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි සහ උපකාර කළ හැකි අය පහත දුරකථන අංකවලට 0777 20 5430, 0112 926744 දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.

.....................................................................................................................................

හුණුමුල්ල කැලෑපිටිමුල්ල සීතලාගාරය 233 / 17 / 3 ලිපිනයේ පදිංචි ඒ.ඒ.ජේ.එන්. අධිකාරී නමැති අය වසර 20 ක පටන් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහතාගේ නිර්දේශය අනුව ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කියයි. කිසිදු රැකියාවක් කර ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවන බැවින් විශාල මුදලක් සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් හෙයින් හැකි තරමින් දායක වී ආධාර කරන්නැයි ඉල්ලීමක් කෙරේ. සම්පත් බැංකුවේ ගිණුම් අංක 118353861389 (මරදගහමුල ශාඛාව) 071 7639611, 077 84 72400 වේ.

.....................................................................................................................................

තිස්සමහාරාම කෝන්වැලෑන අංක 645 ලිපිනයේ පදිංචි ඩබ්.එම්.ඒ. නුවන් සමීර (අවු. 25) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කළයුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ආර්.ඩී. ලැනරෝල් මහතා නිර්දේශ කර ඇති බව කියයි.

සමෘද්ධි ලාභියකු වන පියා රැකියාවක් වශයෙන් ගොවිතැන් කරන අතර දැනට අවුරුදු 08 ක කාලයක සිට කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර සතියකට දෙවරක් ඩයලයිසීස් (ලේ පිරිසුදු කිරීම) කළයුතු බව ද කියයි. පරිත්‍යාගශීලීයකු වේ නම් “ඒ පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වකුගඩුවක් ලබාදෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලීමක් කෙරේ. වියදම් සඳහා මුදල් පරිත්‍යාගශීලියෙකු වේ නම් මෙහි සඳහන් ගිණුම් අංක 0612000105087606 මහජන බැංකුව-තිස්සමහාරාම, ඩබ්.එච්.ඒ. සෝමසිරි ගිණුමට මුදල් පරිත්‍යාග කරන මෙන් ද ඉල්ලීමක් කෙරේ. දු.ක – 072 9650826

.....................................................................................................................................

අංක 57/70 ගී‍්‍රන්වේ පාර්ක්, පානළුව, වටරැක, පාදුක්ක ලිපිනයේ පදිංචි, තිදරු පියෙකු වන 41 හැවිරිදි ප්‍රේමජිත් දේවපි‍්‍රය රණවීර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට “බී පොසිටිව් හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් වහාම බද්ධ කළයුතු බවට විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. ඉහත වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් වෙතොත් පහත අංකයන්ට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ. දුරකථන අංකය – 071 4393 409 හෝ 077 4445414 වේ.

.....................................................................................................................................

කොටුගොඩ කසගහවත්ත සිරිපැරකුම් මාවත, 295 ලිපිනයේ පදිංචි ආර්. කරුණාසේන ද සිල්වා වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් මාලිගාවත්ත වකුගඩු රෝහලෙන් නිර්දේශ කර ඇත්තේ වකුගඩුවක් බද්ධ කිරීම සඳහා බව කියයි. පරිත්‍යාගශීලී අයෙකුගෙන් වකුගඩුවක් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර “බී හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් ලබා දිය හැකි අයෙකු වෙතොත් දුරකථන අංකය 0761081796 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 18 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.26 ට ලබයි. 19 වන දා සිකුරාදා අපරභාග 04.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා සිකුරාදා ය.

 මීළඟ පෝය අප්‍රේල් 26 වන සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]