ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ බක් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අපේ‍්‍රල් 19 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධුරන්දර මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති සිරිසරණංකරෝපසේන වංශාලංකාර මකුලෑවේ විමල නාහිමියන් වෙත බුරුම රජය මගින් පසුගියදා (20) අග්ග මහා පණ්ඩිත උපාධිය පිරිනමන ලදී.
එම උපාධි ප්‍රදානෝත්සවය බුරුමයේ නෙපිටෝහි උපසසන්ති පැගෝඩා ශාලාවේ දී පැවැති අතර එහිදී බුරුමයේ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය තුරායු මහතා විසින් අග්ගමහා පණ්ඩිත උපාධිය පිළිබඳ අක්ත පත්‍රය පිළිගැන්වූහ. නාහිමියන්වෙත විශේෂ පිරිකර පූජාව බුරුමයේ ජනාධිපති යු.වින්. මයින් මහතා විසින් සිදු කරන ලදී.
අනතුරුව අවුන්සාං සුකී මැතිණිය ඇතුළු මැති ඇමැතිවරු සහ සම්භාවනීය අමුත්තන් පිරිකර පූජා පැවැත්වූහ. එම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරී අත්තංගනේ සාසනරතන හිමි, අධිකරණ ලේඛකාධිකාරී, මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමි, නියෝජ්‍ය ලේඛකාධිකාරී නැදගමුවේ විජය මෛත්‍රී හිමි. උතුරුමැද පළාත් සංඝ සභාවේ පොතානේ ධම්මානන්ද හිමි, පරියත්ති ලේඛකාධිකාරී පල්ලේගම රතනභාරතී හිමි, නියෝජ්‍ය සංවර්ධන ලේඛකාධිකාරී වලස්ගල පඤ්ඤාසිරි හිමි සහ මකුලෑවේ ධම්මරතන හිමියන් ද එම අවස්ථාවට සහභාගි වූහ.
මීළඟ පෝය අප්‍රේල් 26 වන සිකුරාදා
පසෙලාස්වක
අපේ‍්‍රල් 19
අව අටවක
අපේ‍්‍රල් 26
අමාවක
මැයි 04
පුර අටවක
මැයි 12
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]