[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අප්‍රේල් 07 වනදා සඟසතුව
පූජා කරන රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමයේ සදහම් මැදුර

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 05 වනදා සිකුරාදා අපරභාග 02.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

මල්වතු මහා නාහිමියන් වෙතින් සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ශ්‍රී සන්නස් පත්‍ර ලබයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරනු ලබන ජාතික, ආගමික හා ශාසනික සේවාව සැලකිල්ලට ගනිමින් ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංසත් වර්ගික කාරක මහා සංඝ සභාව මගින් ඒ මහතාට ''ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන'' ගෞරව නාමය ඉකුත් දා (31) මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී පිරි නමනු ලැබී ය. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභික හිමිවරු මංගල උපෝෂථාගාරයට වැඩම කිරීමෙන් පසු මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි අනු නාහිමියන් විසින් පිරිස පංචශීලයේ පිහිටුවා විශේෂ අනුශාසනාවක් පවත්වමින් සජිත් ප්‍රේමදාස මහතාට එම ගෞරව නාමය පිරි නැමීමට හේතු පැහැදිලි කිරීමක් කරනු ලැබූහ.

සාමග්ගි මහ සඟ සමුළුව

ශ්‍රී ලාංකීය ජනතාවගේ හිමිකම් ආරක්ෂා කර ගැනීමේ ජාතික ප්‍රතිපත්ති මාලාවක් සඳහා වූ සාමග්ගි මහා සඟ සමුළුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කර තිබුණි. එම මහා සඟ සමුළුව පසුගිය දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී මහා සංඝරත්නයෙහි සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමි, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා විසින් විශේෂ දේශන පවත්වන ලදී. එම සාමග්ගි මහ සඟ සමුළුව ඉදිරියටත් සාර්ථකව පවත්වන බව මහා සංඝ රත්නය පවසයි.

 

ධර්ම දේශනාව:

සුව ගෙනදෙන ආත්ම දමනය

සැවැත්නුවර ඉසුරුමත් පවුලක මව්පිය දෙපළක් අගසවු සැරියුත් මහරහතන් වහන්සේට සිව්පසයෙන් නිති උපස්ථාන කරති. ඔවුනට පිනැති පුත් රුවනක් ලැබිණ. එම කුමරු මව්කුස පිළිසිඳගත් තැන් පටන් නිවසෙහි වෙසෙන සියලු දෙනාම සුව සම්පතින් පිනා ගියහ. දුක් දොම්නස්, රෝග පීඩා යනාදී බාධක දුරු විය. මෙම කුමරු උපන් පසු ඔහුට නම් තැබීම සඳහා සැරියුත් මහරහතන් වහන්සේට ආරාධනා ලැබිණ. කුමරු මව්කුස පිළිසිඳගත් දා පටන් පවුලේ සියලු දෙන සුවසේ වැඩුණු බව දත් උන්වහන්සේ කුමරුට ‘සුඛ කුමාර’ යන නම තැබූහ.  යහතින් වැඩෙන කුමරු සත් හැවිරිදි වියේ දී පැවිදි වීමට කැමැත්තක් දැක්වී ය. සැදැහැවත් මව්පියෝ සැරියුත් මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස කුමරු පැවිදි කර වූ හ. පැවිද්දෙන් පසු පණ්ඩිත සාමණේර නම ලෙස හැඳින්විණ. දිනක් සැරියුත් මහතෙරුන් වහන්සේ සමඟ පණ්ඩිත සාමණේරනම පිඬු සිඟා වඩිමින් සිටියහ. අතරමග දී ඇල මාර්ග ඔස්සේ ඒ ඒ තැන් කරා දිය ගෙන යන්නන් පිරිසක් සාමණේර නමට දැක ගැන්මට ලැබුණි. මොවුහු කුමක් කරත්දැයි, සැරියුත් තෙරුන් ගෙන් විමසී ය. මොවුන් කුඹුරු වගාවන් සඳහා ඒ ඒ තැන් දක්වා ජලය ගෙනයන බව සැරියුත් තෙරණුවෝ වදාළහ.තවත් මද දුරක් ගමන් කරන විට සාමණේර හිමියන්ට දැකගත හැකි වූයේ ඊතල ගින්නෙන් තවමින්, ඇස් අගින් බලා ඇද හරින හී වඩුවන් පිරිසකි. තවත් මද දුරක් ඉදිරියෙන් ලී දඬු නැවීම්, ඇද හැරීම් යනාදී සියුම් වැඩ මගින් රථවල නිම්වළලු සකස් කරන පිරිසක් දැකගත හැකි විය. පසුව පිණ්ඩපාත ගමන නතර කළ සාමණේර හිමි පෙරළා විහාරගෙය තුළට පිවිසියේ ය.

 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් ශ්‍රී පාලිත විමලධම්ම වංශාවතංස ධර්මකීර්ති සංඝශෝභන ගෞරව නාමයෙන් පිදුම් ලබන

නිට්ටඹුව රන්පොකුණගම බෞද්ධ මහා විහාරාධිපති වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති බෝලියද්දේ විමලානන්ද මා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් ශ්‍රී පාලිත විමලධම්ම වංශාවතංස ධර්මකීර්ති සංඝශෝභන ගෞරව නාමයෙන් පිදුම් ලබන නිට්ටඹුව රන්පොකුණගම බෞද්ධ මහා විහාරාධිපති, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, ශාස්ත්‍රපති බෝලියද්දේ විමලානන්ද මහා ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ කාරක පාලක සංඝ සභාව මඟින් “ශ්‍රී පාලිත විමලධම්ම වංශාවතංස ධර්ම කීර්ති සංඝශෝභන” යන ගෞරව නාමය පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය රන්පොකුණගම බෞද්ධ මහා විහාරස්ථානයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක, අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ ලේකම් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් අප්‍රේල් 06 පස්වරු 2.30 ට පැවැත්වේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]