[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සුව ගෙනදෙන ආත්ම දමනය

සැවැත්නුවර ඉසුරුමත් පවුලක මව්පිය දෙපළක් අගසවු සැරියුත් මහරහතන් වහන්සේට සිව්පසයෙන් නිති උපස්ථාන කරති. ඔවුනට පිනැති පුත් රුවනක් ලැබිණ. එම කුමරු මව්කුස පිළිසිඳගත් තැන් පටන් නිවසෙහි වෙසෙන සියලු දෙනාම සුව සම්පතින් පිනා ගියහ. දුක් දොම්නස්, රෝග පීඩා යනාදී බාධක දුරු විය. මෙම කුමරු උපන් පසු ඔහුට නම් තැබීම සඳහා සැරියුත් මහරහතන් වහන්සේට ආරාධනා ලැබිණ. කුමරු මව්කුස පිළිසිඳගත් දා පටන් පවුලේ සියලු දෙන සුවසේ වැඩුණු බව දත් උන්වහන්සේ කුමරුට ‘සුඛ කුමාර’ යන නම තැබූහ.  යහතින් වැඩෙන කුමරු සත් හැවිරිදි වියේ දී පැවිදි වීමට කැමැත්තක් දැක්වී ය. සැදැහැවත් මව්පියෝ සැරියුත් මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස කුමරු පැවිදි කර වූ හ. පැවිද්දෙන් පසු පණ්ඩිත සාමණේර නම ලෙස හැඳින්විණ. දිනක් සැරියුත් මහතෙරුන් වහන්සේ සමඟ පණ්ඩිත සාමණේරනම පිඬු සිඟා වඩිමින් සිටියහ. අතරමග දී ඇල මාර්ග ඔස්සේ ඒ ඒ තැන් කරා දිය ගෙන යන්නන් පිරිසක් සාමණේර නමට දැක ගැන්මට ලැබුණි. මොවුහු කුමක් කරත්දැයි, සැරියුත් තෙරුන් ගෙන් විමසී ය. මොවුන් කුඹුරු වගාවන් සඳහා ඒ ඒ තැන් දක්වා ජලය ගෙනයන බව සැරියුත් තෙරණුවෝ වදාළහ.

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 05 වනදා සිකුරාදා අපරභාග 02.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]