[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරනු ලබන ජාතික, ආගමික හා ශාසනික සේවාව සැලකිල්ලට ගනිමින් ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංසත් වර්ගික කාරක මහා සංඝ සභාව මගින් ඒ මහතාට ''ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන'' ගෞරව නාමය පිරි නමනු ලැබී ය.

මල්වතු මහා නාහිමියන් වෙතින් සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ශ්‍රී සන්නස් පත්‍ර ලබයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරනු ලබන ජාතික, ආගමික හා ශාසනික සේවාව සැලකිල්ලට ගනිමින් ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංසත් වර්ගික කාරක මහා සංඝ සභාව මගින් ඒ මහතාට ''ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන'' ගෞරව නාමය ඉකුත් දා (31) මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී පිරි නමනු ලැබී ය. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභික හිමිවරු මංගල උපෝෂථාගාරයට වැඩම කිරීමෙන් පසු මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි අනු නාහිමියන් විසින් පිරිස පංචශීලයේ පිහිටුවා විශේෂ අනුශාසනාවක් පවත්වමින් සජිත් ප්‍රේමදාස මහතාට එම ගෞරව නාමය පිරි නැමීමට හේතු පැහැදිලි කිරීමක් කරනු ලැබූහ.

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 05 වනදා සිකුරාදා අපරභාග 02.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]