UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික බිංගිරිය දේවගිරි පුරාණ රාජමහා විහාරස්ථානයේ පැවැති රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවයෙන්

බිංගිරිය දේවගිරි පුරාණ රාජ මහා විහාරස්ථානයේ දී ඉකුත් දා (28) රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවය පූජනීය සම්භාවනීය මහ සඟරුවනෙහි ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවෙලගෙදර යන මහත්වරු ද එම දහම් හමුව ඇමතූහ.

ඉතිරිය»

බුද්ධ රශ්මි වෙසක් කලාපයෙන්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සංවිධානය කරන ලද බුද්ධ රශ්මි වෙසක් කලාපයේ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය (29) වැනි දා පස්වරුවේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත් අයුරු.

ඉතිරිය»

ලේක්හවුස් අමාදහර වෙසක් කලාපයෙන්

බුදුරජාණන් වහන්සේට ආමිස පූජාවන් කිරීම අමාදහර වෙසක් කලාපය තුළින් සිදුවන බව ගංගාරාම විහාරවාසී වැල්ලවායේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ. ලේක්හවුස් අමාදහර වෙසක් කලාපයේ දෙවන දිනය ආරම්භක අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. ලේක්හවුස් අමාදහර වෙසක් කලාපය දෙවන දිනයට ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක ආමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා සහභාගී විය. ලේක්හවුස් ආයතනය ඉතාම ශ්‍රද්ධාවන්තව මේ ආමිස පූජා කටයුතු සිදුකර තිබෙන බවත් ක්‍රිශාන්ත කුරේ සභාපතිවරයා මෙවර වෙසක් කලාපය ඉතා විචිත්‍රවත් ආකාරයට සිදුකර ඇති බවත් ධම්මසිරි ස්වාමීන් වහන්සේ පැවසූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සම්බුදු උපත සැපතකි

සකල ලෝකවාසී බෞද්ධ ජනතාව මෙවර වෙසක් උළෙල සැමරීමත්, සමඟම 2562 ශ්‍රී බුද්ධ වර්ෂය උදාවිය. බුදුවරුන්ගේ උපත ලොවට සෙතකි. ශාන්තියකි. බුදුන් වදාළ ධර්මය ද එලෙසම ලොවට සැපතක් වන්නේ ය. ජීව පරිසරය තුළ මෙන් ම අජීවි පරිසරය විෂයෙහි ද මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයෙන් යුතුව වාසය කිරීමට ජනතාවට ඉගැන්වූයේ සම්බුදු දහම මගිනි. තෙමඟුල් උදානය සිහිපත් කළ අප සැවොම සිදුහත් උපත සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන සියල්ල රුක් සෙවනක තුරුලිය පසුබිමක සිදු වු අසිරිමත් සිදුවීම් බව නිරතුරු සිහිපත් කළ යුතු ය.

ඉතිරිය»

ගී බණ පද -6:

පිපෙනා මලකට ගලනා දොළකට දැනෙනා බුදුගුණ

බුදුරජාණන් වහන්සේ පිළිබඳව, උන්වහන්සේ තුළ පවතින අනන්ත වූ අපරිමිත බුදුගුණ සිහිපත් කරන ගීත නිර්මාණ බොහෝ සේ ගීත සාහිත්‍යයෙහි දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ සංසාරගත අත්දැකීම් පිළිබඳව, ස්මරණයක් කරන බව පිපෙනා මලකට ගීතය තුළින් දැකිය හැකි ය. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනන්තයි. බුදුගුණ අප්‍රමාණයි. ප්‍රමාණාත්මකව සාකච්ජා කර නිම කළ නොහැකි, සිතා මෙනෙහි කරමින් නිමා කළ නොහැකි නිසාම බුදුගුණ අනන්තයි. අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කෙතරමි සිතුව ද , විමසුව ද, අධ්‍යයනය කළ ද, සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයකුට පරිපූර්ණ වශයෙන් බුදුගුණ පිළිබඳ නිශ්චයකට එළඹීමේ හැකියාවක් නැත.

ඉතිරිය»

භාරද්වාජ බමුණා ප්‍රසාදයට පත්වීම

 

  වෙසක් අව අටවක පෝය


 වෙසක් අව අටවක පෝය මැයි මස 07 වන දා සඳුදා අපර භාග 06.27 ට ලබයි. 8 වන දා අඟහරුවාදා අපර භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 08 වන දා අඟහරුවාදා ය.

 

මී ළඟ පෝය මැයි 15 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]