UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම

සිරිලක බෞද්ධ ශිෂ්ටාචාරයේ උල්පත මිහින්තලාවයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර දෙසිය තිස්හයක් එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය ධර්මදූත පිරිස ගෞතම බුදුරදුන්ගේ සදහම් පණිවුඩය රැගෙන දඹදිව සිට මිස්සක පව්වට එනම් මිහින්තලාවට වැඩමවීමෙන් පසුව සිරිලක්වාසීන්ට ජීවත්වීම උදෙසා නව ජීවන මාර්ගයක් මෙන් ම දර්ශනයක් ද හිමි වූයේ ය.මෙම අසිරිමත් සිදුවීමෙන් ශ්‍රී ලංකාව ථේරවාද බුදුදහම මෙන් ම බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම, දඹදිව ධර්මාශෝක මහා අධිරාජයාණන්ගේ පුත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට පූර්ණ ගෞරවය හිමිවෙයි.මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන පිළිබඳ දීපවංශය, මහාවංශය සහ සමන්තපාසාදිකා නම් විනය අටුවාවේ ද කරුණු සඳහන් ව ඇත.බුදුසසුන බැබළ වූ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ එදා පැළලුප් නුවර ධර්මාශෝක මහා අධිරාජයාණන්ගේ අනුග්‍රහයෙන් පැවැත් වූ තුන්වන ධර්ම සංගායනාව නිමවා මතු කාලය බලන සේක්. ජනපදයන් හි සසුන් පිහිටවන බැව් දැන වප් මාසයෙහි ඒ ඒ තෙරුන් ඒ ඒ ජනපදයන්ට යැවූ සේක.

ඉතිරිය»

 

  වෙසක් අව අටවක පෝය


 වෙසක් අව අටවක පෝය මැයි මස 07 වන දා සඳුදා අපර භාග 06.27 ට ලබයි. 8 වන දා අඟහරුවාදා අපර භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 08 වන දා අඟහරුවාදා ය.

 

මී ළඟ පෝය මැයි 15 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]