UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් අමාදහර වෙසක් කලාපයෙන්

ලේක්හවුස් අමාදහර වෙසක් කලාපයෙන්

බුදුරජාණන් වහන්සේට ආමිස පූජාවන් කිරීම අමාදහර වෙසක් කලාපය තුළින් සිදුවන බව ගංගාරාම විහාරවාසී වැල්ලවායේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.

ලේක්හවුස් අමාදහර වෙසක් කලාපයේ දෙවන දිනය ආරම්භක අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

ලේක්හවුස් අමාදහර වෙසක් කලාපය දෙවන දිනයට ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක ආමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා සහභාගී විය.

ලේක්හවුස් ආයතනය ඉතාම ශ්‍රද්ධාවන්තව මේ ආමිස පූජා කටයුතු සිදුකර තිබෙන බවත් ක්‍රිශාන්ත කුරේ සභාපතිවරයා මෙවර වෙසක් කලාපය ඉතා විචිත්‍රවත් ආකාරයට සිදුකර ඇති බවත් ධම්මසිරි ස්වාමීන් වහන්සේ පැවසූහ.

ලේක්හවුස් ආයතනය හා කොළඹ තරුණ බෞද්ධ සංගමය එක්ව චිත්‍ර තරගයක් පැවැත් වූ අතර, ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය ලේක්හවුස් අමාදහර වෙසක් කලාපයට සමගාමීව සිදු කෙරිණි.

අමාදහර වෙසක් කලාපයේ බොදු ගී සරණිය සඳහා දිවයිනේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් රැසක් එක් වූ අතර,ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංගීත කණ්ඩායම, ශ්‍රී ලංකා ගුවන් හමුදා සංගීත කණ්ඩායම විසින් සංගීතය එක් කෙරිණි.

අමාදහර වෙසක් කලාපයට සමගාමීව ප්‍රථම වරට බත් දන්සලක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබුණු අතර බත් දන්සල දින දෙකක් පුරා පැවැත්විණි.

ලේක්හවුස් ආයතනයේ වෙසක් කලාපය 1982 වසරේ ආරම්භ කළ අතර, 2002 වසරේ දී අමාදහර වෙසක් කලාපය ආරම්භ කෙරිණි. මේ අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂවරුන් වන දුෂ්‍යන්ත බස්නායක, උමා රාජ මන්ත්‍රි, සමාගම් ලේකම් කුමුදු ගුණවර්ධන, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන නාරද සුමනරත්න, සුභාෂ් කරුණාරත්න, ගාමිණි නුකුලසූරිය, රසන්ත චන්ද්‍රතිලක, විරාජිත් බොයිස්, වරුණ මල්ලවාරච්චි, ජ්‍යෙෂ්ඨ කළමනාකරු චන්ද්‍රලාල් සූරියආරච්චි, පරිපාලන කළමනාකරු නාමල් පීරිස්, දිනමිණ කර්තෘ පුෂ්පා රොවෙල්, බෞද්ධ සංගමයේ සභාපති බුදුසරණ උපදේශක කර්තෘ සීසර් සුදුසිංහ, ලේකම් පි‍්‍රයන්ත කුමුදුසිරි, භාණ්ඩාගාරික පි‍්‍රයන්ත විජේසූරිය, බුදුසරණ කර්තෘ රමණී සුබසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු කර්තෘවරුන් මෙන්ම නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

 

  වෙසක් අව අටවක පෝය


 වෙසක් අව අටවක පෝය මැයි මස 07 වන දා සඳුදා අපර භාග 06.27 ට ලබයි. 8 වන දා අඟහරුවාදා අපර භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 08 වන දා අඟහරුවාදා ය.

 

මී ළඟ පෝය මැයි 15 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]