| 
								
									|  |  
									|   |  
									| 
                   කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ 
					අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී 
					දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉකුත්දා (12) ශ්‍රී ජයවර්ධනපුර 
					පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු 
					කැරිණි. එම අවස්ථාවට අතිපූජනීය මහා නායක හිමිපාණන් වහන්සේලා 
					ප්‍රධාන පූජනීය මහ සඟරුවන ද සෙසු ආගමික නායකයන් ද සහභාගි වූහ. 
					ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් 
					වික්‍රමසිංහ මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක 
					කුමාරතුංග මහත්මිය ඇතුළු මැති ඇමැතිවරු හා තානාපතිවරු ද සහභාගි 
					වූහ.
 |  
									|  |  | පෝරෙගෙදර සුමනවංශ හිමියෝ 
			කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලබතිමහනුවර ශ්‍රී උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මහා විහාර වංශික 
			ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක 
			ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාවේ 
			සමානච්ඡන්දයෙන්, “පරිත්ත භානක – මංගල ධර්මකීර්ති ශ්‍රී ආර්යවංශ” යන 
			ගෞරව නාම සම්මුතිය සහිත, කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය 
			වාද්දුවේ මාවල ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති විශ්‍රාමික පරිවේණාධිපති 
			ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති පෝරෙගෙදර සුමනවංස හිමියන් වෙත පත් කර ඇත.
			 
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
 
	
		| 
		
		
		    ඉල් මස පුර පසළොස්වක පෝය 
		ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා 
		පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය 
		පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.  
		මීළඟ පෝය දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |