UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඩුගන්නාව පොත්ගුල් විහාරය

කඩුගන්නාව ඉල්ලදොර පොත්ගුල් විහාරයේ කඨින පින්කම 24,25 දිනවල විහාරාධිපති යටිනුවර ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති ඕවල සෝරත හිමි ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


කැලණි රජමහා විහාරය

කැලණි රජමහා විහාරයේ කඨින පින්කම විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ මස 25 වැනි දින පැවැත්වේ.

මෙවර කඨින චීවරය හිමිදිරි පාන්දර 4.00 ට පෙරහරකින් වැඩමවනු ලබන්නේ කැලණිය සිංහාරමුල්ල තේක්කවත්ත පටුමග අංක 20 දරන නිවසේ සිටයි. පෙරවරු 6.00 ට කඨින චීවරය සඟ සතු කර පූජා කෙරේ. දහවල මහ සඟ රුවන වෙත සපිරිකර සංඝගත දක්ෂිණාවකි. මහා කප්රුක් පූජාවක් චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා ශෛල්‍යමය බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීම සහ සවස මහ සඟරුවන වෙත ගිලන්පස පූජාවෙන් අනතුරුව රාත්‍රී 7.30 සිට 8.30 දක්වා කඨිනානිසංස ධර්ම දේශනාව පවත්වා පරීස්කාර පූජාවෙන් මෙවර පින්කම අවසන් කෙරේ.


වාද්දුව දෙගම්බද විහාරය

වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 25 වෙනිදා වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය හා වාද්දුව සමුද්‍රාරාම පිරිවෙන් විහාරස්ථානය යන උභය විහාරාධිපති රයිගම් සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක බෝපිටියේ ධම්මිස්සර නාහිමිගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙවර කඨින පින්කම වාද්දුව විජිත සුමනසේකර මහතා සහ එම මහත්මියගේ දායකත්වයෙන් සිදුකෙරේ.

6.00 අට විසි බුද්ධ පූජා පින්කම පවත්වා 7.00 කඨිනානිසංස ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත කතරගම රතනවංශ හිමියන් විසින් පවත්වනු ලබයි.


තලංගම සිරි සුබෝධාරාමය

තලංගම උතුර සිරි සුබෝධාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින මහා පින්කම මේ මස 24 -25 යන දිනයන්හි පැවැත්වීමට විහාරාධිපති ශාස්ත්‍රපති මුලටියන සිරි ධම්මසේන හිමියන්ගේ අනුශාසනය පරිදි කටයුතු යොදා ඇත.

24 වැනි දා රාත්‍රියෙහි පෙරහරක්ද එදින රාත්‍රියෙහි පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද 25 වැනි දා උදෑසන සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමේ.


සීනිගම කුසුමාරාම පුරාණ විහාරය

සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරාධිපති සීනිගම නන්දරතන තිස්ස නාහිමි අපවත් වී හත්වැනි ගුණ සමරුව වෙනුවෙන් මේ මස 22 පැවැත්වුණි. කඨින චීවර මහා පින්කමේදී ගුණානුස්මරණ සිදු කිරීමේ පින්කම විහාරාධිපති හික්කඩුව උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී, අකුරළ මංජුලතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.


හම්බන්තොට සුමේධාරාම වෙහෙර

හම්බන්තොට, නාගරවැව ශ්‍රී සුමේධාරාම බුදුරජ වෙහෙර මූලික පිරිවෙන් විහාරස්ථානයේ දී වාර්ෂික කඨින පින්කම මේ මස 24, 25 දිනයන්හි පැවැත්වෙන බව විහාරාධිපති පනාමුරේ සුනන්ද හිමියන් දන්වා ඇත. කඨින පින්කමේ දායකත්වය සූරියවැව සරත් ආනන්ද මහතා විසින් දරනු ලැබේ.


මීරිගම ශාසනවර්ධන පිරිවෙන

මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරයේ කඨින පින්කම මේ මස 25 වැනි දා විහාරස්ථානයේදී පැවැත්වෙයි. 25 වැනිදා අලුයම කුමාරි ධර්මදාස මහත්මියගේ නිවසේ සිට කඨින පෙරහර පිටත් වෙයි. පෙහෙවස් සමාදන් වීම හා කඨින චීවරය සඟසතු කර පූජා කිරීම උදේ 6.30ට සිදු කරයි. දහවල් සංඝරත්නය විෂයෙහි දක්ෂිණාවක් ද පැවැත්වෙයි. මෙයට අමතරව පොහෝ දා වැඩසටහන් සුපුරුදු පරිදි සිදු කරයි.


මහනුවර

මහනුවර අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ මහෝපාධ්‍ය ශ්‍රී නාථ දේවාල විහාරය, ඓතිහාසික, බම්ඹාරාජ මහ විහාරද්වයාධිපති, ගොමගොඩ, රතනසාර නාහිමි ප්‍රධානත්වයෙන් කඨින පින්කම 24,25 වප් පසළොස්වක පෝදා පැවැත්වේ. 24 සවස ආගමික වැඩසටහනකි.


මහනුවර ලේවැල්ල ගංගාරාමය

මහනුවර, ලේවැල්ල ගංගාරාම රජමහා විහාර කඨින පින්කම 24,25 මල්වතු මහා විහාර කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික සංඝරාජ පරිවෙණාධිපති ගංගාරාම විහාර භාරකාර නැහැලිවල පියදස්සි හිමි ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.


ගන්මෝරුව රජමහා විහාරය

පේරාදෙණිය ගන්නෝරුව රජ මහ විහාරාධිපති යටිනුවර උප ප්‍රධාන අධිකරණ සංඝනායක අඹන්පොල සුමංගල නාහිමි ප්‍රධානත්වයෙන් විහාර කඨින පින්කම නොවැම්බර් 24,25 දිනයන්හි සිදුකෙරේ.


කරල්ලියද්ද උපෝෂථාරාමය

කරල්ලියද්ද උපෝෂථාරාමයේ කඨින පින්කම විහාරවාසි ශාස්ත්‍රපති කැටකුඹූරේ ධම්මාරාම හිමි ප්‍රධානත්වයෙන් 24,25 දිනවල සිදුකෙරේ. කුල දරුවන් දෙදෙනකු සසුන්ගත කිරීමද පැවැත්වේ.


තලාතුඔය ශ්‍රී සද්ධර්මාරාමය

තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමයේ කඨින පින්කම් විහාරාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමි ප්‍රධානත්වයෙන් නොවැම්බර් 24,25 දිනවල පැවැත්වේ.

කටුගස්තොට යටිවාවල රාජසිංහාරාමයේ කඨින පින්කම විහාරාධිපති පූලියද්දේ ඤාණාලෝක හිමි ප්‍රධානත්වයෙන් 24,25 දිනවල පැවැත්වේ .

(කේ. බණ්ඩාරනායක )


අනුරාධපුර බෞද්ධ මණ්ඩලය

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය පවත්වනු ලබන කඨින චීවර පූජාව මෙම පුර පොහොය දින සිදු කෙරේ. කඨින වස්ත්‍රය විවීම සඳහා අලංකාර මණ්ඩපයක් ඉදිකොට පහන් දල්වා සුවඳ දුම් විහිදුවා සෙත් පිරිත් දේශන පවත්වා අත් යන්ත්‍රයක් උපයෝගී කරගෙන කඨින වස්ත්‍රය විවීම ආරම්භ කරනුයේ පොහොයට පෙර දින මැදියම් රැයේ සිටය. එසේ වියන ලද කඨින වස්ත්‍රය, සේදීම, කඩ බෙදීම, කඩ කැපීම, එක් කොට මැසීමෙන් පසු, දින කීපයක් කොළ මල්, මුල්, වර්ග තම්බා, සකස් කළ ස්වභාවික පඬු ඔරුවක බහා පඬු පෙවීම කරනු ලබයි. විනයානුකූලව සම්පූර්ණ කිරීම මෙහි ඇති විශේෂත්වයයි. එසේ සකස් කර ගත් කඨින චීවරය, එදින දහවල් සිදු කරනු ලබන මහා සාංඝික දානයෙන්, වස් විසූ භික්ෂූන් වහන්සේලා වෙත පිරිනැමේ. කඨින ආනිශංස ධර්ම දේශනාව එදින සවස පැවැත්වේ.


මැද මහනුවර

තෙල්දෙනිය මැද මහනුවර ඓතිහාසික පුරාණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති දෙදුම්බර සංඝනායක කලවල ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 20 හා 21 දිනවල දී පැවැත්විණි.


කුරුණෑගල දඹුල්ල පාර ශ්‍රී සාරානාත් විහාරය

පෙරවරු. 6.30 – 7.45 සීල සමාදානය, කිරි ආහාර පූජාව, තෙරුවන් වන්දනාව - විහාරාධිපති උප්පලවත්තේ විමලානන්ද හිමි, 8.15 – 10.15 භාවනාව නිමල් රාජපක්ෂ මහතා, 11.00 දහවල් සම්බුද්ධ පූජාව බැමිණිගල්ලේ සාන්ත හිමි, සීල ආවර්ජන, තෙරුවන් වන්දනාව, තුන් සූත්‍ර දේශනාව - සියලුම සිල් පිරිස, පස්වරු 2.00 ධර්ම සාකච්ඡාව විශ්‍රාමික අධ්‍යාපන නිලධාරී චරිත වික්‍රමසිංහ මහතා, 4.00 විශේෂ ධර්මානුශාසනාව, 6.00 අධිෂ්ඨාන පහන් පූජාව සහ ආශිර්වාද බෝධි පූජාව මෙහෙයවීම – විහාරාධිපති උප්පලවත්තේ විමලානන්ද හිමි.


අකුරැස්ස මාරඹ රජමහා විහාරය

අකුරැස්ස මාරඹ රජ මහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය මේ මස 24 දා සහ 25 දා පැවැත්වේ.


මල්වතු මහා විහාරයේ කඨින පින්කම

මහනුවර මල්වතු මහා විහාරයේ කඨින පින්කම නොවැම්බර් 21, 22 දිනයන්හි, මල්වතු මහා විහාරාධිවාසි ජ්‍යෙෂ්ඨ කාරක සභික මහෝපාධ්‍ය අග්ග මහා පණ්ඩිත අලුත්ගම, ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා කාරක සංඝ සභික සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්මරක්ඛිත කැටයාපනයේ පියදස්සි හිමිගේ සංවිධායකත්වයෙන් හා ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ හා සංඝරාජ කාන්තා සමිතියේ මූලිකත්වයෙන් 72 වෙනි වතාවටත් පැවැත්වුණි.


යහමුල්ලේ බෝධිරුක්ඛාරාමය

යහමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 24, 25 දිනයන්හි පැවැත්වේ. 24 දා රාත්‍රී බෝධි පූජාවකි. අනතුරුව කඨින චීවරය රැගත් පෙරහර සංචාරය කැරේ. 25 දා උදේ කඨින චීවර පූජාව සිදු කැරෙන අතර දහවල් සංඝගත දක්ෂිණාවකි. කඨිනානිසංශ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ විහාරාධිපති යහමුල්ලේ අනුරුද්ධ හිමියන් විසිනි.

 

 

    ඉල් මස පුර පසළොස්වක පෝය

ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා  
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]