UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් පුර පසළොස්වක 2015.11.25

චීවර මාසය

රණැස ඉසිපතනාරාමයෙහි වස් කාලය ගත කළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වස් පවාරණයෙන් අනතුරුව පළමු ධර්මදූත පිරිස වූ රහතන් වහන්සේලා සැට නම අමතා “චරථ භික්ඛවෙ චාරිකං ආදී වශයෙන් “මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද, සැප පිණිසද, ලොවට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ට වැඩ පිණිසද, හිත පිණිසද, සැප පිණිසද චාරිකාවෙහි හැසිරෙවු. දෙනමක් එක් මගින් නොයවු. මහණෙනි, මුල, මැද, අග යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දෙසවු. පිරිසුදු වූ බ්‍රහ්මාචාර්ය ප්‍රකාශ කරවු” අවවාද දී ධර්මදූත සේවාවෙහි යෙදවූ ඓතිහාසික දිනය ඉල් පුර පසළොස්වක පොහොය දවසයි.

සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් රැසකට මූලික වූ දිනයක් ලෙස ඉල් පුර පසළොස්වක පොහොය සැලකිය හැකිය. ඒ අතර මෛත්‍රෙය බෝධි සත්ත්වයන් වහන්සේ විවරණ ලැබීමද, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිල පිරිස දමනය සඳහා උරුවෙල් දනව්ව බලා වැඩම කිරීමත්, පසු වස්පවාරණය කළ යුතු දිනය වීමත් කඨිනාස්කරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීමත්, සැරියුත් මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීම යනාදි කරණු රැසක් සිහිගන්වන අසිරිමත් පොහොය දිනයකි. ඉල් පුර පසළොස්වක පොහොය දිනය.

චීවර මාසයෙහි අවසන් දිනය ලෙස සලකනු ලබන ඉල් පුර පසළොස්වක පෝදා ශාසන චිරස්තිථිය ද පතා අත්‍යුදාර පින්කම්වල යෙදී සිට බොදු සැදැහැවත්හු කඨින චීවර පූජාකොට නිමාවට පත්වෙති. ඒ අනුව බලනවිට බොහෝ දෙනා පින්පල නෙළා ගන්නා මහාර්ඝ වූ සමයකි.

නිරන්තරයෙන් පින් දහම්හි නිරත වන්නා තමන්ගේ මසුරු සිත් දුරු කරනු පිණිස විවිධ වූ අරමුණු නිමිති කර ගනිමින් උදාරවූ පින්දහම් හි නිරත වනු ලැබේ. පරිත්‍යාගශීලි මනුෂ්‍යයා තමා සතු ධනය පුදා ලබන්නේ නිර්ලෝභී වූ සතුටකි. ඇතැම් විට කෙනෙකුට ධනය තිබුණද ඇතැමෙකුට දීමට හෙවත් පරිත්‍යාගයට සිතක් පහළ නොවේ. ඇතැම් විට තවත් අයෙකු තමා සතු මහත් ධනයක් නොමැති වුවද සුළුවෙන් හෝ පිරිනමා පරිත්‍යාගශීලි සිතිවිලි පහළ කරගනු ලැබේ. සසර පුණ්‍ය නිධාන තැන්පත් කරගනු ලබන්නේ කර්මය, කර්ම ඵලය විශ්වාස කරමින් සිත, කය, වදන මනා සංවරයෙන් ලබන මනා ශික්ෂණයෙනි. පිනට නැඹුරු වූ සිත නරකට අයහපතට යොමු වුවහොත් එය ඉතා කලාතුරකිනි. සසර දුකෙන් තොරවූ සැපවත් හා සුවපත් ජීවිත පතන මනුෂ්‍යයා නිරතුරුවම තම ජීවිතයට පින්දහම් සිදු කරගත යුතුවේ.

වස්සාන සමය උදාවන තෙක් බලා සිටින සැදැහැවත්හු එම වස්සාන සමය පුරා විවිධ පින්කම් හි නිරතව චීවර මාසයේදි කඨින පින්කම සිදු කිරීමටද මහත් උනන්දුවකින් කටයතු කරනු ලැබේ.ඇතැම් විට තම දායකත්වය දරන විහාරස්ථානයෙහි වස් ආරධනා පින්කමෙහි ප්‍රධාන දායකත්වය දරමින් කඨින මහ පින්කමේදීද ප්‍රධාන දායකත්වය දරමින් මහත් ධන පරිත්‍යාගයෙන් කටයුතු කරනුයේද සියලු දායක කාරකාදීන්ගේ ද සහාය ලබා ගනිමිනි. කඨින පින්කම් සිදු කරනු ලබන චීවර මාසයේදී පුණ්‍ය කාලයක් සේ මෙනෙහි කරමින් පින්කම සිදු කර ගැනීමේ වාසනාව බෞද්ධයන්හට උදාවීමෙන් තම ජීවිතයේ දෙලොව යහපත සඳහා එම කාලය ගත කළ හැකි වේ.

එබඳු පින්කම්හි නිරතවීමෙන් අතීත මුතුන් මිත්තන් විසින් පරපුරෙන් පරපුරට පවත්වා ගෙන එන උදාර චාරිත්‍ර සමුදායක් ඉටු කරන හෙයින් එය අනාගත පරපුරට දෙනු ලබන යහපත් ආදර්ශයක්ද වෙයි.

මනුෂ්‍යයෙකු වශයෙන් උපත ලබා එම මිනිස් බවය වඩාත් සාර්ථක කර ගැනීමට නම් තමන් වෙතින් ඉටුවිය යුතු යුතුකම් මනාව ඉටු කිරීමත් සසර ගමනේදී මහත් සතුටක් එමගින්ද හිමිවනු ලැබේ. මිනිස් භවයක් ලබා ගත් මනුෂ්‍යයා තුළ එහි වටිනාකම රඳා පවතිනුයේ කවර හේතුන් නිසාදැයි කල්පනා කර බැලීමේදී නොපමාව තම සිත පිනට දහමට යොමුකර ගැනීමෙහිලා එයම මහත් පහසුවට මඟක් කර ගනු ලැබේ. ඒ අනුව මොහොතක් පාසා ජීවිතයේ අර්ථවත් බව වටහා ගනිමින් ජීවත්වීමටද ශක්තිය ඒ තුළින් උදාකරගත හැකිය. තිදොර වෙහෙසවා මනා සංයමයෙන් පින්කම්හි නිරතවීමට ඉල් පුර පසළොස්වක පෝදා තිර අදිටනක් ඇති කර ගැනීමෙන් දෙලොව ජීවිතය සුවපත් කරගත හැකි බව කල්පනා කළ යුතුවේ.

 

    ඉල් මස පුර පසළොස්වක පෝය

ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා  
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]