UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 


සීදූව සුගතාරාමයේ රන්වැට සහිත බෝධිප්‍රාකාරය

සීදූව සුගතාරාමයේ අභිනවයෙන් ඉදි කළ අටවිසි බුද්ධ මන්දිරය සහ රන්වැට සහිත බෝධිප්‍රාකාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඉකුත්දා (19) විවෘත කළ අවස්ථාව මෙහි දැක්වේ. විහාරාධිකාරී මඩුගස්තලාවේ විමලබුද්ධි හිමි, නාගරික සංවර්ධන හා ජලාපවහන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ඡායාරූපයේ වෙති.


සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (08) පැවැත්විණි. එහි දී අගමැතිතුමා අතින් පිරිකර පූජා කැරුණු අතර අඹන්වල ඤාණාලෝක හිමියන් ඇතුළු මහ සඟරුවන අගමැතිතුමාට ආශිර්වාද සිදු කළ අවස්ථාවද සේයාරූවලින් දැක්වේ. සේයාරුව සමන් ශ්‍රී වෙදගේ

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින චීවර පින්කම පසුගිය දා පැවැත්විණි. මහනුවර කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනි ශ්‍රද්ධා ප්‍රසාදිනි ධම්මචාරි කොත්මලේ සුධර්මා සිල් මෑණියන් විසින් ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වූ පනස්වෙනි කඨින චීවර පූජාවේ ප්‍රධාන දායකත්වය දරනු ලැබිණ. කොළඹ 07, ග්‍රෙගරි මාවතේ පදිංචි සංජීව වික්‍රමනායක මහතා සහ රොසෑන් විජේනායක මහත්මිය ඇතුළු දායක පිරිස එහි සෙසු දායකත්වය දැරිණ. සංජීව වික්‍රමනායක මහතාගේ කොළඹ පිහිටි නිවසේ සිට රිය පෙරහරකින් කඨින චීවරය කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමයට වැඩම කරවා සවස දළදා මාළිගාවේ ගිලන්පස බුද්ධපූජාව පවත්වා අනතුරුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වීය. පසුදින අලුයම 3.00 ට අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහරකින් කඨින වස්ත්‍රය දළදා මාළිගාවට වැඩම කරවා සම්ප්‍රදායානුකූලව එය චීවරයක් ලෙස මසා පඬු පොවා කප්රුක් සහිත කඨින චීවරය සඟසතු කොට පූජා කර සියක් නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර දක්ෂිණාවක්ද පිරිනමනු ලැබිණ.

 
 

    ඉල් මස පුර පසළොස්වක පෝය

ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා  
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]