UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු මහා විහාරයේ කඨින පින්කම

මහනුවර මල්වතු මහා විහාරයේ කඨින පින්කම මෙම මස 26 වන දා මල්වතු මහා විහාරයීය සංඝ රාජ ගුණානුස්මරණ සමිතිය සහ සංඝරාජ කාන්තා සමිතියේ මෙහෙයවීමෙන් පැවැත්වේ. මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙවර සිදු කරනු ලබන්නේ හැට පස්වන කඨින පින්කම් පූජෝත්සවයයි.කඨින පින්කම නිමිත්තෙන් කඨින චීවර තුනක් මල්වතු මහා විහාරය, මල්වතු මහනා හිමි නිල ආරාමය, පෝයමලුව විහාරය යන ස්ථාන තුනට පූජා කෙරේ.

ඉතිරිය»

 

භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වූ කුසිනාරාව

 

කුසිනාරාව පිහිටියේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ගොරක්පුර් සිට නැගෙනහිර දෙසට සැතපුම් 35 ක් දුරින් බිහාර් සිට ඇසෑම් ප්‍රාන්ත වලට දිවෙන ප්‍රධාන මාර්ගය අසල ද ශ්‍රාවස්ති සිට රජගහ දක්වා හිරංවතී ගංගාවේ බටහිර ඉවුර දිගේ දිවෙන වෙළෙඳ මාර්ගය අසලය. දැනට හිරංවතී ගංගාව ව්‍යවහාර වන ප්‍රාදේශීය නාමය නම් පහදි නදීය වේ. මෙම ගංගාව වියළි කාලයේදී වැලි තලාවක් වන අතර වර්ෂා කාලයේදී දෙගොඩ තලා ජලය බැස යයි. එම නදිය කුසිනාරාවේ රම්භාහි පිහිටි මහා පරිනිර්වාණ චෛත්‍යයට පසුපස ඈතින් පිහිටා ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නොනැසෙන පිළිසරණ

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ධම්මං විනා නත්ථි පීතාච මාතා
තමේම සරණං පතිට්ඨා
තස්මාහි තානං භො කිච්ච මඤ්ඤප්පහාය
සුණාථ ධාරේථ චරාථ ධම්මේ

 

බුදුරජාණන් වහන්සේගේ උතුම් දහමින් බිඳක් ඉහතින් මාතෘකා කළා. ඔබ සෑම සතියකම බුදුසරණ මගින් දහම් සරණ යන පිංවතුනි, එසේ ඔබ සරණ යන ධර්මරත්නයේ ඇති අපිරිමිත වටිනාකම කොතෙක්ද කිව නොහැකිය. මේ උත්සාහ කරන්නේ සුළු වශයෙන් වුවද එකී උතුම් ධර්මයේ වටිනාකම පහදා දෙන්නටයි. එබැවින් පළමුව ඉහත ගාථාවේ තේරුම පිළිබඳව සරලව සිතමු. ලෝක සත්ත්වයාට සසරින් මිදීම පිණිස ධර්මරත්නය ඉවහල් වේ. ධර්මය හැර මවක් පියෙක් සසරින් මිදීමට ලෝකයේ වෙනත් නොමැත. එහෙයින් කටයුතු පසෙක තබා ඉතා මැනවින්ම සමාහිතව ඒ උතුම් ධර්මය නිසිලෙස අසව්! දරව් ඒ අනුව හැසිරෙව්! යන්න මේ ගාථාවෙන් ප්‍රකාශිත වෙනව.

ඉතිරිය»

කෑල්ලගම ශ්‍රී සුදර්ශන මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ:
රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෑල්ලගම ශ්‍රී සුදර්ශනාරාමය, සබරගමු පළාතේ ඇති දැකුම්කළු විහාරස්ථානයක් ලෙස ප්‍රකට ය. විහාර මන්දිරයේ මූර්ති හා සිතුවම් නිර්මාණය කර ඇත්තේ, ජයලත් ජෝතිරත්න සන්දේරිස් නම් කලා ශිල්පියා විසිනි. එහි ඇති දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව පිළිබිඹු කැරෙන ප්‍රතිමා නිර්මාණකි.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 06.17 ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග
4.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්
තෝබර් 21 වන දා
අඟහරුවාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර්
28 වන දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]