UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

අස්ගිරිය මහා විහාර පිරිවෙනේ කඨින පින්කම

මහනුවර අස්ගිරි මහා විහාරයේ මහ පිරිවෙනේ කඨින පින්කම නිමිත්තෙන් මෙම මස 31 නොවැම්බර් 01 දිනවල පින්කම් මාලාවක්, මහා විහාර පරිවේනාධිපති අස්ගිරිය කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකෙරේ. 31 වන දා රාත්‍රී සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් පසුදින (01) උදේ මහා සංඝරත්නය සියක් නමක් මහනුවර නගරයේ පිණ්ඩ පාතයේ වැඩම කිරීමත් මෙදින දවල් අස්ගිරි, මල්වතු මහ නා හිමිවරු අනුනාහිමිවරු ප්‍රධාන දෙසියපණස් නමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්‍ෂිණාවකි. තායිලන්ත බෞද්ධ නියෝජිත පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වන අතර මෙදිනම දවල් මරණයට කැපවූ ගවයින් දහදෙනෙකුට අභයදානයදීමේ පින්කමක් ද විහාර පිරිවෙන් මළුවේ දී සිදු කෙරේ. කේ. බණ්ඩාරනායක

රත්මලානේ බෝධිරුක්‍ඛාරාමයේ ගුණ සමරුව හා කඨින පින්කම

රත්මලාන බෝධිරුක්‍ඛාරාමයේ විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ අමරපුර සිරි සද්ධර්ම යුක්තික මාතර නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ වැලිකඩ සිරි ඤාණිස්සර මහ නාහිමියන්ගේ 34 වන ගුණ සමරුව සහ වාර්ෂික කඨින පින්කම නිමිත්තෙන් මෙම 22 වන දා සිට 26 වනදා දක්වා දම් දෙසුම් මාලාවක් අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර නිකායේ අනුනායක කළුතර ඤාණාවාස අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

22 වනදා සවස 6.30 ට අසූ මහා ශ්‍රාවක පූජාවක් වැල්ලවත්තේ පඤ්ඤාසිරි නාහිමි, 23 වනදා සිට දහම් දෙසුම් වාද්දුවේ ධම්මවංස නාහිමි 24 වන දා දොඩංගොඩ අස්සජි නා හිමි 25 වනදා නේපාලයේ ආලෝක හිමි 26 වනදා හේවෙස්සේ නන්දාරාම හිමි. එම ද ම් දෙසුම් පවත්වති. 26 වනදා අලුයම කඨින මහා පින්කම සිදු කැරේ.

ඉසිපතනාරාමය

හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරස්ථානයේ මෙවර කඨින මහා පින්කම නිමිත්තෙන් විහාරාධිපති ශාස්ත්‍රපති කිහිඹියේ විජිත හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 19 වැනි දින සිට නොවැම්බර් 01 වැනි දින දක්වා ධර්මදේශනා පින්කම් මාලාවක් පැවැත්වේ. ඒ අනුව දිනපතා රාත්‍රි 07 – 08.00 දක්වා දේශනා සිදු කෙරේ. ඔක්තෝබර් 19 දින ආචාර්ය වල්පොල විමලඤාණ හිමි, 20 දින රන්මුතුගල බුද්ධවංස හිමි, 21 දින රත්මල්වැටියේ සමිත හිමි (කවි බණ) 22 දින තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 23 දින බොරැල්ලේ අතුල නාහිමි, 24 දින කොටපොල අමරකිත්ති හිමි, 25 දින මෙත්තාරාමවාසි සිරි සුමන හිමි, 26 දින උයන්වත්තේ ඤාණාලෝක නාහිමි, 27 දින අගලකඩ සිරි සුමන හිමි, 28 දින වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමි, 29 දින කොට්ටේ වප්ප හිමි, 30 දින බලංගොඩ සෝභිත නාහිමි, යන ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා පවත්වති. 31 දින සර්ව රාත්‍රික පිරිත් දේශනාව, 01 වනදා කඨින පින්කමද ආනිශංසදේශනාව හබරකඩ ඉන්දරතන හිමියන් විසින්ද පවත්වනු ලැබේ.

මනන්වත්ත

මාතලේ මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ කඨින පින්කම ඔක්තෝබර් 23 වන දා රාත්‍රි පැවැත්වෙන බෝධි පූජාව හා විශේෂ ධර්ම දේශනාවකින් ආරම්භ කර 24 වනදා දවල් සංඝගත දක්ෂිණාවක් හා කඨින චීවර පූජාව විහාරාධිපති ශාස්ත්‍රපති ලෙනදොර සෝරත හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා කිතුල්හිටියවේ සෝභිත හිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්වේ.

නිලන්නොරුව

මාතලේ මාදිපොල නිලන්නොරුව පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම නිමිත්තෙන් ඔක්තෝබර් 21 වනදා රාත්‍රි බෙරගම චන්දරතන නාහිමියන්ගේ ධර්ම දේශනාවක්ද 22 වනදා සංඝගත දක්ෂිණාවක් පිරිනැමිමෙන් හා කඨින චීවර පූජාව විහාරාධිපති ලෙනදොර සෝරත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

දලුවක්ගොඩ

දලුවක්ගොඩ ශ්‍රී ධර්මායතනයෙහි වාර්ෂික කඨින මහා පින්කම නොවැම්බර් මස 01 සහ 02 යන දිනයන්හි සිදු කෙරේ. රට වාසීන්ට සහ පොලිසිය ඇතුළු ක්‍රියාන්විත සේවයේ නියුතු ත්‍රිවිධ හමුදාවට සෙත්පතා බෝධි පූජාවක් සහ පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා 2 දා හිමිදිරි උදෑසන කඨින පූජාව සිදුකොට සඟසතු දානය පිරිනැමීමට ගැටමාන්නේ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත.

අනුරාධපුර

අනුරාධපුර නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමයේ කඨින පින්කම මෙම මස 26 – 27 යන දිනයන්හි පැවැත්වේ.

අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියන් ගේ අනුශාසනා පරිදි එම පින්කම පැවැත්වේ.

රත්මලාන ශ්‍රී විජයාරාමය

රත්මලානේ ශ්‍රී විජයාරාමයේ කඨින පින්කම නිමිති කරගෙන මෙම 26 වන දා පින්කම් මාලාවක් පැවැත්වේ. අත්තුඩාවේ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි 26 වන දා සවස 7 සිට විශේෂ බෝධි පූජාවක් ද, 27 වන දා අලුයම කඨින චීවර පූජා පින්කම ද පැවැත්වේ.

එදින මහා සංඝරත්නය උදෙසා හීල් දානය හා දහවල් දානය පිරිනැමීම ද, පස්වරු 6.30 ට ගිලන්පස බුද්ධ පූජාව ද, රාත්‍රී 7 ට කඨිනානිශංස ධර්ම දේශනාව ද සිදු කැරේ.

කලාඔය

කලාඔය සිරිවිජයබෝධිරාජාරාමයේ කඨින පින්කම විහාරාධිපති උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක මාදම්පේ සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක දායිකාවන්ගේ සහයෝගයෙන් මේ මස 24 – 25 දිනයන්හි වික්ටර් ජයවර්ධන මහතා සහ හැරියට් මල්ලිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

නැව්ගල

කෑගල්ල ගලිගමුව නැව්ගල භාවනා සෙනසුනේ කඨින පින්කම මෙම 26 වන දා සිදු කැරේ.

යහල්මුල්ල

වලස්මුල්ල, යහල්මුල්ල ඇත්දත් කුඹුර පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම ගම්මැදගම ඤාණාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මගින් 24, 25 යන දෙදින තුළ පැවැත්වේ.

ගල්කිස්ස

ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතනයේ කඨින පුණ්‍යොත්සවය දිවියාගහ යසස්සී නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි මේ මස 18 සෙනසුරාදා සිදු කිරීමට දායක සභාව කටයුතු යොදා තිබිණි.

ඒ අනුව එදින අලුයම 5.00 ට මෙවර වස් ආරාධනා කිරීමට මුල්ව කටයුතු කරන ලද බුවනෙකබා පෙරේරා මහතා සහ ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය පදිංචි ගල්කිස්ස ගුණවර්ධන මාවතෙහි 4 / 3 දරන නිවසෙන් කඨින පෙරහර ආරම්භ වී එදින පෙරවරු 6.30 ට කඨින පූජාව පවත්වා අනතුරුව සංඝගත දක්ෂිණාවක් පිරිනැමිමට නියමිතව තිබිණ. මෙදින සවස 4.00 ට ගල්කිස්ස ඥානතිලක පාරේ පුණ්‍යකාමී විද්‍යාලයීය ක්‍රීඩාංගනයෙන් ආරම්භ කෙරෙන ධර්ම විද්‍යාලයීය සිසු දරු දැරියන්ගේ වාර්ෂික අලංකාර පෙරහර පිරිස් පාර, ගාලු පාර, ඔස්සේ බෞද්ධායතනය වෙත ලගා වීමෙන් පසු පස්වරු 5.30 ට පැවැත්වෙන ගිලන්පස බුද්ධ පූජාව පස්වරු 6.00 ට දිවියාගහ යසස්සී නාහිමිපාණන් පවත්වනු ලබන කඨිනානිශංස ධර්ම දේශනාවෙන් අනතුරුව ආරක්ෂක අංශයන් ඇතුළු සියලු දායක පිංවතුන්ට ආශිර්වාද සඳහා පැවැත්වෙන සෙත් පිරිත් දේශනාවක්ද විය.

ශ්‍රී දේවරාජාරාමය

පන්නල ශ්‍රී දේවරාජාරාමයේ වාර්ෂික කඨින පූජෝත්සවය මෙම 27 වැනිදා පැවැත්වේ. මීට සමගාමීව 25 දා සවස 7.00 ට විශේෂ අටවිසි බෝධි පූජාවක් පැවැත්වේ. 27 දා අළුයම කඨින චීවරය හා කප්රුක පන්නල එල්.එච්. ඒ. පියතිලක මහතාගේ් නිවෙසේ සිට පෙරහරකින් විහාරස්ථානය කරා වැඩම කෙරේ. අනතුරුව කඨින චීවර පූජාව සිදු කෙරේ.

එදින දවල් මහා සඟරුවන විෂයෙහි මහා සාංඝික දානයක් පිරිනමා අපවත් වී වදාළ හිටපු විහාරාධිපති කඳුබොඩගම ශ්‍රී සීලානන්ද හිමියන්ට පින් පැමිණවීමත් එදින සිදුකරන බව විහාරස්ථ දායක සභාව සඳහන් කරයි.

මරදාන

කොළඹ 10 මරදාන මහින්දාරාමයේ කඨින පින්කම මෙම 24, 25 දිනවලදී සිදු කැරේ. 24 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක්ද අනතුරුව එදින අලුයම 4 ට සිරිධම්ම මාවතේ් ඇම්. ඩී ඩී. අබේසිංහ මහත්මියගේ් නිවසේ සිට කඨින චීවර පුරා පෙරෙහර ඇරැඹෙන අතර 25 වනදා උදෑසන 6.00ට කඨින චීවර පූජාවද දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවද පැවැත්වේ.

එදින සවස 5 - 6 දක්වා කඨිනානිශංස දේශනාව කොටපොල අමරකිත්ති හිමියන් විසින් පවත්වනු ලැබේ.

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 06.17 ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග
4.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්
තෝබර් 21 වන දා
අඟහරුවාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර්
28 වන දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]