UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන රජයටත්, රටේ ඒකීයභාවය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන ත්‍රිවිධ හමුදා රණවිරුවන්ටත් ආශිර්වාද පතා කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණධර්ම සංවිධානය මගින් එම කල්‍යාණධර්‍ම ආශ්‍රමයේදී ආශිර්වාද බෝධි පූජාවක් පැවැත්විණි. ආශ්‍රමයාධිපති මිරිහානේ නන්ද හිමියන්ගේ් අනුශාසනා පරිදි එම පින්කම පැවැත්විණි. යුද හමුදාවේ 1 වන කාන්තා බලකායේ අණ දෙන නිලධාරිනී කුමුදුනී මුතාලිෆ් මහත්මිය ඇතුළු සෙබළියන් විශාල පිරිසක්ද සහභාගි වූ එම අවස්ථාවට පශු සම්පත් ඇමැති සී. බී. රත්නායක මහතා ද සහභාගි වූ අයුරු.

මල්වතු මහා විහාරයේ කඨින පින්කම

මහනුවර මල්වතු මහා විහාරයේ කඨින පින්කම මෙම මස 26 වන දා මල්වතු මහා විහාරයීය සංඝ රාජ ගුණානුස්මරණ සමිතිය සහ සංඝරාජ කාන්තා සමිතියේ මෙහෙයවීමෙන් පැවැත්වේ. මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙවර සිදු කරනු ලබන්නේ හැට පස්වන කඨින පින්කම් පූජෝත්සවයයි.කඨින පින්කම නිමිත්තෙන් කඨින චීවර තුනක් මල්වතු මහා විහාරය, මල්වතු මහනා හිමි නිල ආරාමය, පෝයමලුව විහාරය යන ස්ථාන තුනට පූජා කෙරේ.

 

ඉතිරිය»

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 06.17 ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග
4.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්
තෝබර් 21 වන දා
අඟහරුවාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර්
28 වන දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]