UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මල්වතු මහා විහාරයේ කඨින පින්කම

මහනුවර මල්වතු මහා විහාරයේ කඨින පින්කම මෙම මස 26 වන දා මල්වතු මහා විහාරයීය සංඝ රාජ ගුණානුස්මරණ සමිතිය සහ සංඝරාජ කාන්තා සමිතියේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙවර සිදු කරනු ලබන්නේ හැට පස්වන කඨින පින්කම් පූජෝත්සවයයි.

කඨින පින්කම නිමිත්තෙන් කඨින චීවර තුනක් මල්වතු මහා විහාරය, මල්වතු මහනා හිමි නිල ආරාමය, පෝයමලුව විහාරය යන ස්ථාන තුනට පූජා කෙරේ.

මෙම කඨින චීවර තුන අලුයම මහනුවර ධර්මපාල මාවතේ කලුබෝවිල මහතාගේ නිවස අම්පිටිය එලිපත්කදුරේ ඩබ්ලිව්. පණ්ඩිතරත්න මහතාගේ නිවස සහ මහනුවර මහාමායා බාලිකා විදුහල සිට පෙරහරෙන් මල්වතු මහා විහාරය කරා වැඩම කිරීම සිදුකෙරේ.

මහනුවර, උඩපේරාදෙණිය, අම්පිටිය, තුම්පනේ කුළුගම්මන, හිදගල යන ග්‍රාමයන්හි දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන කඨින චීවර පින්කම මල්වතු මහා විහාරයීය ගරුතර මහා සංඝරත්නය පණස් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමේ.

එම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රධාන ඇමැති, සරත් ඒතනායක යන මහත්වරු ඇතුළු නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස් සහ මහනුවර බෞද්ධ සමිති නියෝජිතයින් රැසක් සහභාගී වෙති.

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 06.17 ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග
4.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්
තෝබර් 21 වන දා
අඟහරුවාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර්
28 වන දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]