UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලිපත අතුල නන්දනාරාමය


චෛත්‍ය රාජයාණන් වහන්සේ


  බෝධීන් වහන්සේ සහ බෝ මළුව

ගාල්ල වැලිපත අතුල නන්දනාරාම විහාරස්ථානය වසර සිය ගණනක් පැරැණි ය. එහි ඇති ගල්කැටයමින් නිමවන ලද පැරැණි ඝණ්ඨාර කුළුණ අතුල නන්දනාරාමයේ පෞරාණික බව සනාථ කරන මහඟු සිහිවටනයකි.

රමණීය කඳු ගැටයක පිහිටා ඇති මෙම විහාරස්ථානයේ දර්ශනීය බෝ මලුව සහිත බෝධීන් වහන්සේ පැරැණි බුද්ධ මන්දිරය සහ චෛත්‍යරාජයාණන් වහන්සේ දුටුවන් නෙත් සිත් සනසාලයි. වර්තමානයේ මෙම විහාරස්ථානය වඩාත් ප්‍රචලිතව ඇත්තේ එහි තැනෙන අසූ මහා ශ්‍රාවක විහාර මන්දිරය නිසා ය.

මෙම විහාරස්ථානයෙහි වත්මන් විහාරාධිපති ගාල්ල ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති කපුහෙම්පල අනුරවංශ හිමිපාණන්ගේ ධෛර්ය සම්පන්න කැපවීම නිසාම රු. ලක්‍ෂ 50 ට අධික මුදලක් වැය කොට තැනෙන අසූ මහා ශ්‍රාවක විහාරය වැඩ නිම වීමට ආසන්න ය.

අනුරවංශ හිමියෝ ගුරුවෘත්තියෙන් සහ දේශීය වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කිරීමෙන් ලබන මුදල් විහාරස්ථානයේ ප්‍රගතිය වෙනුවෙන් වැය කරති. මෙහි තැනෙන අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා අනුරවංශ හිමියන්ගේ විශ්වවිද්‍යාල සමකාලීන මිතුරන් දෙදෙනකු වන ආචාර්ය කේ. සුමිත්‍රපාල මහතා සහ පාඨශාලාචාර්ය තිලක් ගමගේ යන නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණයන් ය. මෙහිදී ප්‍රතිමා වහන්සේලාට අමතර ඇළ, දොළ, වැව්, පොකුණු තුරු ලතාවන්ගෙන් යුත් දර්ශනීය පසුතල නිර්මාණයද මෙම ශිල්පීන් විසින් සිදු කෙරෙනු ඇත.

විශේෂයෙන් මෙහි නිර්මාණය වෙමින් පවතින අසූමහා ශ්‍රාවක පිළිම වහන්සේලා නිසා හෙට දිනයේ දී අතුල නන්දරාමය දක්‍ෂිණ ලංකාවේ පමණක් නොව ශ්‍රී ලංකාදීපය පුරාම වඩාත් ප්‍රචලිත විහාරස්ථානයක් බවට පත්වීම නොඅනුමානය.

 


 පැරැණි බුද්ධ මන්දිරය
 

නිම වෙමින් පවතින අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේ
 

ගල් කැටයමින් නිම වූ ඉපැරැණි ඝණ්ඨාර කුළුණ.

 

 

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 06.17 ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග
4.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්
තෝබර් 21 වන දා
අඟහරුවාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර්
28 වන දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]