6
සුදොවුන් මහ රජුගෙ පුතා
බුදු වී දෙසු දහම් කතා
කවියෙන් මා රසට ගොතා
ලියමි මා නිවන් පතා
මායා මව් සිතින් පතා
තම පුතුගේ සැපත වෙතා
දෙව්ලොව යයි ඇත්තෙ කතා
බුදුදම තව දිලෙනු ඇතා
මනහර බුදු දහමෙ කතා
අප මනසේ සුවය පතා
ලෝ සරණ සියලු සතා
වෙත බුදුහිමි දෙසා ඇතා