ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2025 ඔක්තෝබර් 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඔක්තෝබර් 29 බදාදා පූ.භා. 09.22 පුර අටවක ලබා 30 බ්‍රහස්පතින්දා පූ.භා. 10.05න් ගෙවේ. 29 බදාදා සිල්
පුර අටවක
ඔක්තෝබර් 29
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපතින් අසූවන විය සපිරුණු වෙසක් පුර පසළොස්වක පොහෝදා රාත්‍රියේ අලුයම උදාවට පෙර සියලු සංස්කාර ධර්මයන්ගේ අනියත බව සිය ජීවිතයෙන් ම තහවුරු කොට අනුපදිසේස පරිනිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. එ සැණින් මහ පොළොව කම්පා වූයේ සම්බුද්ධ පරිනිර්වාණය මුළු ලොවට දැනුම් දීමට මෙනි. බුද්ධත්වයට පත්වීමේ පටන් පන්සාළිස් වසක් පුරාවට ම මහා කරුණාවෙන් ලෝකයාට දහම් මඟ පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය ගත කළේ බේලුව ගමෙහි ය.තවත් දස මාසයකින් තමන් වහන්සේ පිරිනිවන් පා වදාරණ බව ඉටා ගත්තේ එහි දී ය. මේ අතර බුදුරදුන්ට ලෝහිත පක්ඛන්දිකා නම් බලවත් වේදනා සහිත මාරාන්තික වූ රෝගයක් හටගැනිණි. උන්වහන්සේ ඉදිරියට දස මාසයක් ම එම රෝගය යළි මතු නො වන ලෙස සමාපත්ති බලයෙන් යටපත් කළ හ. රෝගී භාවයෙන් මිදී බුදුරදුන් සුව සේ වැඩ සිටිනු දුටු ආනන්ද හිමියෝ බලවත් සැනසිල්ලකින් උන්වහන්සේ සමීපයට පැමිණ මෙසේ පැවසූහ. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ රෝගී ව සිටිනු දුටු මට බලවත් ශෝකයක් හට ගැනිණි. මම සිහිය උපදවාගත නොහැකි තත්ත්වයකට පත්වීමි. දැන් ඔබ වහන්සේ ඉන් මිදී සිටිනු දකින මාගේ සිතට ඇතිවනුයේ අපරිමිත සොම්නසකි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්හට අවසාන අවවාදය වදාරා මිසක පිරිනිවන් නො පාන සේකැයි, සිතීමෙන් යන්තම් සිතට අස්වැසිල්ලක් ඇතිකරගත හැකි ය. මේ අසා සිටි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. “ආනන්දය, මම කිසිදු සැඟවීමක් නො කොට ධර්මය මනාව හෙළිදරවු කොට දේශනා කළෙමි. ගුරුමුෂ්ටි කිසිවක් තබා නො ගතිමි. ආනන්දය, භික්ෂූන් වහන්සේ පාලනය කරමි යි, කියා හෝ උන්වහන්සේ මා උදෙසා ජීවත්විය යුතු ය කියා හෝ කිසිදු අදහසක් මා තුළ නොමැත. මම දැන් අසූවැනි වියට පත්ව සිටිමි. දිරාගිය ගැලක් උණපතුරු ආදිය තබා බැඳ පවත්වාගෙන යන්නේ යම් සේ ද මාගේ ශරීරය ද එපරිද්දෙන් ම පවතී. ආනන්දය, එබැවින් තමා ම තමාට පිහිට කොට ධර්මය ම සරණකොට වාසය කරන්න.”
“මහණෙනි, යම් කලෙක භික්ෂුවක් කාය විවේකයෙන් හා චිත්ත විවේකයෙන් වසමින් ඒ ධර්මය සිහි කරයි ද? අනුවිතර්ක කරයි ද, එකල ඒ භික්ෂුව විසින් සති සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව සති සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුවගේ සති සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. බොජ්ඣංග යනු කුමක්දැයි අපගේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් විමසූ කල්හි මෙසේ වදාළ සේක. “භික්ෂුව, අවබෝධය පිණිස පවතින්නේ යන කරුණින් බොජ්ඣංග යැයි කියනු ලැබේ. ඉන්පසු එම භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සප්ත බොජ්ඣංගයන් වඩන භික්ෂුවගේ සිත මනාකොට කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජා ආශ්‍රවයන්ගෙන් නිදහස් වන බවයි. කුණ්ඩලීය නම් වූ තාපසයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ විමසීය. “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහී ආරාමවල වාද විවාද කරමින් සිටින ශ්‍රමණ කණ්ඩායමකට අයත් කෙනෙක් වෙමි. ඉතින් මා හීල දානය ගත් පසු ශ්‍රමණයන් බහුල ව හැසිරෙන ආරාමයෙන් ආරාමයටත්, උද්‍යානයෙන් උද්‍යානයටත් ඇවිදගෙන යමි. ඔවුන් සමඟ කතා කරමි. එවිට වාද විවාද කිරීමේ ආනිශංස ගැන කතා කරමින් වාසය කරන ශ්‍රමණවරුන් මට දැක ගන්නට පුළුවනි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වාසය කරන්නේ කවර දෙයක ආනිශංස දකිමින් ද? “කුණ්ඩලිය, තථාගතයන් වහන්සේ විද්‍යා (අවබෝධ ඤාණයත්) විමුක්ති (දුකින් නිදහස් වීමත්) ඵල ආනිශංස කොටගෙන වාසය කරයි.” එවිට කුණ්ඩලිය තවුසා මෙසේ ඇසීය. “භවත් ගෞතමයන් වහන්ස, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද බහුල කිරීමෙන් ද විද්‍යා විමුක්ති සම්පූර්ණ වන්නේ?” “කුණ්ඩලිය, සප්ත බොජ්ඣංග භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් විද්‍යා විමුක්ති සම්පූර්ණ වන්නේ ය.” “භවත් ගෞතමයන් වහන්ස, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද, බහුල කිරීමෙන් ද සතර සතිපට්ඨානය සම්පූර්ණ වන්නේ?” “භවත් ගෞතමයන් වහන්ස, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද, බහුල කිරීමෙන් ද ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වන්නේ?” “කුණ්ඩලිය, ඉන්ද්‍රිය සංවරය භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වන්නේ ය.” අනතුරුව අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතා විස්මිත අයුරින් ඉන්ද්‍රිය සංවරය විස්තර කළ සේක.
යුතුකම් සහ වගකීම්වලින් ගහන වන බැවින් ගිහි ජීවිතයක අවශ්‍යතාවන් සහ වුවමනාවන් ද සංකීර්ණය. නමුත්, රණ්ඩු සරුවල් කොට හෝ නඩු හබ කියා හෝ තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට යොමුවීම නම් මනුෂ්‍ය අත්භවයක උපන්නකු විසින් කළ යුතු පුරුද්දක් මිස ප්‍රගුණ කළ යුත්තක් නොවේ. ලොවෙහි උපන්නා වූ සියලු ප්‍රාණීන්ට ස්වකීය ආත්මභාවය පවත්වාගෙන යා හැකි උපරිම කාල සීමාවක් ස්වභාව ධර්මය මඟින් පනවා තිබේ. එය “පරම ආයු කාලය” ලෙස අපි හඳුන්වමු. මනුෂ්‍යයින් හට පමණක් නොව, මහත් කුසල ශක්තියකින් උපන් දෙව් බඹුන්ට ද සැප වින්දනය කළ හැකි කාලයේ සීමාවක් පවතී. දේව ආත්මභාවයන්හි පරම ආයු කාලය, මනුෂ්‍යයකුගේ පරම ආයු කාලයට වඩා වැඩි වන්නේ නමුදු දෙවියන්ට ද, කවර හෝ කලෙක තමා සතු වූ සියලු සැපත සතුට හැර දමා යා යුතු දිනයක් එළඹේ. එදිනට කිසිවකුටත් “එපා” කීමට නොහැකි ය. එදිනට, අප බොහෝ සෙයින් ඇලුම් කර, අනෙකා සමඟ සසඳමින් මාන්නය උපදවාගත් අපගේ ඇස්, සම, දත් පෙළ, කෙස් කළඹ ආදී කයේ කිසිදු කොටසක් ඊළඟ ආත්මයේ ශරීරයට ඈඳා ගැනීමේ හැකියාවක් නැත. කපටිකමින්, වංචාවෙන් ලබාගත් ඉඩම්, දේපළ ආදිය ද ඊළඟ ආත්මයට පවරා ගැනීමේ හැකියාවක් නැත. පවුලේ උදවිය හෝ අසල්වැසියන් හෝ සමඟ රණ්ඩු සරුවල් කර අත්පත් කරගත් දේපළ ඊළඟ ආත්මයට පවරා ගැනීමෙ හැකියාවක් නැත. තම ප්‍රතිවාදීන් පරදවා ලබාගත් තනතුරු, ගරු නම්බුනාම ආදිය ද ඊළඟ ආත්මයට ලබා ගැනීමේ හැකියාවක් නැත. ඒ සියල්ල ම තමන්ගේ මෙම ආත්මය ගෙවෙන තෙක් ම පමණි. යුතුකම් සහ වගකීම්වලින් ගහනවන බැවින් ගිහි ජීවිතයක අවශ්‍යතාවන් සහ වුවමනාවන් ද සංකීර්ණ ය. නමුත්, රණ්ඩු සරුවල් කොට හෝ නඩු හබ කියා හෝ තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට යොමුවීම නම් මනුෂ්‍ය අත්භවයක උපන්නකු විසින් කළයුතු පුරුද්දක් මිස ප්‍රගුණ කළ යුත්තක් නොවේ. තමා සතු දෙයක් වෙත්නම්, එය ආරක්ෂා කර ගැනීම සඳහාත්, තමාට අවශ්‍ය යමක් ලබා ගැනීම සඳහාත් සොරකම් කිරීම, උදුරාගැනීම, රැවටීම, හා කොටා ගැනීම වූ කලි තිරිසනාගේ පිළිවෙත යි. යමක් නොලැබෙන විට කරුණු තේරුම්ගෙන ඒ සඳහා ඇති ආශාව අතහැරදැමීමේ මානසිකත්වයක් තිරිසනුන්ට නැත. නමුත් මනුෂ්‍යයකුට තම හැඟීම්වලට වහල් නොවී නුවණ මෙහෙයවා ක්‍රියාකිරීමේ හැකියාව පවතී.
ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය ඉපැරැණි සම්ප්‍රදායට සඟසතු කොට පූජා කෙරේ
බද්දේගම සිරිරතන නාහිමිපාණෝ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති
විදුලකර අබිමන් - 02
සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ විහාර මන්දිරය
පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සහිත කෞතුකාගාරය සෝමවතී පුදබිමේ ඉදිවෙයි
ඉතිරිය»
නිවැරැදිව පිහිටු වූ චිත්තය
විනය බුද්ධ ශාසනයේ ආයුෂය වේ
පංචසීලය ආරක්ෂා කර ගන්න එය ජීවිතයට සැප ගෙන දෙනවා
නොබිඳෙන නොසැලෙන උත්තම පූජාව
ලෝ දහම ඉදිරියේ නොසැලෙන සිතක්
සම්බුදු සසුනේ උන්නතිය උදෙසා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ කාර්යභාරය
සම්බුදු සසුන ඒකාලෝක කළ හීනටියන ශ්‍රී ධම්මාලෝක මහනාහිමි
ඓතිහාසික පින්බිමක අසිරිය විඳින්න ඇඹුල්ගම රජමහ වෙහෙරට
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]