ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2025 ඔක්තෝබර් 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
“මහණෙනි, යම් කලෙක භික්ෂුවක් කාය විවේකයෙන් හා චිත්ත විවේකයෙන් වසමින් ඒ ධර්මය සිහි කරයි ද? අනුවිතර්ක කරයි ද, එකල ඒ භික්ෂුව විසින් සති සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව සති සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුවගේ සති සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. බොජ්ඣංග යනු කුමක්දැයි අපගේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් විමසූ කල්හි මෙසේ වදාළ සේක. “භික්ෂුව, අවබෝධය පිණිස පවතින්නේ යන කරුණින් බොජ්ඣංග යැයි කියනු ලැබේ. ඉන්පසු එම භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සප්ත බොජ්ඣංගයන් වඩන භික්ෂුවගේ සිත මනාකොට කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජා ආශ්‍රවයන්ගෙන් නිදහස් වන බවයි. කුණ්ඩලීය නම් වූ තාපසයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ විමසීය. “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහී ආරාමවල වාද විවාද කරමින් සිටින ශ්‍රමණ කණ්ඩායමකට අයත් කෙනෙක් වෙමි. ඉතින් මා හීල දානය ගත් පසු ශ්‍රමණයන් බහුල ව හැසිරෙන ආරාමයෙන් ආරාමයටත්, උද්‍යානයෙන් උද්‍යානයටත් ඇවිදගෙන යමි. ඔවුන් සමඟ කතා කරමි. එවිට වාද විවාද කිරීමේ ආනිශංස ගැන කතා කරමින් වාසය කරන ශ්‍රමණවරුන් මට දැක ගන්නට පුළුවනි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වාසය කරන්නේ කවර දෙයක ආනිශංස දකිමින් ද? “කුණ්ඩලිය, තථාගතයන් වහන්සේ විද්‍යා (අවබෝධ ඤාණයත්) විමුක්ති (දුකින් නිදහස් වීමත්) ඵල ආනිශංස කොටගෙන වාසය කරයි.” එවිට කුණ්ඩලිය තවුසා මෙසේ ඇසීය. “භවත් ගෞතමයන් වහන්ස, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද බහුල කිරීමෙන් ද විද්‍යා විමුක්ති සම්පූර්ණ වන්නේ?” “කුණ්ඩලිය, සප්ත බොජ්ඣංග භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් විද්‍යා විමුක්ති සම්පූර්ණ වන්නේ ය.” “භවත් ගෞතමයන් වහන්ස, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද, බහුල කිරීමෙන් ද සතර සතිපට්ඨානය සම්පූර්ණ වන්නේ?”
ඔක්තෝබර් 29 බදාදා පූ.භා. 09.22 පුර අටවක ලබා 30 බ්‍රහස්පතින්දා පූ.භා. 10.05න් ගෙවේ. 29 බදාදා සිල්
පුර අටවක
ඔක්තෝබර් 29
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]