[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු සසුනේ උන්නතිය උදෙසා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ කාර්යභාරය

සම්බුදු සසුනේ උන්නතිය උදෙසා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ කාර්යභාරය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ විශිෂ්ට ගණයේ ථේරවාදී බෞද්ධ විශ්වවිද්‍යාලයකි. මෙම විශ්වවිද්‍යාලයේ මූලස්ථානය හෝමාගම-පිටිපන නගරයට ආසන්නයේ පිහිටා තිබේ. මහාචාර්ය වල්පොල ශ්‍රී රාහුල නා හිමියන්ගේ මඟපෙන්වීමේ හා කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව. 1982 ජනවාරි මස 15 වැනි දින නිකුත් කරන ලද අංක 177/7 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව මෙහි ආරම්භය සිදු ව තිබේ.

මුල් අවධියේ දී ‘ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය-

විද්‍යෝදය ආයතනය’, ‘ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය-පෑලියගොඩ විද්‍යාලංකාර ආයතනය’, ‘ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය-පින්වත්ත සද්ධර්මාකර ආයතනය’, ‘ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය-බලගල්ලේ සරස්වතී ආයතනය’ ලෙස ආයතන හතරක් ව පැවැතියත් ශිෂ්‍ය අවශ්‍යතා මත පදනම් ව ක්‍රි.ව. 1997 පෙබරවාරි මස 20 වැනි දින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන ක්‍රියාවලිය එක් ආයතනයක් බවට පත් කර හෝමාගම, පිටිපන-ගුරුළුගෝමී පරිශ්‍රයේ පිහිටුවා තිබේ.

එදින සිට ක්‍රමයෙන් දියුණු තත්ත්වයකට පත් වූ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මේ වන විට අධ්‍යයන පරිශ්‍ර දෙකකින් හා පීඨ තුනකින් යුක්ත ය.

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය පිහිටා ඇති අතර, හෝමාගම පිටිපන පරිශ්‍රයේ බෞද්ධ අධ්‍යයන පීඨය හා භාෂා අධ්‍යයන පීඨය පිහිටා තිබේ. පාලි භාෂාව සහ බෞද්ධ අධ්‍යයනය මෙම විශ්වවිද්‍යාලයේ විෂය මාලාවේ අනිවාර්යය විෂයයන් ය. මෙයට අමතර ව සිංහල, සංස්කෘත, ඉංග්‍රීසි, දෙමළ, ජපන්, චීන, ප්‍රංශ, කොරියන්, සමය හා තුලනාත්මක දර්ශනය, බෞද්ධ මනෝවිද්‍යාව, බෞද්ධ සමාජ වැඩ, බෞද්ධ සංස්කෘතිය, පරිගණක තාක්ෂණය ආදී විෂයයන් යටතේ විෂයමාලා ක්‍රියාත්මක වේ.

දේශීය-විදේශීය ඕනෑම අයකුට අභ්‍යන්තර හා බාහිර වශයෙන් ශිෂ්‍ය ලියාපදිංචිය ලබාගෙන ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සහ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය ලබා ගැනීමට හැකියාව තිබේ.

මේ වන විට විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර සහ බාහිර ලියාපදිංචිය ලබාගෙන අධ්‍යයන කටයුතුවල නිරත වන ශිෂ්‍ය සංඛ්‍යාව පන්දහසකට අධික ය. මූලික උපාධිය අවසන් කළ උපාධිධාරීන්ට තවදුරටත් අධ්‍යයන කටයුතු සහ පර්යේෂණ කටයුතු සිදු කිරීමට ශාස්ත්‍රපති, දර්ශනපති, ආචාර්ය උපාධිය පාඨමාලා සහ පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක වේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය, සහාය මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කථිකාචාර්ය වියත් ආචාර්ය මණ්ඩලයක් මේ සඳහා සහාය වේ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ ප්‍රථම පීඨාධිපති මහාචාර්ය මොරගොල්ලාගම උපරතන හිමියන්ගේ අපරිමිත කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව. 2023 වර්ෂයේ සිට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය මගින් අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු සලසා තිබේ. මේ සඳහා ගෞරවාර්හ මහෝපාධ්‍යායන් වහන්සේත්, අනෙක් පීඨාපතිවරුන් සහ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා විසින් අනගි සහායක් ලබා දෙනු ලැබේ. 2023 සහ 2024 වර්ෂවල ඉතා සාර්ථක ව සංවිධානය වූ මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය තෙවැනි වතාවට 2025 වර්ෂයේ සංවිධානය වී එහි අවසන් අවස්ථාවට පැමිණ තිබේ. එලැබෙන නොවැම්බර් 08 වැනි සෙනසුරාදා දින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සමාරම්භකොත්සවය පැවැත් වේ. එදින සවස දේශීය-විදේශීය පර්යේෂකයන් හැට අට දෙනකු විසින් පර්යේෂණ පත්‍රිකා පනස් අටක් ඉදිරිපත් කිරීමට නියමිත ය. ධ්ඛ්ර්‍ථධ්අ-2025 (ධ්දබඥපදචබඪධදචත ඛ්ධදටඥපඥදජඥ ධද ර්‍ථධඵබඨපචඤභචබඥ ධ්දබඥපඤඪඵජඪනතඪදචපර අඥඵඥචපජඩ-2025) අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය සෑම වසරක ම පවත්වනු ලබන්නේ පශ්චාද් උපාධි පර්යේෂකයන්ගේ පර්යේෂණ කුසලතා වර්ධනය කිරීම, ගුණාත්මක පර්යේෂණ ලෝකයට දායාද කිරීම සහ විවිධ භාෂාවලින් බුදුදහම පිළිබඳ වඩ වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට අවස්ථාව සලසා දීම යන අරමුණු මූලික කරගෙන ය. දේශීය පර්යේෂකයන්ට අමතරව මෙවර පර්යේෂණ සම්මන්ත්‍රණයට ඉන්දියාව, පාකිස්ථානය තායිලන්තය ඇතුළු රටවල් ගණනාවකින් ම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර තිබේ.

ඉල් පුර අටවක

ඔක්තෝබර් 29 බදාදා පූ.භා. 09.22 පුර අටවක ලබා 30 බ්‍රහස්පතින්දා පූ.භා. 10.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12   

Full Moonඅමාවක

නොවැම්බර් 19

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]