පංචසීලය
ආරක්ෂා
කර ගන්න
එය ජීවිතයට
සැප ගෙන
දෙනවා
සසර පුරුදු
පරාජය කළ පුණ්‍ය විපාකයක මහත්ඵල
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
කුරුදේව කියන කථාව මට පැහැදිලියි. හරි මම නුඹට හොඳ උපායක් කියලා දෙන්නම් පින්කම්
කරන්න. ඔන්න අද ඉඳලා මේ පින්කම් කරන්න ඕන.‘කියලා පොරොන්දු කරවාගෙන කිව්වා කුරුදේව
නුඹට මහා සංඝයා පිණ්ඩපාතයේ ගිහින් ඇවිත් ආහාර දෙනවනේ. එයින් එක පිඬක් අරගෙන පිඟානේ
පැත්තකින් තියා ගන්න. තමන් කන ටික අනුභව කරලා වෙන් කරපු බත් පිඬ ගඟේ මාළුන්ට කන්න
දාන්න. ඒ වගේම පංචසීලය සමාදන් වෙලා ඒක ආරක්ෂා කරමින් ඒ ගැන මෙනෙහි කරමින් සතුටු
වෙන්න. මේ දෙක පමණක් කළත් නුඹට නිවන් මාර්ගය විවෘත වෙනවා‘යි අවවාද කරලා පන්සිල්හි
පිහිටුවලා මහතෙරුන් වහන්සේ නැවතත් කුටියට වැඩම කළා.
කාවන්තිස්ස මහ රජතුමා රුහුණු රට රාජ්‍ය කරවන සමයේ එරට කප්පකන්දර නම් ගංගාව සමීපයේ
පිහිටලා තිබුණා. ‘වතුරු‘ කියලා විහාරයක්. මේ විහාරය ආරණ්‍ය සේනාසනයක්. හැම තැන ම
භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේ පිණ්ඩපාතික ධුතංගයෙන් ජීවත්
වුණා.
ඒවගේම හැම වෙලාවේ ම පාහේ භාවනානුයෝගී ව කටයුතු කළා. සක්මන් කරන්නට වැලිමළු සකස්
කරලා තිබුණා. ඇතැම් වැලිමළු එතරම් දිගකින් යුක්ත වුණේ නෑ. සමහර ඒවා බොහෝ දිග
ප්‍රමාණයකින් යුක්ත වුණා. ගං ඉවුරේ ඉඩ ප්‍රමාණය අනුව ඒවා සකස් කරගෙන තිබුණා. මෙහෙම
වැඩවසන භික්ෂූන් වහන්සේ අතරට දවසක් පැමිණියා හිස රැවුල් වවාගත්ත, කෙසග සිරුරක්
තියන, ඉතාම කිළිටු රෙදිකඩක් අදින, අද කෑම වේල ගැන පමණක් හිතන, කුසීත ව නිතරම
නිදන්නට පුරුදු වුණු කුරුදේව කියන දුප්පත් මිනිහෙක්. ගම්වල ඇවිදිමින් සිඟාගෙන ලැබෙන
යමක් ආහාරයට ගැනීම පුරුද්දක් කරගෙන හිටිය මේ මහල්ලා විහාරයට ඇවිත් කළේත් පෙර පරිදි
ම පිණ්ඩපාතයේ වැඩම කර විහාරයට එන භික්ෂූන් වහන්සේගෙන් ආහාර ටිකක් සිඟා ගැනීමයි.
මේකට කුරුදේව හොඳීන් ම පුරුදු වුණා. දැන් තමන්ට ඇවිදලා යමක් හොයා ගන්න වෙහෙසෙන්න ඕන
වෙන්නේත් නෑ. ළඟට ම ලැබෙන දෙයින් ජීවත් වුණා. තව තවත් කම්මැලි වුණා. මෙහෙම ආහාර ගෙන
බත් මතයට ගසක් යට හෝ බිත්ති සෙවණක හෝ අහුවෙන අහුවෙන තැන නිදා ගත්තා. විහාරයේ
මළුවක්වත් ඇමදුවේ නෑ. මල් ටිකක් වත් පූජා කර ගත්තේ නෑ. සංඝයාට ඇප උපස්ථාන කළේත් නෑ.
භික්ෂූන් වහන්සේ කොතරම් අවවාද කළත් ඒවා ගණනකට ගත්තේ නෑ. බොහෝ කාලයක් මෙහෙම ජීවත්
වෙනකොට කුරුදේව බොහෝම වයසට ගිහින් මරණාසන්න වුණා.
දවසක් භාවනා කුටියක බිත්ති ඡායාවක් යට නිදා ගත්තා. හොඳටෝ ම නින්ද ගියා. එදා විහාරයේ
නායක මහතෙරුන් වහන්සේ විහාර භූමියේ ඇවිද යන කොට කුරුදේව මෙහෙම වැතිරිලා ඉන්නවා
දැක්කා. ඔහුගේ ආයුෂ පිළිබඳ ව දිවැසින් බැලුවා. තවත් දවස් කිහිපයකින් මිය ගිහින්
නරකයේ උපදින බව දුටුවා. කුරුදේව ගැන බොහෝම අනුකම්පාවෙන් නරකයෙන් මුදවා ගැනීමේ
අදහසින් ඔහු ව අවදි කරලා “කුරුදේව, නුඹට දැන් දෙමාපියනුත් නෑ, සහෝදර සහෝදරියනුත්
නෑ, යහළු යෙහෙළියනුත් නෑ, අඹුදරුවනුත් නෑ, වෙනත් නෑයෙක්වත් නෑ, ඒවගේ ම නුඹ මලක්
පහනක් පූජා කරගෙන පිනක් කර ගෙනත් නෑ, දනක් දීලා නෑ, බණ පදයක් අහලා නෑ, ඒ වුණාට නුඹ
ඉන්නේ තෙරුවන් වැඩ ඉන්න භූමියක. නුඹේ වැඩේ ලැබෙන දෙයක් කාලා වැටුණු වැටුණු තැන නිදන
එක. නිදාගෙන අවදි වුණහම කිසිවැඩක් කරන්නේ නෑ. කෑමට ගිජුවෙලා රසකෑම ලැබෙන තැන්වලට ම
ගිහින් ඒවා ඉල්ලා ගන්නවා. රස කෑම නො ලැබුණත් කන මිනිසුන් දිහා බලාගෙන ඉන්නවා. ඒවා
නො ලැබෙන කොට මුහුණ නරක් කරගෙන එතැනින් පිටවෙලා යනවා. මේ විදිහට හැමදාම දුක්
විඳිමින් ඉදලා මරණයෙන් පස්සේත් නුඹට දුකක් ම තමයි විඳින්න වෙන්නේ. නුඹ වගේ
අඥානයෙක්, කම්මැලියෙක් මේ තුන් ලෝකයේ ම නැතුව ඇති “යි කිව්වා.
මේ කථාව අහගෙන හිටිය කුරුදේව කියනවා,
‘ස්වාමිනි, ඔබ වහන්සේ කියනවා. මට දන් දෙන්න කියලා. ඉතින් මං සිඟාගෙන ලැබෙන දෙයකින්
තමයි ජීවත් වෙන්නේ. මට දන් දෙන්න වස්තුවක් නෑ. ඉතින් මං කොහොමද දන් දෙන්නේ? ඒක නිසා
ස්වාමිනි, මේ දුකින් ඊළඟ ආත්මයේ හෝ මිදෙන්න මට සුදුසු උපායක් කියලා දෙන්න‘යි ඉල්ලා
සිටියා.
එයට ඇහුන්කන් දුන්නු මහතෙරුන් වහන්සේ කුරුදේව අමතලා කියනවා.
“කුරුදේව කියන කථාව මට පැහැදිලියි. හරි මම නුඹට හොඳ උපායක් කියලා දෙන්නම් පින්කම්
කරන්න. ඔන්න අද ඉඳලා මේ පින්කම් කරන්න ඕන” පොරොන්දු කරවාගෙන කිව්වා. “කුරුදේව නුඹට
මහා සංඝයා පිණ්ඩපාතයේ ගිහින් ඇවිත් ආහාර දෙනවනේ. එයින් එක පිඬක් අරගෙන පිඟානේ
පැත්තකින් තියා ගන්න. තමන් කන ටික අනුභව කරලා වෙන් කරපු බත් පිඬ ගඟේ මාළුන්ට කන්න
දාන්න. ඒ වගේම පංචසීලය සමාදන් වෙලා ඒක ආරක්ෂා කරමින් ඒ ගැන මෙනෙහි කරමින් සතුටු
වෙන්න. මේ දෙක පමණක් කළත් නුඹට නිවන් මාර්ගය විවෘත වෙනවා‘යි අවවාද කරලා පන්සිල්හි
පිහිටුවලා මහතෙරුන් වහන්සේ නැවතත් කුටියට වැඩම කළා.
මේ කුරුදේව පහුවදා ඉඳලා තමන්ට ලැබුණු බත් පතින් බත් පිඬක් මාළුවන්ට කන්න ගඟට
දැම්මා. පන්සිල් ආරක්ෂා කළා. මේ පින්කම් කරන්න පටන්ගෙන දවස් හතකින් ම මරණයට පත්
වෙලා මාගම නුවරට සමීපයේ පිටිසර ගමක කෙළෙඹියකුට දාව ඔහුගේ බිරිඳගේ කුස උපත ලැබුවා.
මේ පවුලේ තවත් සහෝදරවරු කිහිප දෙනෙක් හිටියා.
මේ දරුවා උපදින දවසේ මවගේ යෙහෙළියෝ මහනෙල් මල් අරගෙන ඇවිත් ඇයගේ අතට දීලා සුබ
පැතුවා. මේ කාරණය නිසා කුමාරයාටත් මහනෙල් කුමාරයෝ කියලා නම් තැබුවා. ටිකෙන් ටික
ලොකු වෙලා තරුණයකු වුණා.
ඒත් හරිම කම්මැලියි. පෙර සසර පුරුදු ම අනුගමනය කළා. රූපශෝභාවට, පිරිසුදුවට ඉඳගෙන
හොඳට කාලා බීලා නිදා ගත්තා. අනෙක් සහෝදරවරු කුඹුරේ, වත්තේ වැඩ
කළා. මහනෙල් කුමාරයාගේ කම්මැලිකම නිසා ම සහෝදරවරු දොස් පරොස් තැබුවා.
මව්පියන්ට ද දැඩි සේ බලපෑම් කළා මහනෙල් කුමාරයාව රැකියාවකට යොමු කරන්න කියලා. ඒත්
බැරි වුණා. අවසානයේ රජතුමාට බාර දුන්නා මේ තරුණයාගේ කාය ශක්තියෙන් හරි වැඩක් ගන්න
කියලා. රාජ්‍ය භාණ්ඩාගාරයට අවශ්‍ය වී සපයා ගන්නට මොහුව යොමු කළා කුඹුරු වැඩ කරන්න
කියලා. රජතුමාත් සමහර දවස්වලට කුඹුරේ වැඩ කළා. ඒත් මේ මහනෙල් කුමාරයා භයක් සැකක්
නැති ව රාජාඥාව ද ඉක්මවලා අත්බැඳගෙන කුඹුරු නියර පිටට වෙලා හෝ ගොඩබිමට වෙලා හෝ
බලාගෙන ඉන්නවා මිසක් වැඩ කළේ නෑ. වැඩ කරන්න කියන හැම වෙලාවෙ ම කිව්වේ තමන්ට ගැලපෙන
කටයුත්තක් දෙන්න කියලා. ඒ නිසා රජතුමා මෙයාට පැවරුවා දූත මෙහෙවර. දවසක් ලියමනක්
දීලා කිව්වා අනුරාධපුරයට ගිහින් මේ ලියමන අසවල් වීථියේ වෙළෙඳ නායකයාට දෙන්න කියලා.
මහාපාලි දන්හලෙන් භික්ෂූන් වහන්සේ දහවල් දානය වළඳන්නටත් පෙර අනුරාධපුරයට ගිහින්
ලියමන දීලා ගොණමුවදොර තමන්ගේ පියාගේ යහළුවකු ද හමුවෙලා නැවතත් වෙළඳ නායකයා හමුවුණා.
එතකොට රජතුමාට දෙන්න කියලා නා නා වර්ණයෙන් යුක්ත වස්ත්‍ර පන්සියයක්, සඳුන් - කපුරු
ආදී සුවඳ ද්‍රව්‍යයත්, දුරුමිරිස් ආදි කටුක ද්‍රව්‍යයත්, ගොනකය - පටලිකය -
උද්දලෝමකය - ඒකාන්තලෝමකය - පාවාරය කියන ගෘහභාණ්ඩත් ඔහුට ලැබුණා.
ඉතින් මේවා ඔක්කොම එකට බැඳගෙන වම් අතින් අල්ලාගෙන හවස් වෙන කොට මාගම කාවන්තිස්ස
රජතුමා ඉදිරියට පැමිණියා. රජතුමා මේ විස්මය දැකලා පුදුමයට පත් වෙලා සොළොස් දහසක්
කහවණුත්, ගම්වරයකුත් දීලා තමන්ගේ යෝධයන් අතරට එකතු කර ගත් බවත්, මහනෙල් යොධයා දන්
පින්කම් කරලා ආයු කෙළවර දෙව්ලොව උපන් බවත් සඳහන් වන කථා පුවතක් සද්ධර්මාලංකාරයේ
සඳහන් වෙන්වා.
බලන්න පින්වතුනි, පෙර සසර පුරුදු තිබුණත් කළ පින්කමේ විපාක දීම වළක්වන්න කාටවත්
පුළුවන්කමක් නෑ. තමන්ට දෙයක් දෙන්න නැතත් පංචසීලය ආරක්ෂා කර ගැනීම ම ප්‍රමාණවත් වන
බවත්, කන බත් පතින් බත් ඇටයක් හෝ දන් දීම දානානිසංස ලැබෙන පින්කමක් බවත් මේ කතා
පුවත අපට කියා දෙනවා. ඒ නිසා ආධ්‍යාත්මය දියුණු කර ගනිමින් දන්පින්කම් කර මේ සසරින්
එතර වෙන්න. |