ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වප් පුර පසළොස්වක පෝදා 2025 ඔක්තෝබර් 06 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ධර්මධර, විනයධර භික්ෂු ආකල්පයන්ගෙන් සුපෝෂිත සංඝ සෝබන ගුණයන්ගෙන් පිරිපුන් ආදර්ශවත් ක්‍රියාශීලී මහා යතිවරයන් වහන්සේ නමක් ලෙස දෙස් විදෙස්හි මහත් කීර්තියට පත් බද්දේගම කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරාධිපති කිරිබතාවිල ශ්‍රී අමරවංශ පිරිවෙනේ කෘත්‍යාධිකාරී ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ස්වරභඤ්ඤ විශාරද බද්දේගම සිරිරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවිදි භූමියට පත්ව වසර පනස්හයක් සම්පූර්ණ වන අතර අධිශීල උපසම්පදා ශීලයෙහි පිහිටා පුරා වසර පනහක් සම්පූර්ණ වන මේ අවස්ථාව වන විට උන්වහන්සේ හැත්තෑ වන වියට ද පා තබති. ඒ නිමිති කරගෙන පින්කම් මාලාවක් මෙම මස 13, 14, 15, 16 දිනයන්හි පැවැත්වීමට ශිෂ්‍ය බාලාදීන් හා දායක සභාව විසින් සංවිධානය කරනු ලැබ ඇත. බද්දේගම සිරිරතන නා හිමියෝ 1955.10.16 වැනි දින බද්දේගම හම්මෑලිය නම් රමණීය ගමේ හේන්ද්‍රික් නානායක්කාර සහ ඩැසී සූරියආරච්චි යන දම්පතීන්ට දාව රතනසිරි නානායක්කාර නමින් මෙලොව ජනිත ව මූලික අධ්‍යාපනය ගමේ පාසලෙන් ලබා බද්දේගම කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාමාධිපති ව වැඩ විසූ බද්දේගම ශ්‍රී පඤ්ඤාසාරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවනේ පරිවේණාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යාය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අකුරටියේ ශ්‍රී අමරවංශාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස බද්දේගම සිරිරතන සාමණේර නමින් පැවිදි විය. හික්කඩුව නලාගස්දෙණිය ශ්‍රී සෝරත පිරිවනෙන් මූලික ධර්ම ශාස්ත්‍ර ග්‍රහණය කර උසස් අධ්‍යාපනය සඳහා 1975 දී කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් ව ගුරු සිසු දෙපක්ෂයේ ගෞරවයට පත්වෙමින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කළහ.
ඔක්තෝබර් 06 සඳුදා අ.භා 12.22 පුර පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17න් ගෙවේ. 06 සඳුදා සිල්
පසළොස්වක
ඔක්තෝබර් 06
අව අටවක
ඔක්තෝබර් 13
අමාවක
ඔක්තෝබර් 20
පුර අටවක
ඔක්තෝබර් 29
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]