|
මහරගම වාපිකාරාම විහාරය
කඨින චීවර පුණෝත්සවය නොවැම්බර් මස 01 සහ 02 වැනි දිනවල පැවැත්වේ. මේ හා
සමගාමීව 03 වැනි දින සත්සති පූජාවකි. 11 වන දා තිස්පෑතුනේ පරිත්‍රාණ ධර්ම දේශනාව 12
වැනි දා යුගාසන සූත්‍ර දේශනාව, සහ 31 දක්වා පැවැත්වෙන සත්සති, සම්බුදු වන්දනා සහිත
සුමධුර ධර්ම දේශනා වේ.
01 වැනි දින සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාවට සමගාමීව 02 වැනි දින කඨින වස්ත්‍රය
රැගත් සිරිවිසිතුරු පෙරහර අලුයම 6.00 ට විහාරස්ථානයට ගෙවැදීමට නියමිත ය. 02 වැනි
දින දහවල ශතාධික සංඝයා වහන්සේ විෂයයෙහි දක්ෂිණාවකි. රාත්‍රී 7.00 ට පොන්නිලව රතනපාල
නාහිමියන් විසින් පවත්වනු ලබන කඨිනානිසංස ධර්ම දේශනාවකි.
ගාමිණි ලියනගේ
කොබවක ශ්‍රී සුමනාරාම විහාරය
විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත කඨින පින්කම් මාලාව
01 සහ 02 දෙදින පැවැත්වේ. නොවැම්බර් මස 01 වැනි දින සවස 6.00ට ආශීර්වාද ගිලන්පස
බුද්ධ පූජා, බෝධි පූජා පින්කම් පැවැත්වේ.
01 වැනි දින දිවා කාලයේ දි කඨින වස්ත්‍රය රැගත් රන්සිවිගෙය සහිත රථය කොබවක ශ්‍රී
සුමනාරාම දායක බලසීමාවේ ගමන් කරන අතර, 02 වැනි ඉරු දින අලුයම 5.40ට කඨින වස්ත්‍රය
රැගත් පෙරහර කොබවක ශ්‍රී සුමනාරාමයට පැමිණීමට නියමිත ය. පෙරවරු 7.00ට කඨින වස්ත්‍රය
පූජා කිරීම. පෙ.ව. 11.00ට කඨින චීවරය සඟසතු කොට පූජා කිරීම සහ අර්ධ ශතාධික ගරුතර
මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.
මුලතිව් ගුරුකන්ද විහාරයේ
කඨින පින්කම
ඔක්තෝබර් මස 31 සහ නොවැම්බර් මස 01 වැනි දිනවල පැවැත්වේ. විහාරාධිපති, මිහිඳුපුර
රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සිදු කෙරේ. විහාරස්ථානය ආසන්නව
පිහිටා ඇති 10 වැනි සිංහ රෙජිමේන්තු යුද හමුදා කඳවුරේ සිට නොවැම්බර් මස 01 වැනි දින
පාන්දර කඨින චීවරය වැඩමවීමට නියමිත ය.
මෙම 31 වැනි දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව, පුල්මුඩේ අරිසිමලේ ආරණ්‍ය සංචිතයේ
ගරුතර ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන අතර නොවැම්බර් මස 01 වැනි දින පෙරවරුවේ
සංඝයා වහන්සේ විෂයයෙහි දානය පිරිනැමේ.
ගාමිණී ලියනගේ
මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය
කඨින මහා කුසලකර්මය හා ගැටමාන්නේ හේමාලෝක නාහිමි නව වැනි වර්ෂ පූර්ණ ගුණ සමරු
පින්කම් මාලාව මෙම 28 සිට පැවැත්වේ. රාත්‍රී 7.00 ධර්ම දේශනය , පොල්පිතිමූකලානේ
පඤ්ඤාසිරි හිමි, 29 රාත්‍රී 7.00 ධර්ම දේශනය මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි, 30
රාත්‍රී 7.00 ධර්ම දේශනය මිරහවත්තේ පඤ්ඤාසිරි නාහිමි, 31 රාත්‍රී 7.00 සත්බුදු
වන්දනා පින්කම කාව්‍ය විශාරද නවගත්තේගම සිරි සුගත හිමි, නොවැම්බර් 01 රාත්‍රී 7.00
ධර්ම දේශනය දියතලාවේ පියදස්සි හිමි, 02, ප.ව. 2.00 කඨින චීවරය රැගත් මහා පෙරහර, 02
රාත්‍රී 7.00 ධර්ම දේශනය ගොම්බද්දල දමිත හිමි, 03 අලුයම 5.00 කඨින චීවරය
විහාරස්ථානයට වැඩම කරවීම, 03 රාත්‍රී 7.00 බෝධි පූජාව අත්තනයාලේ වාචිස්සර හිමි, 04
රාත්‍රී 7.00 කාව්‍යමය ධර්ම දේශනය මහබුලන්කුලමේ ගුණරතන හිමි, 05 රාත්‍රී 7.00 ධර්ම
දේශනය නීතියගම චන්දිම හිමි, 06 රාත්‍රී 7.00ට කඨිනානිසංස ධර්ම දේශනය තලල්ලේ
චන්දකිත්ති හිමි
සංකල්ප විහාරය
පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම 17 සිට 29 දින
දක්වා පැවැත්වීමට උග්ගොඩ ධම්මින්ද නාහිමියන් කටයුතු යොදා ඇත. වස්සාන ධර්ම දේශනා
මාලාව 17 සිට එලමල්දෙණියේ සාරානන්ද, දොරලියද්දේ ධම්මවිනීත, අසපුවේ කඩවත විජිතවංශ,
ගොම්බද්දල දමිත, කැලණියේ ශාසනවංශ, කොටනෙලුවේ පුඤ්ඤානන්ද, මාවතගම පේමානන්ද, අගලකඩ
සිරිසුමන, තල්ලියද්දේ ධම්මවිනීත(කවි බණ), හිඟුරේ පඤ්ඤාසේකර, මොරවක ධම්මරතන
(කඨිනානිසංස ධර්ම දේශනය) යන හිමිවරුන්ගේ ධර්ම දේශනා රාත්‍රී 07.00 ට පැවැත්වේ.
උදෑසන 05.00 ට කිරි ආහාර බුද්ධ පූජාව සහ දහවල් සම්බුද්ධ පූජාව දිනපතා පැවැත්වෙන අතර
කඨින මහා පෙරහර 28 වැනි දින වීදි සංචාරය කර 29 වැනි දින දහවල් 75 නමක් විෂයයෙහි මහා
දානමය පින්කම පැවැත්වේ.
මොරටුව ශ්‍රී විදර්ශනාරාමය
මොරටුව, එගොඩඋයන, ශ්‍රී විදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේ 150 වැනි කඨිණ චීවර
පූජෝත්සවය මෙම 12 වැනි දා පැවැත්වේ. විහාරාධිපති මීරිගම සුගතනන්ද ස්වාමීන් වහන්සේගේ
අනුශාසනා සහිත ව පින්කම සංවිධාන කෙරෙන අතර එදින රාත්‍රී 7.00 ට කඨිනානිසංස ධර්ම
දේශනය පන්නිපිටියේ සමිතානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබේ.
ශ්‍රී විදර්ශනාරාම මූල මහා විහාරස්ථානය 1867 වර්ෂයේ වස් සමයේ දී අභිනවාරාමය යන
නමින් ආරම්භ වී ඇත. මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූල මහා
විහාරස්ථානයක් වන අතර, මෙහි මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා
පූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමී මහානායක මාහිමිපාණන් වහන්සේ 1885 වර්ෂයේ වස්
සමය ගත කර ඇත.
පැළෑඳගම ශ්‍රී සුධර්මාරාම විහාරය
වේවැල්වත්ත පැළෑඳගම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ කඨින මහා පින්කම මෙම 10 -11
දෙදින පැවැත්වේ. 10 වැනි දින රාත්‍රී 7.30ට තෙරුවන් නැමදීම, ගිලන්පස පූජාව, බෝධි
පූජාව ඇතුළු පින්කම් සිදු කෙරේ. |